ආපදා සහන සලසන බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
අපරාධ මඩින්න කොරියාව සමග ගිවිසුමක් සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක් ලංකාවට එන විදේශිකයන් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 December 2023
’සැමට හොරු කියමින් ප්රජාතන්ත්රවාදය මළගමට තල්ලු කරනවා’ අප සියලු දෙනාට හොරු කියමින් අවසානයේ ප්රජාතන්ත්රවාදය මළගමට තල්ලු කරමින් සිටින බව එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 December 2023
බදු පොලු තැබූ අරක්කු සමාගම්වල බලපත්‍ර අහෝසියි හිඟ සුරා බදු වාරික පසුගිය 4 වැනිදාට පෙර නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන්නැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 12 December 2023
විමල්ට නොතීසි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ හෙට (13) පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) නියෝග කළේය. 12 December 2023
මහනුවර සමූපකාර ගොඩනැගිල්ලත් විකුණයි? නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල වගේම මහනුවර පෞරාණික සමූපකාර ගොඩනැගිල්ලත් විකිණීමට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 December 2023
පාන් එක්ක මස් ඩිංගක් කන්න බැරි මිනිස්සුන්ට බදු ගහන්න එපා පාන් සමග මස් කෑල්ලක් කන්න ශක්තියක් නැති මිනිසුන්ගෙන් බදු එකතු නොකර බදු ගෙවන්නට හැකියාවක් ඇති පිරිසගෙන් බදු අය කර ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 12 December 2023
තරුෂිලා දහස් ගණනක් හදන ක්‍රමය විපක්ෂ නායක කියයි ක්‍රිකට් ආයතනය දූෂණ වංචා මගින් නැති කළ මුදල් එකතු කරගතහොත් තරුෂිලා දහස් ගණනකට කෝටි ගණනින් මුදල් ලබාදී සමෘද්ධිමත් කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (12 ) පැවසීය. 12 December 2023
සහල් කිලෝව රුපියල් 30කින් ඉහළ දාලා සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30 කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 12 December 2023
බිත්තර හිතූ හිතූ ගණන්වලට විකුණයි බිත්තරයක මිල රුපියල් 60 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 12 December 2023
කන්දකාඩුවෙන් පැනගිය 102 ක් කොටුවෙති වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වැටවල් කඩා පැනගිය රැඳවියන්න්ගෙන් 102 නෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි. 12 December 2023
රාජ්‍ය සේවකයෝ ලෙඩ වෙති රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කරමින් සියලුම රාජ්‍ය ආයතනවල එක්දින වැඩවර්ජනයක් අද (12) ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තිය සමිති එකමුතුව පවසයි. 12 December 2023
ගාසා පාලකයන් ගැන ඊශ්‍රායලය කියයි තමන්ට තර්ජනයක් වන කිසිදු පාර්ශ්වයකට ගාසා තීරය පාලනය කිරීමට ඉඩ ලබා නොදෙන බව, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝක් ගැලන්ට් අවධාරණය කර තිබේ. 12 December 2023
ලොව ජනප්‍රියම නායකයා මෝදි ජනප්‍රියම ලෝක නායකයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යැයි විදෙස් මාධ්‍ය පවසයි. විදෙස් මාධ්‍ය මෙසේ පැවැසුවේ, ඇමෙරිකාව කේන්ද්‍රකොටගත් ‘මෝනිං කොන්සල්ට්’ නමැති සමාගමේ සමීක්ෂණ වාර්තා අනුවය. 12 December 2023
යුක්රේන ජනපති බයිඩන් හමුවෙයි යුද ආධාර අපේක්ෂාවෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවරට පැමිණියේය. ධවල මන්දිරයට ආ යුක්රේන ජනාධිපතිවරයාට ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. 12 December 2023
ඌරන්ට බොජුනක් වූ කුකුළු පැටවුන් සත්ව පාලකයන්ට ඌරන්ට ආහාර පිණිස දුන් කුකුළු පැටවුන් මස් පිණිස ඇති කිරීම සඳහා කැමැත්තක් දක්වන පුද්ගලයින් අතර නොමිලයේ බෙදා හරින්නට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 12 December 2023
ලොකු ලූනු මිල වැඩිවෙයි ලොකු ලූනු කිලෝවක මිල හිටිහැටියේ රුපියල් 100 කට අධික මුදලකින් ඉහළ යාමෙන් ලොකු ලුණු කිලෝවක සිල්ලර මිල රුපියල් 450ක් බවට පත්ව ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති. 12 December 2023
තරුණයෙක් මුහුදට බිලි බෙන්තොට මුහුදු තිරයේ දියනාමින් විනෝදවූ පිරිසක් අතරින් තරුණයන් දෙදෙනෙක් මුහුදේ දිය රළකට හසුව ගසාගෙන යාමෙන් එක් අයෙකු මියගොස් අනෙකා රෝහල් ගතකල බව බෙන්තොට පොලිසිය කියයි. 12 December 2023
එල්ලුනේ දිව්‍යලෝකේ යන්න:යන්න වුනේ රෝහලට මෑතක දී ඉතා ප්‍රසිද්ධියට පත් අග්බෝ නැමැති හස්තියා තිරප්පනේ උල ගල්ල වැව් ඉස්මත්තේ රැඳී සිටිය දී ඒ අසලට පැමිණි පුද්ගලයකු හස්තියගේ සිරුරට ගොඩවීමට දැරූ උත්සාහයේ දී හස්තියාගේ පහර දීමෙන් තුවාලලබා රෝහල්ගත කර ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි . 12 December 2023
දිස්ත්‍රික්ක 9කට නාය අනතුරු ඇඟවීම් දිවයිනේ බොහෝ ප්‍රදේශයවල තව දුරටත් පවතින අධික වැසි හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක නවයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 38 නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (12 ) සවස දක්වා බල පැවැත්වෙන බව එම සංවිධානය කියයි 12 December 2023
මාවතගම දෙපිරිසක් අතර ගැටුමක්:තරුණයෙක් මරුට මාවතගම පොලිස් බළ ප්‍රදේශයට අයත් පිලැස්ස ප්‍රදේශයේ තරුණ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙකු මරණයට පත්ව තිදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 12 December 2023
පොහොට්ටු ව්‍යවස්ථාව වෙනස් වෙයි පොදුජන පෙරමුණේ සම්මේලනයේදී පක්ෂ ව්‍යස්ථාවේ යම් වෙනසක් කරන නමුත් පක්ෂයේ ප්‍රධන පරිපාලන තනතුරු වල වෙනසක් නොවන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 12 December 2023
වැස්ස අදත් නොනවතින හැඩ නැගෙනහිරට,ඌවට උතුර මැද පළාත්වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් විටින් විට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව කියයි. 12 December 2023
කන්දකාඩුවෙන් පැනගිය 23 ක් භාරවෙති වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් අද පස්වරුවේ පැනගිය රැඳවියන් 23 ක් පුලස්තිපුර ප්‍රදේශයේදී පොලිසියට භාර වූ බව පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන් ද සිල්වා මහතා අද (11) රාත්‍රී පැවසීය. 11 December 2023
ක්‍රිකට් තේරීම් කමිටුවට ඉන්දික ද සේරම් එයි උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට හිටපු ප්‍රබල පිතිකරුවෙක් වන ඉන්දික ද සේරම් මහතා ඇතුළත් කර තිබේ. 11 December 2023
වැට් බද්දට හසුවන භාණ්ඩ මෙන්න වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් අද (11) සම්මත වූ අතර ඒ අනුව මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබූ අයිතම 138 න් 97 කට ලබන වසරේ ජනවාරි පළමු වෙනිදා සිට නැවතත් වැට් බද්ද පැනවීමට නියමිතය. 11 December 2023
කන්දකාඩු කඳවුරෙන් රැඳවියෝ පිරිසක් පැන යති වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන කඳවුරෙන් රැඳවියන් 136කට ආසන්න පිරිසක් අද (11) පස්වරුවේ පැනගොස් ඇති බවත් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භ කළ බවත් පොලිසිය අද රාත්‍රී පැවසීය. 11 December 2023
රවී කටු පොල් තහනම ඉවත් කර දෙන්න සැරසෙයි තහනමට ලක් කළ කටුපොල් වගාව යළි ආරම්භ කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 11 December 2023
බෙන්තට මුහුදේ දිය නෑමට ගිය අයකු අතුරුදහන් බෙන්තොට මුහුදේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයෙකු බේරාගෙන මීට සුළු වේලාවකට පෙර රෝහල් ගතකර ඇති අතර අනිත් පුද්ගලයා රළ පාරට ගසාගෙන ගොස් ඇතැයි බෙන්තට පොලිසිය කියයි. 11 December 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026