(අංජුල මහික වීරරත්න)
යාපනයේ කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බල ශක්ති පද්ධති ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
යාපනය අර්ධද්වීපයේ ඩෙල්ෆ් ,නයිනතිව් සහ අනලතිව් යන දූපත්වල පදිංචි කරුවන්ට විදුලිය සැපයීම ලබාදීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 11 ක ප්‍රදානයක් ශ්‍රී ලංකා රජයට සැපයීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව එළඹි අවබෝධතා ගිවිසුමේ කොන්දේසි අනුව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් ලංසු කැඳවා ඇත.
ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව එකී කොන්ත්‍රාත්තුව ඉන්දීය සමාගමක් වෙත ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මිනිස්සු දන්නවාද දන්නේ නැහැ.. මේ අති විශිෂ්ඨ විදියට කරන ආයෝජන ගැන. මරු වැඩේ කියන්නේ අදානිගෙන් අපේ රටේ හමන හුළඟින් නිපදවන විදුලි ඒකකයක් මිලට ගන්න වෙන්නේ රුපියල් 50 ගානේලු. එහෙම ගන්නවා කියලා ගිවිසුම් ගහලා නම් තියෙන්නේ මරු නේද? ඒ කියන්නේ තෙල් ගල් අගුරු වලින් නිපදවන විදුලියටත් වඩා වැඩි මිලටලු. අද දියවන්නාවේ ඒ ගැන ප්‍රශ්න කරනකොට කතාව හරි... ලොක්කා මුලදී මහා ඉහළින් පුනර්ජනනීය විදුලියක් ගැන ටෝක් ඒක දීලා ඒකකයක් අපිට ගන්න වෙන ගැන ඇහුවාම මොනවාද කෝෂ වගයක් ගැන වචන දෙක තුනක් කියලා පට් ගාලා මාරු වුණා. මදැයි නේද මේ සුපිරි මොළ ටික මේ රට දියුණු කරන්න වැඩ පිළිවෙලවල්... ඇත්තටම තත්වේ මෙහෙම නම් මේ දියවන්නා අල්මාරියේ ඉන්නේ ඇත්තටම කවුද? මොවුන් ගැන තවත් විශ්වාස කරන්න පුළුවන්ද?
හම්බන්තොට කරන්න තිබුනෙත් ඕවා තමයි .මේ බූරුවන්ට කට කැඩෙනකම්ම කිව්වා .ඒත් මුන්ට ඕනේ උනේ බොරු වැඩ .මුන්ගේ ගාන ගහ ගන්න .ඉදිරියේ දී .බල ශක්තිය තමයි .දියුණුව කියන්නේ
ඉන්දියාවේ 29 වන පරිපාලන දිස්ත්‍රික්කය.
දූපත් ටිකම දුන්නානම් ඉවරයිනේ ?
ලයිට් දීලා වතුරත් දුන්නට පස්සේ හොඳ ගානකට විකුනන්න පුළුවන් වෙයි නේද ?