IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මව සමග ගමන් ගත් සිසුවිය පැහැර ගනී

(ලක්මි කුඩලිගම)

පෞද්ගලික උපකාරක පංතියකට ගොස් මව සමග නිවෙස බලා යමින් සිටි සිසුවියක ඇගේ පෙම්වතා බව කියන තරුණයකු මවට පහරදී සිසුවිය පැහැරගත් බවට  පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මතුගම පොලිසිය පවසයි.

සිසුවිය හොරණ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බවත්, ඇය සමග මතුගම ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංතියකට ගොස් එමින් සිටීයදී තවත් පුද්ගලයකු සමග ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකරු දියණියගේ අතින් ඇද ත්‍රීරෝද රථයට නංවාගෙන ගිය බව මව පොලිසිය කියා ඇත 

එම අවස්ථාවේ පැමිණිලිකාරිය ද ත්‍රිරෝද රථයට නැගීමට උත්සාහ දරා ඇති අතර , සැකකරු ඇයට පා පහරක් එල්ලකර  පලාගොස් ඇති බව ද  ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත්  සදහන්වන බව පොලිසිය කියයි.

සැකකරු සහ පැහැරගැනීමට යොදාගත් ත්‍රීරෝද රථයද හදුනාගෙන  ඇත. 

 



අදහස් (3)

මව සමග ගමන් ගත් සිසුවිය පැහැර ගනී

රංබොඩ Wednesday, 13 December 2023 11:36 PM

⁣මේ ලෝකය හැදිලා තියෙන්නෙ මව් කිරෙන් සහ හිරු එළියෙන් කියලි ගොර්කි කිව්වේ . මවට පයින් ගහපු තිරිසනා දුවව රකියිද ? මොවුන්ට දඬුවම් නොදී මේ රට හදන්න බෑ.

:       0       12

Shan Thursday, 14 December 2023 11:00 AM

මේ ආරංචියේ හැටියට නම් කෙල්ල පැනලා යන්න සැලසුම් කළා වගේ. ඇය සමහර විට මම ඇගේ පෙම්වතාට වේලාව ගැන පණිවිඩයක් එවිය හැකිය

:       0       6

බකමීගොල්ල Thursday, 14 December 2023 03:07 PM

මේ අම්මා මොකටද ත්‍රීවීල් එකට නගින්න ගියේ... කෙල්ල විතරනේ පැහැරගෙන යන්න ඇවිත් තියෙන්නේ... මේ දෙන්නා කතාවෙලා හිටියාද දන්නේ නෑ පැනලා යන්න. බලාපොරොත්තු නැති විදියට අම්මා මෙතැනට සෙට් වෙන්න ඇති... අම්මට පා පහරක් ගහපු එකෙන්ම තේරෙනවා බැණාගේ හැදියාව. ඊ ළඟ පහර කෙල්ලට වදින්නේ අම්මාගෙන් බීපු කිරි මතක් වෙන්න. එතකොට එන්නෙත් අම්මා හොයාගෙන. පුදුම ලෝකයක් මේක අප්පේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site