(රංජන් කටුගමිපොළ)
රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියළු රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් බවට නියෝග කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් අද නිකුත් කළේය.
ඊට අමතරව රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 60ක් වන බවට නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරමින් රිට් ආඥාවක් ද අධිකරණයෙන් නිකුත් කෙරිණි.
අභියාචනාධිකණය මෙම රිට් ආඥාව නිකුත් කළේ රජයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 බවට නියෝග කරමින් ගොනු කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සම් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.
මෙම තීන්දුව නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.
රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් දක්වා නියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණයේ ගොනුකර ඇත.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ද රොමේෂ් සිල්වා සහ සංජීව ජයවර්ධන මහත්වරු පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුතුමාට බොහොම ස්තුතියි. 63 දක්වා ඉන්ද ගන්න එක නම් හොඳයි. හැබැයි ජනතාවට අවංකව හැකි උපරිම ලෙස සේවය කරන්නත් අවශ්‍යයි. නැත්නම් ඉතිං පලිසම් දෙන්නේ වයස අවුරුදු 64 ඉඳගෙන...
දොස්තරලටම ගිය රට. රටෙ සියලුම නීති රීති දොස්තරට හැර අනිත් අයට පමණයි. රටෙ කෘෂිකර්මය පිලිබඳව තීරන ගන්නෙ දොස්තරල, රටේ වෘත්තිකයන්ගෙ වැටුප් තීරයනය කරන්නෙ දොස්තරල, ලමයින්ගෙ පාසල් තීරනය කරන්නෙ දොස්තරල, වෙන වෘත්තිකයන්ගෙ උපාදිය තීරනය කරන්නෙ දොස්තරල, සේවයට ඇඟිලි සලකුනු භාවිතය, සේවය කරන පැය ගාන සියල්ල තීරනය කරන්නෙ දොස්තරල. GOMA සංගමය කියනව හැමොම රට යනව කියල. හැබැයි කට්ටියක් යන්න කිව්වත් යන්නෙ නැතුව නඩු දානව. අනේ මන්ද. ඔව් බැලුවම ලංකාව ලෝකයේ හිඟනම රටක් වෙන්න හේතුව 225 ම නෙවෙයි.