(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටියක් වටිනා ලැප්ටොප් පරිගණක , ජංගම දුරකථන සහ උපාංග ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් රැගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනකු ගුවන් තොටුපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන තිබේ .
මේ පිළිබඳ කොට්ඨාස බුද්ධි අංශය විසින් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත තොරතුරු ලබා දී තිබූ අතර මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ මග හැර මෙම භාණ්ඩ තොගය ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටියදී ගුවන් තොටුපොළ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු විශේෂ පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා සිය ගමන් මලු තුළ මෙම විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගය සගවා නොගෙන , ගුවන් තොටුපොළ භාණ්ඩ ප්‍රවාහනය සදහා ඇති " ට්‍රොලි " කරත්ත තුළ අසුරා ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණි බව ගුවන් තොටුපොළ පොලිසියේ ප්‍රකාශකවරයෙක් පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඩු එලියට ගෙනාපු විදිහ කියන විදිහටද සිද්ද උනේ? බඩු ගමන් මලු වල නොදමා ට්‍රෝලියේ හංගන්නේ කොහොමද? නැහැ ඇතුලේ සපෝට් එකක් තිබිල තිබෙන ව. බඩු ටික බෙදා ට්‍රෝලි කීපයක දමාගෙන පොටර්ලා මගින් green channel එකේ ආවද?