IMG-LOGO

2024 මැයි මස 07 වන අඟහරුවාදා


කොමිස් ගන්න බැරි නිසා විදුලි මණ්ඩලේ ’’හිරුට- සුළඟට’’ කැමති නෑ

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හිරුගෙන් සහ සුළඟින් කොමිස් ගන්නට බැරි නිසා සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම ඉංජිනේරුවන්ට අවශ්‍ය වන්නේ ගල් අඟුරු සහ තෙල් ගෙන්වන්නට බව කී ජනාධිපතිවරයා ඒවායින් කොමිස් ලැබෙන බවද සඳහන් කළේය.

ආයෝජන ප්‍රවර්ධන සහ තාක්ෂණ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

 

 



අදහස් (46)

කොමිස් ගන්න බැරි නිසා විදුලි මණ්ඩලේ ’’හිරුට- සුළඟට’’ කැමති නෑ

ජේ ආර් නානා Tuesday, 12 December 2023 07:38 PM

ඕවා මොනවා ද අනේ සමහර අය දිනන්න බැරි නිසා චන්ද වලට අකමැති යි නේ.

:       19       77

Rata Perata Tuesday, 12 December 2023 07:43 PM

ඔයා සාගල බලාගෙන ඉන්න. අපි මොනවාහරි කරන්න බලන්නම්...

:       1       10

Saman Tuesday, 12 December 2023 08:07 PM

දැන් එතකොට ජනාදිපති ඉන්ජිනේරුවොද. අනික ගල් අගුරු වලින් කොමිස් එක්ක යුනිට් එකකට යන්නෙ 22 නම් මොන මගුලටද 50 දීලා සෝලා ගන්නෙ.

:       12       68

Sk Tuesday, 12 December 2023 08:37 PM

මේ කතාව ඇත්ත

:       23       25

Chandee. Tuesday, 12 December 2023 08:49 PM

මෙම බොහෝ ඉන්ජිනේරුවන්, නිලධාරීන් විශ්වවිද්යාල කාලයේදී පාරට බැහැල සමාජවාදී අරගල කරනව ඉන් පිටවුනාට පසුව මුදල් යහමින් එක්ක කසාදයක් කරගෙන රට දාල වෙනරටක පදින්චියට යනව. තවත් සමහරු, චන්දෙන් පත්වන බොහෝ ඇමතිවරුන් ලඟ උපක්ක්‍රම ඇත්තෙම නැති නිසා ඔව්නට හොරකම්කරන හැටි, දුරාචාර කියාදී, පොලඹවා හොරකම්කර බෙදාහදාගන්නවා. ඔය ක්‍රමය බොහෝ ආයතනවල සිදුවෙන නිසා තමයි අපෙ ලන්කාවෙ සැමටම එකහා සමාන ජීවන තත්වයක් ලඟාකර ගතනොහැකි,ලන්කාවෙ සමස්ත ආදායම ඉහල නන්වා නොගතහැකි. මෙය විදුලි බල මන්ඩලයට විශේශයි. එය හොරගුහාවක්.

:       10       65

Nalaka Tuesday, 12 December 2023 09:09 PM

ලොක්කා අනුරගෙන් අහ ගත්තු ටික මේකේ දාන්නෙ නැද්ද..

:       50       89

Bamunuarachchi Wednesday, 13 December 2023 10:20 PM

අනුරයා කිය කිය ඉන්නවා රනිල් කරලා පෙන්වනවා වෙනස එකයි.

:       0       1

දිවි දෝෂය Tuesday, 12 December 2023 09:28 PM

මේවගෙ කාළකණ්ණි පිසාචයෙක් මේ රටට ජාතක කලේ කවුද ?

:       4       45

Surgeon Tuesday, 12 December 2023 10:21 PM

රටේ ජනපති හැටියට මේක නවත්වන්න බැරිද?

:       0       11

රංබොඩ Tuesday, 12 December 2023 11:16 PM

කතාව ඇත්ත. ඒව කියලා වැඩක් නෑ. අවශ්‍ය පියවර ගන්න ඕන.

:       10       21

G. K. Ekanayake Wednesday, 13 December 2023 12:30 AM

ජනාධිපතිතුමා කාලෙකට පස්සේ අත්තක් කීව. අතින් වියදම් කරලා ගෙදරට සෝලර් පැනල සවි කරලා CEB ග්‍රිඩ් එකට දීගන්න කොයිතරම් අමාරුද?

:       5       53

chandima Wednesday, 13 December 2023 01:10 AM

ඒ කියන්නේ ඒ ගොල්ලොත් හරියට රාජපක්ෂලා වගේමනේ ?

:       11       11

අරවින්ද මොනරවිල Wednesday, 13 December 2023 05:15 AM

පිනාගේ ඒ උත්තරයට අනුර කුමාර දුන්නා ප්‍රති උත්තරයක් ලොක්කට ඇදගෙන හිටිය කළිසමේ මල මුත්‍රා පහවෙන්නම, ඒ වගේ කතාවක් කරන්න පුළුවන් එකම මනුස්සයා ඔය පාර්ලීමේතුවේ අනුර කුමාර විතරමයි.

:       79       98

SAM Wednesday, 13 December 2023 06:22 AM

සූර්ය සහ සුළං විදුලි බලාගාර ඉදිකරනවාට විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් බොහෝ දෙනෙක් විරුද්ධත්වයට නොතකා රටේ ආර්ථිකයට සහ මහජනත්වගේ යහපතට සිදුවන් සියලු සංවර්දන කටයුතු දියත් කලයුතුවේ.

:       3       67

Bamunuarachchi Wednesday, 13 December 2023 06:48 AM

බලනකොට රටේ ජනාධිපති ඉංජිනේරු වන්ට යටත් වගේ. JR මාමා ගේ ඝට ඇත්තෙම නැහැ.JR හිටියානම් මොවුන්ගේ පැන්සෝන් එකටත් කෙලවල.

:       6       48

ranjith Wednesday, 13 December 2023 06:55 AM

බලපුවාම ඔක්කොම හොරු අපේ රටට දෙවියන්ගේ පිහිට පමණයි

:       0       36

අබිලින් Wednesday, 13 December 2023 07:27 AM

ඉතින් එහෙම අය මණ්ඩලයෙන් නෙරපා හරින්න බැරිද ඔවුන්ට විරුද්ධව අධිකරණයට ගොස් ඔවුන්ට දඩුවමක් දෙන්න බැරිද එහෙමත් නැත්නම් මණ්ඩලයේ කටයුතු සදහා නීතියක් පැනවීමට හැකියාව නැද්ද ආණ්ඩුවවේ සිටින පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතුවෙලා වහාම පියවරක් ගන්න එහෙමත් නොහැකි නම් ඔවුන්ගේ නම් ගම් ජාතිහිත්‍යශී ජනතාව වෙතට ලබාදෙන්න ආණ්ඩුවට බැරිනම් ජනතාවට ප්‍රශ්නය ඉදිරිපත් කර විසදුමක් සකසන්න කියලා ඉල්ලන්න.මණ්ඩලයේ පාලකයො එවුන් උනාට ඕවා ඉදිකලේ ජනතා මුදලින් කියලා මතක්කරන්න කැමතියි

:       0       48

de silva Wednesday, 13 December 2023 07:34 AM

අනිවාර්යයෙන්ම අදහස සමග එකඟ වෙනවා , වහල මත සවි කරන දෙමුහුන් සුර්ය කෝෂ පද්දති වලටත් ඉංජිනේරුවෝ කැමති නැහැ , එම පද්දති නිවාස වල වහල මත සවිකලොත් දිවකලේදී , නිවසට අවශ්‍ය විදුලිය ලබාගන්න පුළුවන් වෙන අතර , රාත්‍රී කාලෙට අවශ්‍ය විදුලිය බැටරි වල ගබඩා කරගන්න පුළුවන් , තව වැඩිපුර තිබෙන විදුලිය ප්‍රධාන පද්තියට එකතු කරන්න පුළුවන් , දැනට විදුලි මාෆියාව විසින් දමපු නීති නිසා රටේ සොලර් පවර් භාවිත කරන බොහෝ දෙනෙකු පරිහරණය කරන්නේ off grid ක්‍රමය , එම නිසා බැටරි සම්පුර්ණයෙන් ආරෝපණය වුන පසුව ජනනය වන විදුලිය අපතේ යනවා , නමුත් මගේ ප්‍රශ්නය රටේ විධායක ජනාධිපති වන ඔබට පුළුවන් දෙමුහුන් සුර්යකෝෂ පද්දති (hybrid solar systams ) වලට අවසර දෙන්න , ඔබ එවැනි විසදුමකට නොයන්නේ කිමද ? ඔබ කතාකරන්නේ ප්‍රශ්නය ගැන පමණි , විසදුම් නැත

:       2       91

Eranga Wednesday, 13 December 2023 07:34 AM

හරි ෂෝක්...එතකොට රටේ වැඩ වෙන්නෙ ඒ ඉංජිනේරුවන්ට ඕන විදියට ද? තමුන්නැහැලා ඉන්නෙ පඹයො වගේ බලන් ඉන්නද?

:       0       26

චන්දිම ෆොන්සේකා Wednesday, 13 December 2023 07:50 AM

අපි ඔය පාලිමේන්තු කතාව රුපවාහිනි නාලිකා වලින් දැක්කා. ඔය කියන මහා ලොකු සුලන් බලාගාර කියලා ආයෝජකයෝ ගෙන්න ගන්න ගිවිසුම් ගහන්නේ රටට සත පහක වාසියක් වෙන විදියට නෙමෙයි නේද? අන්තිමේදී වෙන්නේ අපේ රටේ සුලන් විදුලිය විපදවන්න පුළුවන් ඉඩම් ටික ඔය ආයෝජකයන්ට දීලා අපි විදුලිය ගන්න ගිවිසුම් ගහන්නේ තෙල් ගල් අඟුරු වලින් හදන විදුලියටත් වඩා වැඩි මුදලකට නේද? අනිත් අතට ඒ ආයෝජකයෝ ඒ විදුලිය අපේ රටින් පිටට විකුනන්නේ අඩු මුදලකට. එතකොට ඔවුන් අපිට බදු මුදලක් වත් දෙනවනම් ලැබෙන්නේ සොච්චමක් විතරයි අපේ රටට ලැබෙන්නේ. බොහොම අපුරුයි නේද ටයි කොට් මහත්තයලාගේ මොළ කෙරුවාව. ආයෝජන කරන්න ඕනි තමයි ඒත් වගේ අමන විදියටද ඔය විදියටද සිංගප්පුරුව ආයෝජකයෝ ගෙන්නාගෙන දියුණුවුණේ? ඒක තමයි කියන්නේ අපේ මෝඩ මිනිස්සු මොන දේ කළත් අන්තිමට රටට කිසිම යහපතක් වෙන්නේ නැති විදියටයි හැම දේම කරන්නේ කියලා. ඔය ගැන ප්‍රශ්න කරන කොට නොනවද කෝෂ වගයක් ගැන කියල ලොක්ක වාෂ්ප වෙලා ගිහින්. රටේ මිනිස්සු දැන ගන්න ඕනි මේවා.

:       31       56

Perera Wednesday, 13 December 2023 07:59 AM

කොමිස් ගත්තේ කවුද කියලා පාර්ලිමේන්තුවේදී තමුන්ගේ මූණටම කිව්වා ඇහුනේ නැද්ද ?

:       33       47

UPALI Wednesday, 13 December 2023 07:59 AM

රටේ ජනාධිපතිවරයා ලෙස ඔබේ යුතුකම කුමක්දැයි මම කල්පනා කරමි. දේශපාලන හේතූන් මත දූෂණයට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීම.....

:       1       40

Sajith Wednesday, 13 December 2023 08:20 AM

අතිගරු ජනාධිපතිතුමනි, ඔබ ඇමතිවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත්තා වගේ බුද්ධිමත්ව එම ලංවිම සේවකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්ද?

:       25       6

Pradeep Kumara Wednesday, 13 December 2023 08:48 AM

එතකොට සියල්ලම සිද්ද වෙන්නේ නිළධාරීන්ට උවමනා විදියටද? විධායක බලතල ඇති ජනාධිපති කෙනෙක් නේද මේ? ඔය ජානාධිපතිකම ළමයෙකුට දෙන්න මහත්තයෝ.

:       0       27

චන්දන Wednesday, 13 December 2023 01:35 PM

විධායක බලතල ඇති කිව්වාට සමහරක් දැනුමැති මිනිස්සු කිව්වේ අනුප්‍රාප්තිකව එන ජනාධිපති කෙනෙකුට විධායක බලතල හරියාකාරව කරන්න බැහැ කියලා නේද?

:       0       1

prasad wijesooriya Wednesday, 13 December 2023 08:56 AM

මෙහෙම්ම ඇනුර කුමාර කියපු කතාවත් දැම්මනම් හොඩයි නේද?

:       53       26

නිහාල් Wednesday, 13 December 2023 08:56 AM

ප්‍රවෘත්තියේ බාගයයි දාල තියෙන්නෙ .අනුර කුමාර කියපු ටෙන්ඩර් නැතිව සූර්‍ය බල විදුලිය දීපු කතාවයි, විදුලි ඒකකයක් විසිගනන් වලට තියන එක රු.පනහකට දෙන එකයි අදානිට ටෙන්ඩර් නැතුව දෙන කතාවයි දාල නෑ.

:       41       30

Latha Wednesday, 13 December 2023 09:03 AM

අඩු වියදම් ක්‍රමවලට යන්න නොදී කොමිස් කාක්කො කීප දෙනෙකුට කොමිස් ගහන්න මුලු රටෙම විදුලි බිල වැඩි කරනව නම් එම රටට ආන්ඩුවක් මොකටද?නේ

:       0       58

Janahitha Wednesday, 13 December 2023 09:10 AM

රට පලනය කරන්නෙ නිලදාරින්ද ? පාලකයන් මෙ පිටුපස සිට ඉන්නෙ

:       0       68

Sisiranath Wanniarachchi Wednesday, 13 December 2023 09:12 AM

සහතික ඇත්ත. ඉංජිනේරු මාපියාව තියනකන් ගැලවීමක් නැ

:       7       48

Nimesh Wednesday, 13 December 2023 09:14 AM

එතකොට නිකන් ලැබෙන සුර්ය බලයෙන් නිපදවෙන විදුලිය එකක 1ක් ගල් අඟුරු එකක් 1කට වඩා වැඩි මුදලකට මිලදිගන්න පිටරට් සමාගමක් එක්ක ඩිල් දාල තියෙන්නේ ඔයයි යාලුවෝ ටිකයි නෙමෙයිද ? අපිට පාර්ලිමේන්තුවෙන් ඇහුනේ එහෙම කතාවක්

:       53       25

Nimal Wednesday, 13 December 2023 09:30 AM

බෙහෙත් පෙත්තේ සිට ගුවන් යන දක්වා cකොමිස් ගැසූ, කැබින්ට්ටුවෙ සිටින කොමිස් කක්කන් ගෙන මොනවද කියන්නෙ?

:       26       15

An Anti-Commissioner Wednesday, 13 December 2023 09:37 AM

ජනාධිපති- ඇයි ඔය කෑදර මිනිස්සු විදුලිබල මණ්ඩලයෙන් අයින් කරන්නේ නැත්තේ? ඒ ගැන මිනිස්සුන්ට කියලා වැඩක් නැහැ.

:       1       50

Nalin Wednesday, 13 December 2023 09:39 AM

ඇත්ත

:       5       35

Rohana Wednesday, 13 December 2023 09:46 AM

එතකොට මේ රට පාලනයකරන්නේ විදුලිබල මණ්ඩලේ ඉංජිනේරුවන්ද? ඒකට තමයි මහජන ඡන්දයෙන් රටට ජනාධිපතිවරයෙක් හා මන්ත්‍රීමණඩලයක් පත්කරගන්නේ. විදුලිබල මණ්ඩලේට පාලනය බාරදීල ඒ අයගෙ උවමනාඑපාකම් සපුරන්න නොවේ රජයක් පත්කරගත්තේ. රටට අවශ්‍යදේ කිරීමටයි. ජනතාවට බදුබර පටවනකොටනම් කවුරු විරුද්ධවුනත් ඒක කරනවා. ඇයි යහපත් වැඩකට එවැනි කෙලින් තීරණ ගන්න බැරි?

:       1       52

රනිල් වික්‍රමසිංහ Wednesday, 13 December 2023 10:35 AM

මම ජනාධිපති වුනාට රටේ මහජනතාවගෙ චන්දෙන් පත්වුණ කෙනෙක් නොවෙයිනේ ,හොරු 134 දෙනෙක්ගේ චන්දෙන් පත්වුණ නිකම්ම නිකම් පිනෙක් විතරයි. මට ඔය ඉන්ජිනේරුවන්ව පෙන්නන්න බැහැ ,කාලකන්නි හැත්ත. මට පුළුවනි ඕකුන් දෙතුන් දෙනෙක් අස්කරලාම දාන්න, හැබැයි එතකොට උන් ස්ට්‍රයික් කරනවා,රටේම විදුලිය කපලාදානවා.එතකොට රටේ දැනට දුවන ආර්ථිකයත් කඩාගෙන වැටෙනවා.රටවැසියෝ පිස්සු වැටිලා මාව මරාගෙන කාවි.ඊයේ රෑත් අපි නිදාගන්න ගිහින් මමයි "සාගියි" මේ ගැන කතා කළා,එයාත් හරි බයයි ඔය ඉංජිනේරුවන්ට.මට වෙලාවකට හිතෙනවා මගේ පරම්පරාවේ නිජබිම වන ඉන්දියාවෙන් ඉංජිනේරුවෝ ටිකක් ගෙනල්ලා උන්ට මේ විදුලි කෙරුවාව බාරදීලා දැන් ඉන්න මාෆියාවට පයින්ගහලා එළවලාම දාන්න.මම මේ ගැන මෝදි අයියා එක්කත් කතාකරන්න බලාපොරොත්තුවෙනවා.වෙලාවකට මට හිතෙනවා ඔය ඉංජිනේරුවෝ දෙතුන් දෙනෙක්ව සුදුවෑන් වලින් උස්සලා බටලන්දට අරගෙන ගිහින් මස් කරන්න.ඕවා මට අලුත් දේවල් නොවෙයිනෙ.

:       1       44

දාස Wednesday, 13 December 2023 10:09 AM

මෙයා කියනව කොමිස් ගහන්න ඕන නිසාලු සුලං බල ව්‍යාප්තියට කැමති නැත්තෙ , තමුන්ට ලැජ්ජ නැද්ද මේ ගොන් කතා කියන්න , රට පාලනය කලේ විදුලි බල මංඩලේ එවුන්ද , ඇත්ත කතාව ඇමතියත් උන් එක්ක එකකුවෙලා දිගට හරහට හොරා කෑව ලොකු ම කොටස ඇමතියට , මෙයත් ඔය ආන්ඩුවල අගමැති එක්කො ඇමති . දැන් සුදන වෙන්න යන්නව තමුන් මුලිකවම වග කියන්න ඕන මේ රටේ තත්වෙ ගැන. අනුර කුමාර තමුන්ල කරපුව කිව්වෙ නියම විදියට නමුත් පත්තරේ මෙයාව නග්ගන්න මෙයා කියපු දේ විතරක් දැම්ම, අනුර දීපු උත්තරේ නැ. මෙයා කොහොමත් ජනතාවගෙ ජනාදිපති නෙමෙයි නේ මෙයා හොරු 131 නායකය නේ.

:       15       23

රනිල් වික්‍රමසිංහ Wednesday, 13 December 2023 11:26 AM

මම කොහෙවත් කියලා නැහැ මම ජනතාවගේ ජනාධිපති කියලා.රටේ ඉන්න පට්ටම පට්ට චවුරයෝ 134 තමයි මාව පත්කරගත්තේ.එක කොන්ත්‍රාත් එකක් ,ඒ හොරුටික හිරේ නොයවනබවට මම දිව්රා පොරොන්දුවෙලා ජනාධිපති ලේබල් එක ගහගත්තා.හැබැයි දැන් රටේ ජනතාව වැඩ කරන්න ඕනා මම කියන විදිහටයි.ඔව් ඔව් 88 89 මගේ වැඩ කිඩ අමතක නැතිව ඇතිනේ ? මම නිදාගෙන ඉන්න නරියෙක්.මාව අවුස්සාගන්න එපා.

:       0       13

Nilantha de silva Wednesday, 13 December 2023 10:14 AM

පිළිතුර සම්පූර්ණ වැරදියි...

:       19       1

Akila Wednesday, 13 December 2023 10:34 AM

ඒ වගේම කොමිස් ගහල එකක 1ක් රුපියක් 50 ගානේ ගන්න යන සුලන් විදුලියට අපි කැමති නැහැ , කවුද මේ අනුර කියපු සාගල කියන පුද්ගලයා ?

:       6       10

Kumara Wednesday, 13 December 2023 10:57 AM

මම කලිසම ඔලුවෙන් ගලවන නිසා තමයි නිතරම කලිසම උස්ස උස්ස ඉන්නේ.ඉස්සුවට වැඩක් නෑ කෙල්ලෝ මගේ යට කලිසමත් ගලවලා මම දන්නෙත් නෑ

:       25       14

Kazi Shajahan Wednesday, 13 December 2023 11:09 AM

ජනාධිපති තුමනි ,මුලින්ම තමාගේ ලංගම ගෝලයෝ වන වජිර ,සාගල වගේ අයත් හදාගන්නවද ?

:       5       16

රනිල් වික්‍රමසිංහ Wednesday, 13 December 2023 11:44 AM

සාගල ගැන කතාකරන්න ඔයා කවුද ? එයා මගේ ලඟම හිතවතිය, මගේ සුන්දරිය, මගේ පන !!!

:       0       20

දාසWednesday, 13 December 2023 01:34 PM

ඔවුන් හදන්න දෙයක් නැහැ... ඔවුන් ඇල් වතුරත් නිවලා බොන උපාසක අප්පුලා...! 

:       0       0

saman Wednesday, 13 December 2023 11:43 AM

සූර්ය බලය සුලං බලය එතරම් ලාභ නැහැ මේකත් එක විදිහක මාපියාවක්. UNP JVP 2015 සාම්පූර් බලාගාරය නවත්තපු නිසා තමයි රටට මෙතරම් බලශක්ති පිරිවැයක් දරන්න වෙලා තිබෙන්නේ.

:       5       138

AlfreadWednesday, 13 December 2023 03:55 PM

හොඳම වැඩේ තමයි ඔවුන් නවත්තපු සාම්පූර් විදුලි බලාගාරේ ගැන ඔවුන්ටම කතා කරලා පිළිගන්න සිද්ද වීම...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 468 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


සජිත්ට අනුරගෙන් අවසන් නිවේදනයක්
2024 මැයි මස 07 2057 0

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සලක


විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්ම ඇනහිටියි
2024 මැයි මස 07 641 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩවර්ජනය හේතුවෙන් මෙරට සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේම කටයුතු නතර වී ඇති බව විශ්වවිද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ ක


මහ බැංකුවට කෝටි සීයක පාඩුවක්
2024 මැයි මස 07 879 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (


වෙල්ගමට මැතිසබෙන් මාස තුනක නිවාඩුවක්
2024 මැයි මස 07 2138 0

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කළේය.


මෙරට නිල සංචිත ඩොලර් බිලියන පහ පනියි
2024 මැයි මස 07 1323 1

ශ්‍රී ලංකාවේ නිල සංචිත අප්‍රේල් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.43 දක්වා වැඩි වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (07) පැවැත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 546 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1994 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1764 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site