IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෝටි හතක් සමග සුපිරි හෝටලයෙන් ඇල්ලූ අට දෙනාට ඇප

(විමුක්ති එස් රුද්‍රිගු)

කොල්ලුපිටියේ සුපිරි හෝටලයකදී රුපියල් හත් කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක් සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා එක් එක් සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(13) නියෝග කළේය.

එම මුදල් ළඟ තබාගෙන සිටි සැකකරුවන් සේවය කළ සමාගමේ අධ්‍යක්ෂකවරයා 9 වැනි සැකකරු ලෙස නම් කිරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවසර ලබා දුන් අතර 9 වැනි සැකකරුද ලක්ෂ 10 ක ශරීර ඇපයක් මත නිදහස් කිරීමට මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

එසේම 9 වැනි සැකකරුට ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

නඩු භාණ්ඩ වශයෙන් අත් අඩංගුවට ගත් රුපියල් හත් කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක මුදල, ගමන් ගත් වාහන දෙක සහ මුදල් ගනින යන්ත්‍රය නැවතත් සමාගමට මුදා හරින ලෙසද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

එසේම විත්තිකාර සමාගම අතුරුදන් වී ඇතැයි පවසන දෙලක්ෂ පනස් දහසක මුදල පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් සිදුකරන ලෙසද මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

 



අදහස් (1)

කෝටි හතක් සමග සුපිරි හෝටලයෙන් ඇල්ලූ අට දෙනාට ඇප

Prabha Wednesday, 13 December 2023 07:27 PM

හුටා... එතැනින් දෙකහමාරකට පොලිසියේ අයියලා වැඩේ දීලා වගේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site