
(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදී ඇති ආධාර වැඩසටහනේ බොහෝ කැපවීම් ශ්‍රී ලංකාව බදු සහ වියදම් ඉලක්ක හැර ඉටු කර ඇතැයි ජාතයන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් මහතා පෙන්වා දෙයි.
ආධාර වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන බවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව ලබාදී ඇති ණය මුදලේ දෙවන වාරිකය වන ඇමෙරිකා ඩොලර් 337ක පමණ මුදල වහාම ලබාදීමට විධායක කමිටුව අනුමැතිය දුන් බව ද ඒ මහතා කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ බදු ආදායම ඉතාමත් පහළ මට්ටමක තිබෙන බවත් එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3ක් බවත් පීටර් බෘෘවර් මහතා කීය.
නමුත් අනෙක් සංවර්ධනය වෙමින් පවතින රටවල බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 26ක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
රජයට අත්‍යාවශ්‍ය සේවා සැපයිම සඳහා බදු ආදායම ඉහළ නංවා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බවත් ඔහු සඳහන් කළේය.
එසේම ණය ප්‍රතිව්‍යවගත කිරීමේ දී චීනය මෙරට නිල ණය හිමියන්ගේ කමිටුවට පත්වීම අත්‍යාවශ්‍ය නොවන බවත් රහස්‍යභාවය ආරක්ෂා කිරිමේ කොන්දේසි මත චීන ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කොන්දේසිවල සාරංශය ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල ලබාදීමට නියමිත බව ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
IMF එකට ඕන ආණ්ඩුව ඩොග් ගාලා මරලා හරි සල්ලි හම්බ කරනවට .එකනේ වැට් වැඩි කරන්න කිව්වේ .ආණ්ඩුවට දැන් තියන එකම විකල්පය ජනතාවගේ බෙල්ල මිරිකන එක විතරයි .බැරි උනොත් ගෙදර ඩෝග් ලත් ටැක්ස් කරයි .මැති ඇමැතින්ගේ මොළ වලින් සල්ලි හොයන්න දන්නේ නැහැ නේ .ගොන් හැත්තක් නේ ඉන්නේ
අයියෝ ජෙප්පෝ අනාතයි වගේ නේ ....
බදු ගහලා ගහලා දැන්නම් සාමාන්‍ය ජනතාව හොඳටම අපහසුතාවයට පත් වෙලා ඉන්නේ. මේවා කොතනකින් කෙළවර වෙයිද ? ඉස්සර සුද්දා ගැහුවා වගේ කිරි බද්ද , බලු බද්ද වගේ ඒවත් ගෙනෙයිද ? ණය ගත්තම එයාලා කියන කියන එක කරන්න වෙනවා. රජයට ආදායම ඕන.නමුත් මහජනතාව ට පීඩනය දරන්න බෑ දැන්
මම මේක එකපාරකුත් කිව්වා. පොළියට ණය ගන්නකොට ජෙප්පෝ අනාථයි කියන අපතයින් තව ඉන්නවා. ජෙප්පෝ විතරක් නෙවෙයි සමස්ත ජනතාවම අනාථයි. මොකද ඔය ණය ගෙවන්නේ ජෙප්පොද?
ආසියාවේ ආශ්චර්යය..!
බදු වැඩිකරනවට වඩා බදු එකතු කිරීමේ යාන්ත්‍රණය නිවැරිදිව සකස් කිරීම සහ විශේෂයෙන් මහාපරිමාණ බදු වංචාකරුවන්ගේ හිග බදු අයකිරීම සහ ආණ්ඩුවේ සහ රාජ්‍ය සේවයේ වියදම් සහ නාස්තිය පාලනය කිරීම වඩා සාර්ථක ක්‍රමයක්. ඊට අමතරව ජනතාව මත බර නොපවටන රජයට ආදායම් ඉපැයීමේ වෙනත් ස්තිර සහ ස්තාවර ආදායම් උත්පාදන ක්‍රම (ලාභ ලඛන ආයතන විකිණීම වැනි ගොන් වැඩ නෙවෙයි ) ගැන සොයාබැලිය යුතුයි, කඩා වැටී ඇති පුද්ගලික ව්‍යාපාර සහ අපනයන ව්‍යාපාර ජාලය යලි සක්‍රිය කල හැකි ආකාර සොයා බැලිය යුතුයි. නමුක් මම හිතන්නෙ නැහැ තම අසාර්ථකකම වසර ගණනාවක් තිස්සේ ඔප්පු කර ඇති පුද්ගලයන්ගෙන් සැදුම්ලත් ආණ්ඩුවකට මෙය කල හැකියි කියලා