ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා මෙවර 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි 04 October 2023
බස් දෙකක් ගැටී හයක් රෝහලේ කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී අද රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි . 04 October 2023
නිරිතදිගට තවදුරටත් තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 October 2023
ධනුෂ්ක ගුණතිලක එයි ඕස්ට්‍රේලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය. 04 October 2023
හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා හදි හූනියම් සහ අනවින කොඩිවින කරනවා යැයි සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී ඇත. විපක්ෂ නායක පැට්රික් හර්මයිනී එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ දේශපාලන ප්‍රතිවාදීන් තමන්ට මඩ ගැසීමට උත්සාහ ගන්නා බවය. 04 October 2023
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි. 04 October 2023
රැඳවුමේ හිටියත් හරක් කටාට දුරකතන පහසුකම් හොඳටම ලැබිලා රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින හරක් කටා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිළි විමර්ශන ඒකකයේ ස්ථාවර දුරකතනවලින් මෙන්ම ඇතැම් උසස් නිලධාරීන්ගේ ජංගම දුරකතනවලින් ද පිටස්තර පුද්ගලයන් හා ඥාති හිතවතුන්ට දුරකතන ඇමැතුම් ලබා ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 04 October 2023
මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලට එරෙහි වෙන්න චේතනාන්විතව බොරු කිව්වා යැයි කියා නෙත් එෆ්.එම් මාධ්‍යවේදීන් සිව්දෙනකු වරප්‍රසාද කමිටුවට කැඳවා ඇතැයි ද මෙවැනි මාධ්‍ය නිදහස අහුරන ක්‍රියාවලට පෙලඹෙන්න එපා යැයි ඉල්ලා සිටින බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 October 2023
ලංකාව ජාත්‍යන්තර පරීක්ෂණයකට සූදානම් නෑ පාස්කු ඉරිදා ප්‍රහාරය හෝ වෙනත් කිසිදු කරුණක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ශ්‍රී ලංකාව සූදානම් නැතැයි ජර්මනියේ රූපවාහිනි නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 October 2023
පොලිස්පතිගේ සේවා දිගුව 9 වැනිදායින් අවසන් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට පොලිස්පති ධූරයේ තවදුරටත් කටයුතු කිරීම සදහා ලබා දී තිබු මාස 3ක සේවා දිගුව මෙම මස 09 දිනෙන් අවසන් වීමට නියමිත බව පොලිස් මුලස්ථානය පවසයි. 03 October 2023
ශ්‍රී ලංකාවට වසර 17කට පසු ආසියානු මලල ක්‍රීඩා පදක්කමක් ශ්‍රී ලංකාවට වසර 17 කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා ඉසව්වකින් පදක්කමක් ගෙන එමින් නදීෂා දිල්හානි ලේකම්ගේ චීනයේ දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට සමත් වූවාය. 03 October 2023
එඩ්මන්ඩ් රණසිංහයන්ට ජනපති උපහාර ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (3) පැවැත්විණි. 03 October 2023
’’හවාලා’’ නියාමනයට රෙගුලාසි මුදල් අමාත්‍යාංශයට නීතිවිරෝධී විදේශ විනිමය හුවමාරු ක්‍රමයක් වන හවාලා ක්‍රමය නියාමනය කිරීමට අදාළ රෙගුලාසි මුදල් අමාත්‍යාංශය වෙත මේ වන විටත් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 03 October 2023
ධනුෂ්ක මාස 11කට පසු අද ලංකාවට ඕස්ට්‍රේලියාවේදී එල්ල වූ ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ශ්‍රී ලංකාවට අද (3) රාත්‍රීයේ පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 03 October 2023
තක්සේරුවට කෝටි 11ක් පොලු තියලා වරින් වර ගන්නා ලද තක්සේරු වාර්තා වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරිය තක්සේරු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානීහු පරිසර ස්වාභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවටදැනුම් දුන්හ. 03 October 2023
ආරක්ෂාවට බලපාන රසායන ද්‍රව්‍ය නියාමනයට ජාතික ආරක්ෂාව සඳහා බලපාන රසායනික ද්‍රව්‍ය නියාමනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 October 2023
දරුවක් ළිඳට දැමීමට ගිය කතක් සහ ඇගේ පුතා අත්අඩංගුවට වයස අවුරුදු 13 ක බාල වයස්කාර පිරිමි දරුවකුට අයුතු අවහිරයක් හා අපහරණයක් සිදු කර පහරදී, ළිඳක් උඩට උස්සා ගෙන ගොස් ලිඳ තුළට අතාරින බවට බිය කළ මවක සහ ඇගේ පුත්‍රයා අත්අඩංගුවට ගත් බව පරසන්ගස්වැව පොලිසිය පවසයි. 03 October 2023
රජයෙන් මූල්‍ය අරමුදලට ඉල්ලීමක් මීට වඩා බදු බරක් මේ මොහොතේ ජනතාව මත පටවන්නට නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දුන් බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 03 October 2023
ඉඩමට පාරක් ගන්න රක්ෂිතයක් කපලා පෞද්ගලික ඉඩමකට ගමන් කිරීම සඳහා මාර්ගයක් ඉදි කිරීමට, මිහින්තලේ වෙල්ලාරගම රක්ෂිතයේ ඇති ගස් කපා දමමින්, එම රක්ෂිතය විනාශ කර දමමින් සිටි පුද්ගලයන් දෙදෙනකු බැකෝ යන්ත්‍රයක් සමග අත්අඩංගුවට ගත් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු අනුරාධපුර කාර්යාලය පවසයි. 03 October 2023
භෞතික විද්‍යා නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 03 October 2023
සූර්ය බල ව්‍යාපෘතියට රජයේ ඉඩමක් බදු දෙයි මෙගා වොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා රජයේ ඉඩම් බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 October 2023
කෝට් එකට උඩින් කුරහන් සාටකය දමා ගන්න කෝට් එකට උඩින් කුරහන් සාටකය දමා ගන්නැයි ජනාධිපතිතුමාට යෝජනා කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 October 2023
උසස් පෙළ කල්දාන දිනය ගැන ඉඟියක් අපොස උසස් පෙළ විභාගය කල් තබන දිනය විභාග කොමසාරිස්වරයා විසින් හෙට (4) හෝ අනිද්දා (5) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය 03 October 2023
’’අම්මට මදුරු කොයිල් එකක් ගෙනිහින් දෙන්න’’ හේමා ප්‍රේමදාස මැතිනිය මදුරු කොයිල් ඇතුළු භාණ්ඩ කිහිපයක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයට ලිපියක් යොමු කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය. 03 October 2023
ඔලුවිල් වරායේ පහසුකම් වසර දහයකට පුද්ගලික සමාගමකට සිමාසහිත ටෙස්( පෞද්ගලික) සමාගම වෙත මත්ස්‍ය පිරිසැකසුම් කටයුතු පවත්වාගෙන යාම සඳහා ඔළුවිල් ධීවර වරායේ පහසුකම් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 October 2023
කෝටි හතරක මත් ඔරුගොඩවත්තෙන් අල්ලයි රුපියල් හාර කෝටි විසි ලක්ෂයක් වටිනා හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 35 ක් ඔරුගොඩවත්ත රේගු ආදායම් අධීක්ෂණ අංශයේ පරීක්ෂණ අංගනයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය . 03 October 2023
සමථ මණ්ඩල පනත සංශෝධනයට 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 October 2023
නව වාණිජ මහාධිකරණයකට අනුමැතිය නව වානිජ මහාධිකරණයක් ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 03 October 2023
මුදල් කමිටුවෙන් විගණකාධිපතිට නියෝගයක් තිරිගු පිටි ගැටළුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පවත්වන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විගණකාධිපතිවරයාට උපදෙස් දුන්නේය. 03 October 2023
වංචා දූෂණ පැටව් ගහලා පාර්ලිමේන්තුවේ සම්මත කරන පනත් මහපොළොවේ ක්‍රියාත්මක වන්නේ නැතිනම් පනත් සම්මත කිරිල්ලෙන් වැඩක් නැතැයි ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026