(ගයාන් සූරියආරච්චි )
අලින්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීමට මල්ලී ඇටවූ විදුලි රැහැනක පැටලී අයියා මියගොස් ඇතැයි මහව පොලිසිය පවසයි.
විදුලි රැහැන ඇටවූ බවට සැක කරන මල්ලි සහ නෑනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අඹන්පොළ වල් පාළුව ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
මහව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ජයසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක තිළිණ කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි. ඒත් අනුන්ට වල කපන්න එපා.. තමනුත් වැටෙන්න පුළුවන්.
Lumbini, රජය හැමදාම ජනතාවට වලවල් කප කපා වට්ටනවා හැබැයි රජය හොඳ යහතින් තියනවානේ .කිසි කෙනෙකුට කිසි කරදරයක් නැතුව