අනවසර ඉන්දීය ධීවරයෝ 220 ක් නාවික හමුදා භාරයට මෙම වසරේ මේ දක්වා කාලයේදී මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා 33 ක් සමගින් ඉන්දීය ධීවරයන් 220 ක් භාරයට ගෙන ඇති බව නාවික හමුදාව පැවසීය. 10 December 2023
ඝණ පූරණය නැතුව පාර්ලිමේන්තුව කල් තබයි වැට් බදු සංශෝධන පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ ඝණ පූරණය නොමැති වීම නිසා පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබනු ලැබීය. 10 December 2023
වැට් ගහන ලැයිස්තුව ගැන වාදයක් ආණ්ඩුව වැට් බදු ගහන ලැයිස්තුව සිංහල භාෂාවෙන් ලබා දෙන්නැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 10 December 2023
පාසල් ළමුන්ට මත්පෙති විකිණු අයෙක් දැලේ අනුරාධපුර නගරයට පැමිණෙන පාසල් ළමුන් පෞද්ගලික අමතර පන්ති සිසුන් ඇතුළු නගරයට පැමිණෙන තරුණ පිරිස් ඉලක්ක කර මත් පෙති විකුණූ , පෞද්ගලික ඔසුසල් සේවකයෙකු මත්පෙති තොගයක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 10 December 2023
පිළිකා කාරක අඩංගු සෝස් බහාලුම් තොගයක් විනාශ කරයි පිළිකා කාරක වර්ණක භාවිතා කරමින් නිසි ප්‍රමිතියෙන් තොරව නිශ්පාදන කළ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා සෝස් බහාලුම් තොගයක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් නියෝගයක් මත විනාශ කිරීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කටයුතු කළ බව හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී වෛද්‍ය ඉන්දික කටුදම්ප මහතා පැවසීය 10 December 2023
කෝටි 10 ක රන් බත්තලන්ගුණ්ඩුව කළපුවෙන් හමුවෙයි බත්තලන්ගුණ්ඩුව කලපුවේ සගවා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් රත්රන් කිලෝ හතරක ප්‍රමාණයක් ධීවරයින් දෙදෙනෙකුද සමග අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව සමත්ව තිබේ. 10 December 2023
එක්සත් ජාතින්ගේ ලොකු සමුළුවක සත්කාරකත්වය ලංකාවට එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. 10 December 2023
වැට් බද්දෙන් උද්ධමනය සියයට දෙකකින් වැඩි වේ ඖෂධවලට, ආබාධිත උපකරණවලට, හාල් පිටිවලට තිරිඟු පිටිවලට එළවළු වලට පලතුරුවලට කිරිවලට, ගිලන් රථ සේවාවට වැට් බද්දක් අය නොකෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 10 December 2023
මිහින්තලා පුදබිමෙන් හමුදාව ඉවත් කර ගනී මිහින්තලා පුද බිමෙන් සියලුම ආරක්ෂක හමුදා අද සිට ඉවත් කර කර ගන්නා බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 10 December 2023
කිරි බවුසරේට වතුර කලවම් කළ දෙකක් මාට්ටු ප්‍රවාහනය කරමින් තිබූ කිරි බවුසරයකින් කිරි ලීටර් 100ක් පමණ ඉවත් කර ඒ් වෙනුවට වතුර කලවම් කිරීමේ ජාවාරමක නිරතව සිටි කිරි බව්සර් රියදුරෙකු සහ කිරි මිලදී ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 10 December 2023
වන අලි පහරින් ගවපට්ටි හිමියා මරුට මංගලගම කෙවිලියාමඩු ගම්මානයේ සිවිල් ආරක්ෂක ගොවිපල සහ චොපර්ගල නැමැති ස්ථානයයේදී වන අලි පහරදීමකින් මියගිය බවට සැකකරන ගවපට්ටි හිමියෙකුගේ මළ සිරුරක් හමුවී ඇතිබව මංගලගම පොලිසිය පවසයි. 10 December 2023
විදුලිය බිඳවැටීම ගැන විශේෂ පරීක්ෂණයක් සමස්ත රට පුරාම ඊයේ (9) පස්වරුවේ පැය 5 කට ආසන්න කාලයක් විදුලිය විසන්ධි වීම පිළිබඳව විදුලිබල මණ්ඩලය අභ්‍යන්තර පරීක්ෂණයක පවත්වන බවත් ඒ සඳහා පසුව පරීක්ෂණ මණ්ඩලයක් ඉදිරියේදී පත්කරනු ඇති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා අද (10) පෙරවරුවේ පැවසීය. 10 December 2023
නොරොච්චෝලේ විදුලි නිෂ්පාදනය ඇණ හිටී නොරෙච්චෝලේ විදුලි බලාගාරයෙන් විදුලි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම ඇණ හිට ඇතැයි එම බලාගාර ආරංචි මාර්ග කියයි. 10 December 2023
සෝමාලි ජනපති පුතා අල්ලන්න වරෙන්තු සෝමාලි ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ්ගේ පුතු මොහොමඩ් හසන් චෙයික් මොහොමඩ් අත්අඩංගුවට ගැනීමට තුර්කිය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබේ. 10 December 2023
ගාසා වැසියෝ කුසගින්නේ සටන් විරාමය අවසන් වී, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර දරුණු ගැටුම් ඔඩුදුවද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ගෙන් හරි අඩක් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. 10 December 2023
ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් ඇමෙරිකන් ක්‍රොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුවේ) අනුමැතියකින් තොරව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය, ඊශ්‍රායලයට යුද ටැංකි 14,000 ක් අලෙවි කිරීමට සූදානම් වෙයි. 10 December 2023
ඇමෙරිකාවට ටෝනේඩෝවක්: 6 ක් මරුට ඇමෙරිකාවේ ටෙනසි ජනපදයට ටෝනේඩෝ සුළි කුණාටුවක් කඩා වැදුණි. ඩෝනේඩෝව හේතුවෙන් මියගිය ගණන 6 කි. තුවාල ලැබූ ගණන 23 ක් බව පැවැසෙයි. 10 December 2023
හාල් පනත සංශෝධනය කරයි මහ පරිමාණ සහල් මෝල් අයිතිකරුවන් සහල් සඟවා මිල ඉහළ නැංවීම වැළැක්වීමට පාරිභෝගික ආරක්ෂක පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරන ලද බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය . 10 December 2023
වීරවිල එළිමහන් සිර කඳවුරෙන් රැඳවියෙක් පනියි වීරවිල එළිමහන් සිර කදවුරේ වගාව වන සතුන් ගෙන් රැක බලා ගැනීම සදහා යොදවා සිටි රැදවියෙකු කදවුර රැකවල් කරන බන්ධනාගාර නිළධාරින්ට හොර රහසේ පලාගොස් ඇතැයි වීරවිල පොලිසිය පවසයි. 10 December 2023
ගසක් නිවසට කඩා වැටි අඹු සැමි යුවල රෝහලේ හල්දුම්මුල්ල සොරගුණේ යපන්න ගමේ නිවසකට නිවසට ඉහළින් තිබූ ගසක් කඩා වැටී නිවසේ කාමරයක නිදා සිටි මව සහ පියා බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හල්දුමුල්ල පොලිසිය කියයි. 10 December 2023
හැටන් බගවන්තලාව මාර්ගය යළි විවෘතයි බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග පස් කන්දක් කඩා වැටිමෙන් ඇන හිට තිබු හැටන් බගවන්තලාව හරහා බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කල බව බගවන්තලාව පොලිසිය පැවසිය 10 December 2023
උතුරට - උතුරු මැදට අද වැසි උතුර,උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 December 2023
දිය නාද්දී කතකට හදි කළැයි වසර හතරක් සිර ගෙට අම්පාර නගරයේ ඇඟලුම් ආයතනයක සේවය කරන විවාහක කාන්තාවක් සවස දිය නෑම සදහා ඇලකට ගිය අවස්ථාවේ, ඇයට ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයකු වරදකරු බවට තීන්දු කළ අම්පාර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා, චුදිතට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය. 10 December 2023
පුරාවිද්‍යා මුල් පුටුව මාස හයක් තිස්සේ හිස් ලු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනට මාස පහකට වඩා වැඩි කාලයක සිට අධ්‍යක්ෂක ජනරාල්රවරයකු පත් නොකිරීමෙන් වසර 133 ක දීර්ඝ ඉතිහාසයක් ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉතිහාසයේ දරුණුම ඛේදවාචකයට මුහුණ දීමට සිදුවී තිබීම ජාතියේම අභාග්‍යයක් යැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පවසති. 10 December 2023
ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනය අතුගා දානවා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. 10 December 2023
කම්කරුවන් පිරිසක් මතට පස් කන්දක් වැටෙයි ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් තිබෙන සිව් මහල් ගොඩනැගිල්ලක පසුපස කොටසේ පැති බැම්මක් සඳහා කම්බි බඳිමින් සිටි පිරිසක් මතට යාබදව තිබූ පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව පොලීසිය කියයි. 10 December 2023
මුරකරු මරා පිංකැටය කඩාන යයි හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේ මුරකරුගේ හිසට පහරදී ඔහු ඝාතනය කර පල්ලියේ තිබු පිං කැටය කඩා මුදල් රැගෙන ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසිය. 10 December 2023
වාහන හොරු පහක් කෝටි ගණනක වාහන සමග මාට්ටු සොරාගන්නා ලද වාහනවලට කූට ලේඛන සකසා අන්තර්ජාලයේ දැන්වීම් පළ කර විකුණන ජාවාරමක නිරත වූ පස් දෙනකුන් යුත් කල්ලියක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 10 December 2023
හල්දුම්මුලේලේ කැලිපාණාවල ගම නොපෙනී යයි හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කැලිපාණාවල අස්වැද්දුම කන්ද අද විශාල ප්‍රදේශයක් නාය ගිය බවත් එහි පදිංචිව සිටි අය ඉවත් කරගෙන තිබූ බැවින් පවුල් විසිපහක පුද්ගලයන් අනූ හත් දෙනකුගේ ජීවිත බේරාගත් බවත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් ඒ. කේ. ජේ . ප්‍රියංගිකා මහත්මිය පැවසුවාය. 10 December 2023
අඳුරු වූ රටට පැය හයකට පසු ආලෝකය විදුලිය බිඳ වැටී පැය හයකට පමණ පසු දිවයින පුරාම විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වූ බව විදුලි බල මණ්ඩය දැනුම් දුන්නේය. 09 December 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026