
(ටී.කේ.ජී.කපිල )
රටපුරා ඇති නිදහස් වෙළෙඳ කළාප 14 ක සේවයේ නිරත වී සිටින 248,000 ක් වන සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට මෙවර අයවැයෙන් වැටුප් වැඩි වීමක් ලබා දෙන ලෙස බලකරමින් කටුනායක ඇවරිවත්ත නගරයේ අද(12 ) සවස උද්ඝෝෂණයක් ඇරැඹුහ.
වෙළෙඳ කළාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානය සහ අන්තර් සමාගම් සේවක සංගමය එක්ව සංවිධානය මෙය කර තිබුණි .
අදහස් දැක්වූ අන්තර් සමාගම් සේවක සංගමයේ උප සභාපති සහ වෙළෙඳ කළාප සේවකයින්ගේගේ ජාතික මධ්‍යස්ථානයේ කැදවුම්කරු ගාමිණී රත්නායක මහතා මෙසේ පැවසීය .
රජයේ සේවකයින්ට මෙවර අයවැයෙන් යම් වැටුප් වැඩි කිරීමක් ලබා දෙන බව ප්‍රකාශ කළ ද , නිදහස් වෙළෙඳ කළාප සේවකයින් ඇතුළු සමස්ථ පෞද්ගලික අංශයේ සේවකයින් හට වැටුප් වැඩි වීමක් සිදු කරන ලෙස ඉල්ලීමක් පමණක් ඉදිරිපත් වී තියෙනවා .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ඔහොම තමා 88/89 පටන් ගත්තේ
ඔය හදන්නේ ජවිපෙ තියෙන පෞද්ගලික ආයතනවල ජොබ් ටිකටත් කෙලින්න තමයි. මොකද පෞද්ගලික ආයතනත් පවත්වාගෙන යන්නේ අසීරුතාවයෙන් විදුලිබිල, ජලබිල වැඩියි.. නිෂ්පාදන ඉහළ නිසා දැනටමත් ගාමන්ට් වැසීයමින් තියෙන්නේ. එහෙම තිබියදී වැටුප් වැඩිවිමක් ඉල්ලීම හරහා ගන්නා වැටුපත් නැති කරගන්න තමයි ඔය වැඩවලින් වෙන්නේ... අයවැයෙන් රජයේ සේවකයින්ට වැටුපට දිමනාවක් එක් කළාට රජයට බැහැ පෞද්ගලික ආයතනවල මෙච්චර ප්‍රමාණයකින් වැටුප් වැඩි කරන්න කියලා ඇයවැයෙන් යෝජනා ඉදිරිපත් කරන්න. එහෙම බලපැම් කලොත් ඒ ආයතන වසාදමා ගියොත් කවුද ඒ ආයතනවල සේවය කරන අයට රැකියා දෙන්නේ? රජයට පුළුවන් ඉල්ලිමක් කරන්න විතරයි. ඒ ඒ ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩල හා හිමිකරුවන් තමයි. එහෙම දෙනවා නම් වැඩි කරන ප්‍රමාණය නැතුව රජයට බැ... මේ තියෙන තත්වය මත පෞද්ගලික ආයතනවල සේවකයින්ට වැඩිවිමක් ලැබේවි කියලා විශ්වාසය තබන්න අමාරුයි. ජනවාරියේ වැට් වැඩිවීමත් එක්ක ගත්තාම...
ඔය ලණුව කන්න එපා... මේ වෙලාවේ ඔය ආයතන ටිකත් වහලා ගියොත්, වැඩි වැටුප් නෙවෙයි, තියන එකත් නැති වෙනවා. ඔබට මීට වඩා වැටුපක් ඕනෙ නම්, එහෙම ගන්න තැනක් තිබේ නම් යන්න... දැනට වැඩකරන ආයතනය නෑ කියලා හිතලා... මහපාරට වැටුණාම ඔය සමිති ඇවිත් කන්න දෙන්නේ නෑ. කබලෙන් ලිපට වැටෙනවා. දෙන්න පුළුවන් දේ තමයි ඔය දීලා තියෙන්නේ. තියෙන ෆැක්ටරි ටික වට්ටන්න එපා කුහක දේශපාලනයට...