
(එම්.සුසිල් පියන්ත)
රිය අනතුරක් සිදු කොට පලායාමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා රැගෙනවිත් සිටියදී පොලිස් ස්ථානයේ ජල නළයක් කඩා සිර මැදිරි පිහිටා ඇති ප්‍රදේශයම ජලයෙන් යටවීමට සලස්වා පොලීසිය තුළ යකා නැටූ ලංකාවේ ප්‍රසිද්ධ කල් බදු ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියෙකු අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
සැකකරුගේ මුවින් මත් පැන් ගද වහනය වෙමින් තිබූ නිසා ඔහු බීමතින් සිටියේදැයි පරීක්ෂා කිරීමට සැරසුණු අවස්ථාවේදීත් ඔහු එය පතික්ෂේප කළ බවත් ඒ සදහා පරීක්ෂාවට බලපිටිය රෝහලට ගෙන ගිය අවස්ථාවේදීත් සැකකරු වෛදයවරයාට එම පරීක්ෂාව සිදු කිරීමට ඉඩ නොතබමින් රෝහලේද යකා නැටූ බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩදී සැකකරු පදවාගෙන ගිය ජීප් රථය මහ මග ගමන් ගත් මෝටර් රථයක ගැටී ඇති බවත් මේ රිය අනතුරින් පසු සැකකරු තමා පදවාගෙන ගිය ජීප් රථය නොනවත්වාම සිය නිවස දක්වාම පදවාගෙන ගොස් ඇති බවත් පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුගේ විධායක නිලධාරී කම අදාළ ආයතනයට පමණයි පොලිසියට , ඉස්පිරිතාලෙට අදාළ නැහැ කියලා මුට දෙකක් ඇනල පොලිසියට කියලා දෙන්න බැරි උනාද?