IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයි

(රන්ජන් කටුගම්පොළ)

මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු හමුදා සෙබළකු නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන අමානුෂික වද බන්ධනයට ලක් කිරීමෙන් ඹහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිවයුතු එවකට මිරිහාන ප්‍රදේශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් හමුදා සෙබළාට ගෙවන ලෙසට නියෝග කළේය.

ඊට අමතරව රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක් පෙත්සම්කාර හමුදා සෙබළාට ගෙවන ලෙස ද රජයට නියෝග කළේය.මෙම තීන්දුවේ පිටපතක් නීතිපතිවරයාට සහ ජාතික පොලිස් කොමිසමට යවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අධිකරණයෙන් නියෝග කෙරිණ.

මිල්ලව රංජිත් සුමංගල මහතා විසින් ගොනුකොට තිබූ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරී බණ්ඩාර, හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අජිත් වනසුන්දර එවකට එම ප්‍රදේශය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විසනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය.

පෙත්සම්කරු යුද හමුදාවේ හිටපු සෙබළෙකි 2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් ත්‍රීවීල් රථයකින් පැමිණ පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන ප්‍රදේශයේ කනත්තක් වෙත රැගෙන ගොස් ඇත.

එහිදී හමුදාවෙන් රැගෙන ආ ආයුධ සම්බන්ධයෙනුත් විවිධ සොරකම් සම්බන්ධයෙනුත් ප්‍රශ්න කර ඇත. මිරිස් ගෝනියක් ඔලුවේ දමා පහර දෙමින් පෙත්සම්කරුගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.

පසුව මිරිහාන පොලිස් ස්ථානයට පෙත්සම්කරු රැගෙන ඇවිත් ඇති අතර එවකට ප්‍රදේශයේ භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණ පෙත්සම්කරුව නිරුවත් කර ඔහුගේ ලිංගේන්ද්‍රයට සිද්ධාලේප ආලේප කරන ලෙසටද නියෝග කොට ඇත.

 



අදහස් (18)

වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයි

Sachith Thursday, 14 December 2023 12:58 PM

පොලිස්පති වෙන්න සුදුසුකම් සපුරනවා වගේ

:       4       71

C.K.Lankaputhra Thursday, 14 December 2023 01:09 PM

මෙතුමා දේශපාන ලොක්ක කිවුවොත් මුලු රටේම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උනත් උල්ලන්ගනය කරන ජාතියේ කෙනෙක්.

:       4       92

රට පෙරට Thursday, 14 December 2023 02:12 PM

රජයේ නිළධාරියෙක් දඩයකට ලක් වුනොත් ඔහුට සේවයේ යෙදීමට අවසරයක් නැහැ කියලා හිතෙනවා අපි බලමු මේ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ තීරණය මොකක්ද කියලා

:       4       54

Lankaputha Thursday, 14 December 2023 02:28 PM

ගුටිත් කාලා වන්දිත් දීපු එකම පොලිස්පති

:       0       54

wedageThursday, 14 December 2023 03:05 PM

වන්දි තවම දීල නෑ වන්දි ගෙවන්නයි කියල විතරයි.

:       0       24

ජේ.ජේ.අනෝමාThursday, 14 December 2023 07:49 PM

අනිවාරයෙන්.වන්දි.ගෙවිය.යුතුයි.වැරද්දක්.කලොත්.කව්රුවු.උනත් වැරැද්ද.වැරැද්දමයි

:       0       3

SUGATH Thursday, 14 December 2023 02:42 PM

ගෝල්ෆේස් අරගලයට ගහපු වෙලාවේ මෙයා හැසිරිච්ච හැටි විලි ලැජ්ජයි. පොලිස් ඉතිහාසයේම නැතිව ඇති මේ වගේ නින් දිත ආකාරයට ක්‍රියා කරපු පොලිස්පති වරයෙක්.

:       4       57

චන්දිම Thursday, 14 December 2023 02:45 PM

උසාවියක වැරදි කරුවකු වි දඬුවම් ලැබූ අයකුට පොලිසියේ කොස්තාපල් තනතුරකටවත් බඳවා ගන්නේ නැහැ නේද? එතකොට මෙතුමාට පොලිසියේ ඉහලම තනතුර දරන්න මේ රටේ නීතියේ ප්‍රතිපාදන තියෙනවද? මන්දන්නේ නැහැ කියන්න මේක ශ්‍රීලංකාව නිසා මහා අමුතු දේවල් වෙනවා. මතකද උඩුගම්පොලට ජේ ආර් සලකපු විදිය. හැබැයි ජේ ආර් ට නම් එදා නීතියක් තිබුනේ නැහැ හිතුනු දේ කොරා. ඒ කාලේ මිනිස්සුත් ඒවා ගැන කතා කොරන්න ගියේ නැහැ බයට. දැන් රටේ මිනිසුන් එදාට වඩා දියුණුයි.

:       0       46

Neville Rajapathirana Thursday, 14 December 2023 02:55 PM

මානව හිමිකම් කඩ කල රාජ්‍ය සේවකයෙක්ට විරුද්ධව අදාල ආයාතනය විනය ක්‍රියා මාර්ග ගත යුතුයි. එබැවින් මොහුව වැඩ බලන පොලිස්පති ධූරයෙන් පහකර සේවය අහිටුවා මොහුට විරුද්ධව පරික්ෂණයක් ආරම්භ කල යුතු නමුත් පිනා කපුටාට බය නිසා එහෙම දෙයක් වෙන්නේ නැහැ.

:       0       39

පිටරැටියා Thursday, 14 December 2023 03:08 PM

වැඩ බලන පොලිස්පතිකමට වත් සුදුසු නැති කෙනෙක්.දේසපාලුවන්ට කඩේ යෑම තමා එකම සුදුසුකම.

:       1       39

dayananda Thursday, 14 December 2023 03:14 PM

කලින් හිටිය මිනිහානම් පොල්ම පිති මිනිහම ගියා ඇතියයි මිනිහටම හිතී දැන් ඉන්නා එකාගේ ජඩ සක්කිලිම ගතී අලස් රනිල් සාගලටම කැපෙනු ඇති

:       0       13

hashitha Thursday, 14 December 2023 03:22 PM

එක ඉදිරියට පොලිස්පති වෙන්න සුදුසුකමද?? බල්ලට ගිය පොලිසිය. වෙන කෙනෙක් මෙහෙම නිතිය ඉදිරියෙ වැරඩි කරුවකු වුනොතින් මොකක්ද ගන්න පියවර??

:       0       20

Deepal Nirosh Thursday, 14 December 2023 03:44 PM

ගැටළුවක් නැහැ සර්, වැඩ බලන තනතුරේ ස්ථිර කිරීම සඳහා අනිවාර්ය සුදුසුකමක් සම්පූර්ණ කළා කියල හිතාගමු. දැන් අද හෙටම සේවය ස්ථිර වෙනවා.

:       0       24

ලසන්ත Thursday, 14 December 2023 03:46 PM

පොලිසියේ ඉක්මනට ඉක්මනට ඉහලට ගිය බොහෝ අය ගැන හොයලා බැලුවොත්, ඒ ඔක්කොම ඔයවගේ තමයි. එකවල්ලේ කුරෝලු වෙච්ච කලටි.

:       0       23

ජේ ආර් නානා Thursday, 14 December 2023 03:48 PM

ජනතාවාදී අදහස් වලට ඩිස්ලයික් දාන සෙට් එක අද නිවාඩු වගේ. නැත්නම් සිරිකොතෙන් ඒ අයට පඩි හම්බෙලා නැද්ද දන්නේ නැහැ

:       0       21

HELAYA Thursday, 14 December 2023 04:39 PM

කාටත් අමතක වෙලා... අපි ඉන්නේ ඉන්දියන් සාගරේ... අමුතු ඇටේ කියලා... ! 

:       0       2

Perera Thursday, 14 December 2023 11:50 PM

ලංකාවේ අපරාධ කාරයෝ පාලනය කරන රටක්...! මොවුන් හූරන් කාපුවායින් ලක්ෂ 5 ගෙවන එක සොච්චමක්...!

:       0       2

Nisha Friday, 15 December 2023 08:29 AM

මෙහෙම මන්ද බුද්ධිකයෙකුටද පොලිස්පති කම දුන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1206 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1288 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 547 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1001 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3152 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 9950 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1045 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 251 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site