(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුව සැලසුම් කරන බිලියන 1700 ක ආදායම ලබාගැනීම වෙනුවෙන් ජනවාරියේදී වැට් බද්ද සියයට 25 ක් දක්වා වුවද ඉහළ යා හැකි බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.
රජයට ආදායම් සොයාගැනීමට තිබෙන එකම ක්‍රමය වැට් බද්ද වැඩි කිරීම නොවන බැවින් ජනතාව ගැන සිතා ආණ්ඩුව වෙනත් ආදායම් මාර්ග පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් අත්තනායක මහතා කීවේය.
ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් ජනතාවගේ සාක්කුවට තට්ටු කිරීම අනුමත කළ නොහැකි බවත් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැට් වැඩි කරන්න වෙන්නේ ආණ්ඩුවේ සහන සේවා වෙනුවෙන් සියලුම සහනාධාර දීමනා නතර කරලා රාජ්‍ය ආයතන, පුද්ගලික අංශයේ කලමනාකරණයට යටත් කරලා ඒවාගෙන් එන ආදායමෙන් ක්‍රමිකව සහනාධාර දුන්නානම් මේ ප්‍රශ්නේ ඉවරයි.
තමන්ගේ පැවැත්මට පක්ෂ මාරු කරලා, අන්තිමට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැති කරගත්ත අනාථයෙක් රජයේ පැවැත්ම ගැන කියන කොට හිනා යන්නේ මට විතරද?
ගොන් හරකෝ ටිකක් හිතපන් මේ රජයේ ඉන්න ඇමතියෝ දන්නවා ලබන අවුරුද්දේ මැතිවරණයක් තිබෙනවා. ජනතාවට බදුබර පැටෙව්වොත් තව මාස ගණන කින් අපිව පයින් ගහලා දොට්ට දානවා කියලා .ඒක නොදැනද මේ බදු ඉහල දමන්නේ? නැහැ වෙන කරන්න දෙයක් නැති නිසා. ජනතාව අපිව එලියට දැම්මාවේ ඒකට කමක් නැහැ නමුත් මොකා මෙතන හිටියත් කරන්න වෙනදේ මේකයි.
තිස්ස කිව්වොත් පිස්සු කතාවක්ම තමා
අපොයි ඔව් .උඹලාගේ කාලේ ඒවා කලේ නෑනේ .දැන් බබා වෙන්න හදනවා
බදු හා වියදම් ගැන සතුටු නැහැ අනෙක් දේවල් ගැන සතුටුයි බදු ආදායම් 8% ක් අයකිරීම මදි 26% වෙන්න ඕන කියලා පීටර් බෲවර් IMF ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිළධාරි කියලා තියෙනවා ඉතින් ඒක නොකරාවි කියලා හිතන්න අමාරුයි