
(නිමල් ජයරත්න)
දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ආ දෙමළ ජාතික පෙරමුණේ නායක, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට එම ගම්මානයේ පිරිසක් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙති.
අද පෙරවරුවේ පැමිණි මන්ත්‍රීවරයා ගමනට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර පැය එකහමාරකට ආසන්න කාලයක් වලමණ්ඩිය පාලම අසල රැඳී සිටි මන්ත්‍රිවරයා ගම්වාසීන්ගේ හූ හඬ මධ්‍ය ආපසු හැරී ගියේය.
මෙම විරෝධයට මඩ කලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටිති. සිද්ධිය සැල වූ වහාම කරදියනාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී ඇත.
ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණි ඇති බවට ගම්වාසීහු චෝදනා කරති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නායකයන්ට කොන්ද පන නැහැනෙ, උන් යුද්දෙන් පැරදිලත් මෙ මිනිස්සු එලවල එ ප්‍රදේශත් අත්පත් කරගන්න වැඩපිලිවෙල කරගෙන යනව. කෝ යාපනෙ හිටපු සිංහල මිනිස්සු ?
පාලකයාගේ ගෝලයෝ තමයි. තමන්ට බලයේ රැඳී සිිටීම සඳහා සමස්ථ ජාතියම වුවත් පාවා දෙන්න ඔවුන් සූදානම්. ජනතාබලය ඊට උඩින්.... සිංහලයාට ඒ පැතිවල කරන අඩුු සැලකිලිවල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙයි කාටත්...
අපේ පජාති සිංහලයින් වැඩ කරන්නේ තමන්ගේ වාසියට විතරයිනේ. ඔවුන් ළඟ විතරයි මහලොකු සංහිඳියාව. මුස්ලිම්, දෙමළ ඔවුනොවුන්ගේ ජාතියට වැඩ...!
ජෙප්පන්ට හරි, පෙරෙට්ටන්ට හරි රට ගියොත් සිංහලයට දෙවිපිහිටයි..!
මෙන්න මේ සිවුරු ඇඳගෙන පිස්සු නටන ජාතිවාදේ අවුස්සන රාජපක්ෂලාගේ සුරතලාව වහාම අත්අඩංගුවට ගතයුතුයි.
රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් ඉටුකරන මේ ජාතිවාදීන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
නරින්ට ඉතින් හූ කියනවා හැර වෙන මොනවාද කරන්න පුළුවන්...? නරි හිතාගෙන ඉන්නේ සිංහයෝ කියලනේ... ඒකයි තියන ගැටළුව..! හැබැයි ඔය නරි රැල, රජා වගේ වැජඹෙන පිල්ලෙයාන් මහත්තයාට නම් මීක් කියන්නේ නැහැ... පුළුවන් නම්, එතුමාට එක නරි හූවක් තියලා පෙන්වපල්ලාකෝ...!
දැන් චණ්ඩි පාර්ට් දැම්මාට ඔය දබරැගිල්ල දික් කරගෙන ඉන්න මදාවියන් ඒ කාලේ කරුණා අම්මාන් ළඟ දෙකට නැමිලා සර් සර් කිය කියා හිටපු හැටි අපට නම් අමතක වෙලා නෑ...!
මම හිටියා නම් ගහලා හිරේ යනවා...
කහ පාට ටීෂර්ට් එකක් දාලා ඊට උඩින් නිල් චීත්තයක් දාලා සද්දේ දාන තට්ට අංකල් නම් කොහේ හරි දැකලා තියනවා...
මේ වගේ ජාතිවාදී දේශපාලුවන්ට උන්ට කඩේ යන කාලකන්නි එවුන්ට හූ කියලා විතරක් මදි