
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ණය මුදලේ දෙවැනි වාරිකය වහාම ලබා දීමට එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය ඊයේ(12) ලබා දුන්නේය.
ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 337 ක මුදලක් දෙවැනි වාරිකය ලෙස ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අත්කර ගෙන ඇති ප්‍රගතිය සොයා බැලීම සඳහා එම අරමුදලේ නිලධාරීන් සිදු කළ පළමු සමාලෝචනය ඊයේ(12) විධායක කමිටුවට ඉදිරිපත් විය.
එහිදී ශ්‍රී ලංකාව ආධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබා තිබෙන ප්‍රගතිය පිළිබඳ සෑහීමකට පත් වන බවත් ඒ හේතුවෙන් දෙවන වාරිකය ශ්‍රී ලංකාවට ලබා දීමට අනුමැතිය ලබා දෙන බවත් විධායක කමිටුව ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ආයෙත් කට්ටියක් අරන සම්මේලනයකට උනත් යන්න පුළුවන් නේද ?
ඔය ටිකත් ඇති හැකි එවුන්ට අස්වැසුම සදහා ලබාදෙන්න කොටසක් නිකමුන්ට සමුර්ධි හැටියට දෙන්න අපි ඉතින් ණයට අරගෙන (ගිතෙල් කන අයනේ) කාල බීල ජොලියක් ගන්න අයනේ
මේ මුදල් අනුමත කරගනතෙක් පමණයි රජයට බදුගහන්න වෙන්නේ. IMF මුදල් සියල්ලම ගත්තාට පසු බදු බර අඩුකර සහන සලසාවී කියලා සිතෙනවා. ජෙප්පෝ බලයට ඇවිත් සහන සලසයි කියන එක අමු විහිළුවක්. පිටරට සඟවා තිබෙන මුදල් ගේනවා කියන එක ජෙප්පෝ අපිට පෙන්වන්නේ ගියා සේප්පුව ඇරිය ගෙනාවා වගේ. ඒවා අහන මැට්ටෝ ස්වයං වින්දනයක් ලබනවා, නැතිනම් මෝඩ චුන් එකක් ගන්නවා.
Bamunuarachchi- ගව සම්පත රටට ආඩම්බරයක් -සමුළුව 15- ඔයාට ආරධනා කරනව පලමු දේශනයට
IMF ලොක්කෙක් කියලා හිතෙනවා. දැනට බදු ආදායම් 8% යි කියලා ඒක 26% ක් වෙන්න ඕනලු... එහෙනම් අනෙක් වාරිකය ගන්න නම් තව තවත් බදු ගහලා, අස්වැසුම දීලා රටේ නිෂ්පාදන අඩාල කරන්න වෙනවා. ඊළඟට වෙන්නේ දැනට අත් හිටුවලා තියෙන ඔක්කෝම ණය ගෙවන්න වුණාම නිෂ්පාදන නැතුව රටේ ආදායම් අහිමිවෙලා රට විකුණනවා මිස වෙන කරන්න කිසිම දෙයක් නැහැ..