(අංජුල මහික වීරරත්න)
රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෙරට බන්ධනාගාරවල පවතින තදබදය දීර්ඝකාලීන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇතැයි රජය පවසයි.
එම ගැටලුවට පිළියමක් වශයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට, බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතුවල සැකකරුවන් සහ වැරැදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට නීති ප්‍රතිපාදන හඳුන්වාදීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.
එකී නිලධාරී කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව පදනම්ව යෝග්‍ය නීති හඳුන්වාදීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලකයින්ට හා ලොකු ලොක්කන්ට පමණක් නොවෙයි, මේ රටේ සියලුම වැරදිකරුවන්ට "බන්ධනාගාර රෝහල්" ගත වෙන්න කැබිනට් අනුමැතියක් ලබා ගන්න බැරි වෙයිද..?
තව මාස 08ක්, 09ක් ගතවෙනකොට, මහබැංකු හොරු, පාස්කු මොළකාරයෝ, කොමිස් ගහපු අය, එකපාරටම පොහොසත් වුණු අය ජේල් එකට යන්න වෙනවා. එම නිසා දැන්ම ඉඳන් ලෑස්ති වෙනවා වගේ ජේල් එකට යන්නේ නැතිව තමන්ගේ ගෙදරම ඉඳන් නීති හදාගන්න...!
තව මාස දහයකින් ලොකු පුටුවල ඉන්න ගොඩකට ප්රයෝජනවයත් වෙයි.
එතකොට හැම නිවාසයක් ගාවම පොලිස් කාරයෙක් තියන්න වෙනවා. ඒ නිවාසවලට පොලිස් ආරක්ෂාව ඉබේම ලැබෙනවා. කුඩුකාරයෝ ගෙදර ඉඳන්ම බිස්නස් කරාවි. මරේ මරු...!
දවල් මිගෙල් රෑ දනියෙල් වෙන්න පුළුවන් වේවි