(අංජුල මහික වීරරත්න)
සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව අතර පවතින දේශපාලන, ආර්ථික සහ සමාජීය සබඳතා ශක්තිමත් කර ගැනීමට තමා කැපවී සිටින බව සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා (Lee Hsien Loong) සඳහන් කරයි.
පසුගිය අගෝස්තු මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංගප්පූරුවේ කළ නිල සංචාරය අතරතුර පැවැත්වූ ද්විපාර්ශ්වික සාකච්ඡා අගය කරමින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
දෙරට අතර පැවති ඵලදායී සාකච්ඡා වල සාධනීය ප්‍රතිඵල පිළිබඳව සිය අවංක කෘතඥතාව පළ කර ඇති අග්‍රාමාත්‍ය ලී සියෙන් ලොන්ග් මහතා දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති කැපවීම තවදුරටත් සහතික කරමින් නුදුරේදීම ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට අපේක්ෂා කරන බව ද සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 100 කට ලංකාවේ පාලනය බාරගන්නකෝ...!
කෝ ඉතින් ලියුම් එවනවා .නත්තල් කාඩ් එවනවා ,වෙසක් කාඩ් එවනවා විතරනේ .වැඩේට බහින කාලේ එද්දී මිනිස්සු ගහලා එලවලත් ඉවර වෙයි ?
වියදමත් අරන් ආවොත් හොඳයි. අපිටනම් දැන් සල්ලි නැ