(අංජුල මහික වීරරත්න)
පූනකරි වැව මතුපිට ස්ථාපනය කිරීමට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
පූනකරි වැවේ සිට නව කිලිනොච්චි ග්‍රීඩ් උපපොළ දක්වා අවශ්‍ය සම්ප්‍රේෂණ රැහැන් මාර්ග ඉදිකිරීම ඇතුළුව සියයට සීයක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සහිත මෙගාවොට් සීයක සූර්ය බල ශක්ති බලාගාරයක් සංවර්ධනය කිරීම සඳහා යුනයිටඩ් සෝලර් එනර්ජි සමාගම විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගැනීමටත් ව්‍යාපෘතිය යෝජනාව ඇගැයීමට සහ බලශක්තිය මිලදී ගැනීමේ ගාස්තු තීරණය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීමටත් 2023-9- 11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහ ඊට අදාලව විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් තැබීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd