
(රන්ජන් කටුගම්පොළ)
මිරිහාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු හමුදා සෙබළකු නීතියට පටහැනිව අත්අඩංගුවට ගෙන අමානුෂික වද බන්ධනයට ලක් කිරීමෙන් ඹහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වගකිවයුතු එවකට මිරිහාන ප්‍රදේශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් හමුදා සෙබළාට ගෙවන ලෙසට නියෝග කළේය.
ඊට අමතරව රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක් පෙත්සම්කාර හමුදා සෙබළාට ගෙවන ලෙස ද රජයට නියෝග කළේය.මෙම තීන්දුවේ පිටපතක් නීතිපතිවරයාට සහ ජාතික පොලිස් කොමිසමට යවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට අධිකරණයෙන් නියෝග කෙරිණ.
මිල්ලව රංජිත් සුමංගල මහතා විසින් ගොනුකොට තිබූ මෙම නඩුවේ වග උත්තරකරුවන් ලෙස මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරී බණ්ඩාර, හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි අජිත් වනසුන්දර එවකට එම ප්‍රදේශය භාරව සිටි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
කුමුදුනි වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු විසනිසුරුවරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය.
පෙත්සම්කරු යුද හමුදාවේ හිටපු සෙබළෙකි 2010 වසරේ දෙසැම්බර් 18 වැනිදා මිරිහාන පොලිසියේ පොලිස් නිලධාරින් පිරිසක් ත්‍රීවීල් රථයකින් පැමිණ පෙත්සම්කරුව අත්අඩංගුවට ගෙන ප්‍රදේශයේ කනත්තක් වෙත රැගෙන ගොස් ඇත.
එහිදී හමුදාවෙන් රැගෙන ආ ආයුධ සම්බන්ධයෙනුත් විවිධ සොරකම් සම්බන්ධයෙනුත් ප්‍රශ්න කර ඇත. මිරිස් ගෝනියක් ඔලුවේ දමා පහර දෙමින් පෙත්සම්කරුගෙන් මෙම ප්‍රශ්න කිරීම සිදුකර ඇත.
පසුව මිරිහාන පොලිස් ස්ථානයට පෙත්සම්කරු රැගෙන ඇවිත් ඇති අතර එවකට ප්‍රදේශයේ භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පැමිණ පෙත්සම්කරුව නිරුවත් කර ඔහුගේ ලිංගේන්ද්‍රයට සිද්ධාලේප ආලේප කරන ලෙසටද නියෝග කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති වෙන්න සුදුසුකම් සපුරනවා වගේ
මෙතුමා දේශපාන ලොක්ක කිවුවොත් මුලු රටේම මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උනත් උල්ලන්ගනය කරන ජාතියේ කෙනෙක්.
රජයේ නිළධාරියෙක් දඩයකට ලක් වුනොත් ඔහුට සේවයේ යෙදීමට අවසරයක් නැහැ කියලා හිතෙනවා අපි බලමු මේ වෙනුවෙන් රාජ්‍ය සේවා කොමිසමේ තීරණය මොකක්ද කියලා
ගුටිත් කාලා වන්දිත් දීපු එකම පොලිස්පති
ගෝල්ෆේස් අරගලයට ගහපු වෙලාවේ මෙයා හැසිරිච්ච හැටි විලි ලැජ්ජයි. පොලිස් ඉතිහාසයේම නැතිව ඇති මේ වගේ නින් දිත ආකාරයට ක්‍රියා කරපු පොලිස්පති වරයෙක්.
උසාවියක වැරදි කරුවකු වි දඬුවම් ලැබූ අයකුට පොලිසියේ කොස්තාපල් තනතුරකටවත් බඳවා ගන්නේ නැහැ නේද? එතකොට මෙතුමාට පොලිසියේ ඉහලම තනතුර දරන්න මේ රටේ නීතියේ ප්‍රතිපාදන තියෙනවද? මන්දන්නේ නැහැ කියන්න මේක ශ්‍රීලංකාව නිසා මහා අමුතු දේවල් වෙනවා. මතකද උඩුගම්පොලට ජේ ආර් සලකපු විදිය. හැබැයි ජේ ආර් ට නම් එදා නීතියක් තිබුනේ නැහැ හිතුනු දේ කොරා. ඒ කාලේ මිනිස්සුත් ඒවා ගැන කතා කොරන්න ගියේ නැහැ බයට. දැන් රටේ මිනිසුන් එදාට වඩා දියුණුයි.
මානව හිමිකම් කඩ කල රාජ්‍ය සේවකයෙක්ට විරුද්ධව අදාල ආයාතනය විනය ක්‍රියා මාර්ග ගත යුතුයි. එබැවින් මොහුව වැඩ බලන පොලිස්පති ධූරයෙන් පහකර සේවය අහිටුවා මොහුට විරුද්ධව පරික්ෂණයක් ආරම්භ කල යුතු නමුත් පිනා කපුටාට බය නිසා එහෙම දෙයක් වෙන්නේ නැහැ.
වැඩ බලන පොලිස්පතිකමට වත් සුදුසු නැති කෙනෙක්.දේසපාලුවන්ට කඩේ යෑම තමා එකම සුදුසුකම.
කලින් හිටිය මිනිහානම් පොල්ම පිති මිනිහම ගියා ඇතියයි මිනිහටම හිතී දැන් ඉන්නා එකාගේ ජඩ සක්කිලිම ගතී අලස් රනිල් සාගලටම කැපෙනු ඇති
එක ඉදිරියට පොලිස්පති වෙන්න සුදුසුකමද?? බල්ලට ගිය පොලිසිය. වෙන කෙනෙක් මෙහෙම නිතිය ඉදිරියෙ වැරඩි කරුවකු වුනොතින් මොකක්ද ගන්න පියවර??
ගැටළුවක් නැහැ සර්, වැඩ බලන තනතුරේ ස්ථිර කිරීම සඳහා අනිවාර්ය සුදුසුකමක් සම්පූර්ණ කළා කියල හිතාගමු. දැන් අද හෙටම සේවය ස්ථිර වෙනවා.
පොලිසියේ ඉක්මනට ඉක්මනට ඉහලට ගිය බොහෝ අය ගැන හොයලා බැලුවොත්, ඒ ඔක්කොම ඔයවගේ තමයි. එකවල්ලේ කුරෝලු වෙච්ච කලටි.
ජනතාවාදී අදහස් වලට ඩිස්ලයික් දාන සෙට් එක අද නිවාඩු වගේ. නැත්නම් සිරිකොතෙන් ඒ අයට පඩි හම්බෙලා නැද්ද දන්නේ නැහැ
කාටත් අමතක වෙලා... අපි ඉන්නේ ඉන්දියන් සාගරේ... අමුතු ඇටේ කියලා... !
ලංකාවේ අපරාධ කාරයෝ පාලනය කරන රටක්...! මොවුන් හූරන් කාපුවායින් ලක්ෂ 5 ගෙවන එක සොච්චමක්...!
මෙහෙම මන්ද බුද්ධිකයෙකුටද පොලිස්පති කම දුන්නේ