අලි පැටවා බෝක්කු කටේ හිරවෙලා පොලොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ කුඩා ඇළක කොන්ක්‍රීට් බෝක්කු බටයක් තුල සිර වී සිටි මාස හතරක් පමණ වයසැති අලි පැටියකු මුදාගැනීමට වැලිකන්ද වනජීවී නිලධාරීහු සමත් වූහ. 03 October 2023
කිසිම ගොවියකුට අසාධාරණයක් වෙන්න ඉඩදෙන්නෙ නෑ මෙවර යල කන්නයේ කාලගුණික වෙනස්කම් නිසා වගාහානියට පත් වූ ගොවීන්ට අසාධාරණයක් සිදුවීමට රජය ඉඩ නොතබන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 03 October 2023
රන් මිල පහළ යයි දේශීය රත්තරන් වෙළෙඳපොලේ රත්තරන් මිල අද (3) නැවතත් පහළ ගොස් ඇතැයි දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 03 October 2023
සමාජ මාධ්‍ය නියාමන පනත මැතිසබයට සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රම වල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පාර්ලිමේන්තුවට අද (3) ඉදිරිපත් කළේය. 03 October 2023
පින්තාරු බාස්ගේ නිවෙසින් යුද හමුදා ඇඳුම් සහ පුපුරණ ද්‍රව්‍ය ඌරගස්මංහන්දිය යටගල අනුරාධගම නිවසක තිබී යුද හමුදා නිලධාරීන් භාවිතා කරන නිල ඇදුම් ඇතුලු භාණ්ඩ තොගයක් ළග තබා ගත් අයකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 03 October 2023
නෝනාගම වැව පිටාර ගලා අස්වනු විනාශයි ලුණුගම නෝනගම වැව පිට ආර ගලා අස්වනු නෙළිමට ආසන්නව තිබූ කුඹුරු ජලගැල්මෙන් විනාශයට පත්ව ඇති බව ගොවීහු පවසති. 03 October 2023
‘‘සමාජ මාධ්‍ය පාලනය ප්රජාතන්ත්රවාදී සමාජයකට නොගැලපේ‘‘ නීති දමා සමාජ මාධ්‍ය කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 03 October 2023
’’අධිකරණයට බලපෑම් කරන්නේ පාර්ලිමේන්තුව’’ අධිකරණයට බලපෑම් කරන්නේ පාලිමේන්තුව බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 03 October 2023
ඉමිතියාස්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් පළාත් පාලන ආයතන, පළාත් සභා සහ පාර්ලිමේන්තුවේ සාධාරණ තරුණ නියෝජිතත්වයක් ලබා ගැනීම සඳහා තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී කෙටුම්පත් තුන සඳහා වෙනස්කම් පෑම, බාධා කිරීම මෙන්ම විරුද්ධකම් කිරීමක් නිසා තම වරප්‍රසාද උල්ලංඝනය වූ බව කියමින් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පාර්ලිමේන්තුවට වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය. 03 October 2023
සංගක්කාරට අලුත් තනතුරක් ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ප්රබලතම ක්‍රීඩා සමාජය වන එංගලන්තයේ මර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා පත්කර තිබේ. 03 October 2023
ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 03 October 2023
ලංකාව තුළ දූෂණ තවමත් ක්‍රියාත්මකයි දූෂණයට එරෙහි වීමට වසර 50 කට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව උත්සාහ කළත් ශ්‍රී ලංකාව තුළ දූෂණ ක්‍රියා තවමත් සිදුවන බව පසුගිය 30 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිකුත් කළ විශ්ලේෂණාත්මක ඇගයීම් වාර්තාවේ දැක්වේ. 03 October 2023
උතුරේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉවත්වෙති මුලතිව් මහෙස්ත්‍රාත් ටි.සරවණරාජා මහතාවෙත එල්ලවූ තර්ජන සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරුන්ගේ ආරක්ෂාව සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පියවරගන්නා ලෙස ඉල්ලමින් උතුරු පළාතේ නීතිඥයන් අද නඩු කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරතවිය. 03 October 2023
‘සිද්ධියේ වගකීම විනිසුරු බාරගත යුතුයි’ යම් බලපෑමක් හේතුවෙන් ආතතියක් තිබුණේ නම් එලෙස බලපෑම් කළ පුද්ගලයාට එරෙහිව කටයුතු කිරීමට සියලු බලතල තමා අත තිබියදී එලෙස කටයුතු නොකිරීම නිසා මුලතිව් හිටපු දිසා විනිසුරුවරයා එම සිද්ධියේ වගකීම බාරගත යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (3)පැවසීය. 03 October 2023
පුහුණුව අතරේ ලුතිනන් මරුට මොනරාගල කුඹුක්කන්ඔයේ ජලපිම්ම පැනීමේ පුහුණුවේ යෙදී සිටියදී තුවාල ලබා බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි යුදහමුදාවේ උප ලුතිනන්වරයකු අද අලුයම මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 03 October 2023
මවකගේ සිරුර ගසක එල්ලෙයි මීට දින කිහිපයකට ඉහත දී දරුවකු ප්‍රසූත කළ මවකගේ සිරුර ගසක එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි යාපනය මූලස්ථාන පොලීසිය කියයි. 03 October 2023
මැලේරියා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත ලෙස මෙය සැලකෙයි. 03 October 2023
රටපුරා ත්‍රිවිධ හමුදාව කැඳවයි ජාතික ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 03 October 2023
අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්‍රසීලය හරහා ගලා බසින ඇමසන් නදියේ පාවෙමින් තිබියදී හමුවී ඇත. 03 October 2023
මාස හයේ බිලිදියගේ මරණයට මව අත්අඩංගුවට මාස හයයි දින 11ක් වයසැති සිය බිළිදියට පහර දී ඝාතනය කළේ යැයි කියන එම දැරියගේ 21 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි. 03 October 2023
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි. 03 October 2023
දන්දෙන්න ඇවිත් ආරාමයට සුද්දයක් දීලා කරඬුවක් පූජා කිරීමේ මුවාවෙන් බෙම්මුල්ල කලගෙඩිහේන පැෂන් වත්තේ පිහිටි මෙහෙණි ආරාමයකට ආ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු එහි අල්මාරියක් තුළ තබන ලද රුපියල් එක් ලක්ෂ හැට දහසක මුදලක් සොරා ගෙන පලා ගොස් ඇතැයි බෙම්මුල්ල පොලිසිය පවසයි. 03 October 2023
කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම ආයෝජකයා දිවයිනට පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු , එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයෝ සිව් දෙනෙක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. 03 October 2023
පොලිස් නිලධාරියකුට මන්නා පහර බීමත්ව ත්‍රිරෝද රථයක් පැද වූ බව කියමින් එහි රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඊට උරණ වී අත්අඩංගුවට ගැනීම සිදු කළ පොලිස් කොස්තාපල් වරයාට මන්නා පිහියකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම ත්‍රිරෝද රථයේ අයිතිකරු අලුබෝමුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 03 October 2023
අද සිට දින කීපයක් තැනින් තැනට තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ වැඩි විමක් අද සිට ඉදිරි දින කීපයේ බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 October 2023
ට්‍රම්ප් අධිකරණය හමුවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය. 03 October 2023
බංග්ලාදේශයේ ඩෙංගු දරුණුයි බංග්ලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ. 03 October 2023
විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති. 03 October 2023
මැලේසියා ඝාතනයට ඇල්ලූ සැකකරුවකු කූඩුවේ දී මිය යයි මැලේසියාවේ සෙන්තුල්හිදී සිදු වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනාගෙ ඝාතන සිද්ධියට සම්බන්ධ යැයි සැකපිට අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළගෙන් සැමියා අත් අඩංගුවේ සිටියදී පසුගිය සෙනසුරාද මියගිය බව ක්වාලාලාම්පුර් පොලිස් ප්‍රධානී දටුක් අල්ලුදීන් අබ්දුල් මජිඩ් අද(02) ප්‍රකාශ කළේය. 02 October 2023
ගුවන් ප්‍රමාදයේ පාඩුව කෝටි 195යි ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ යානා පසුගිය දින කිහිපයේදී ප්‍රමාදවීම හේතුවෙන් රුපියල් කෝටි 195 ක පාඩුවක් සිදුව ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 02 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026