දුම්වැටියේ පළහිලව්වට දුම්රිය ගමන් අඩාලයි දුම්වැටියක් පානය කරමින් දෙමටගොඩ ප්‍රධාන ඉංජිනේරු ධාවනාගාර මූලස්ථානයට ඇතුළු වී සිටි බව කියන දුම්රිය උප නියාමකවරයෙකු සහ දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන්වරයෙකු අතර ඇති වූ බහින් බස් වීමකින් පසුඇතිවූ ගැටුමකදී දෙදෙනාම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසයි. 04 October 2023
දුම්රිය ගමන් වාර 20 ක් නවතී දුම්රිය නියාමක සංගමයේ වර්ජනය හේතුවෙන් මේ වන විට දුම්රිය ගමන් වාර 20 කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බවත් පස්වරුවේ ක්‍රියාත්මක කිරීමට නියමිත ගමන් වාර රැසක් ද අවලංගු වීමේ අවදානමක් ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 04 October 2023
නාය යාමේ අවදානමක් තෙලිජ්ජවිල මැදි විදුහල පන්ති 15 වහයි මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයක් සමග අද උදෑසන මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහ විද්‍යාලයට පස් කන්දක් නාය යාමෙන් එම පාසලේ ගොඩනැගිල්ලක් දැඩි අලාභ හානී සිදු විය. 04 October 2023
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 04 October 2023
දරුවන්ගේ දවසේ කිරිබත්ගොඩ දරුවන්ට අත පිරෙන්න තෑගි ලෝක ළමා දිනය නිමිත්තෙන් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් 200 දෙනකුට පොත් පත් ඇතුළු පාසල් උපකරණ කට්ටලයක් බැගින් නොමිලේ ලබාදීමේ පින්කමක් කිරිබත්ගොඩ ස්කයිලයින් බ්‍රිටිෂ් පෙර පාසලේදී ( ආර්පිකෝ අසල) පසුගිය 3 වැනිදා ඉරිදා පැවැත්විණ. 04 October 2023
බොරු අංක යෙදූ ජිප් රියක් අල්ලයි වසර තිස් නවයකට පෙර පොලිසියට ගෙන්වා තිබු ජිප් රථයක් වෙන්දේසියෙන් ලබාගෙන එහි අංක සහ වැසි අංක යොදා නීති විරෝධීව සකස් කර ධාවනයට යොදා තිබියදී සුඛෝපභෝගි ජිප් රථයක් සමග කෝටිපති ව්‍යාපාරිකයකු පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකක විසින් රිදීමාලියැද්ද ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 04 October 2023
රේගුවට අයි.එම්.එෆ් අප්‍රසාදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රේගුව පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කර තිබෙන බව පොදුජන පෙරමුණේ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 04 October 2023
ලිට්රෝ ගෑස් රුපියල් 343 කින් වැඩි කරයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 343 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය. 04 October 2023
වතුර බොන්න ඇවිත් මඩේ එරේ වයස අවුරුදු 6 ක පමණ වයස වූ වන අලි පැටවකු මඩේ එරී සිටියදී මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිරුපද්‍රිතව ගොඩ පශු වෛද්‍යවරු කටයුතු කළහ. 04 October 2023
තායිලන්ත යානයත් පැය 10ක් ප්‍රමාදයි තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වීමට නියමිතව තිබූ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10කට අධික කාලයක් ප්‍රමාද වීමකට ලක් වී තිබේ. 04 October 2023
අභියෝග මැදින් විදුලිය ලබා දෙයි වැස්සත් සමග ඇති වූ හුළං නිසා ගස් ඇද වැටීමෙන් අක්‍රිය වූ විදුලිය යථා තත්වයට පත් කිරීමට මහ ගංවතරේ බැස විදුලිබල මණ්ඩල සේවකයෝ දැඩි වෙහෙසක් ගනිති. 04 October 2023
බිබිල බාලිකාවක දරුවන් දෙදෙනකු අතුරුදන් පරිවාස දෙපාර්තමෙින්තුව අධික්ෂණය යටතේ ඇති බිබිල, ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි, එම බාලිකා නිවාසයේ සහකාර පාලිකාව බිබිල පොලිසියට පැමිණිලිකර ඇත. 04 October 2023
අම්පාරේ අලි පහරදීම්වලින් දෙකක් මරුට අම්පාර වනජීවි කලාපය තුල ස්ථාන දෙකකදි වන අලි පහරදීම නිසා දෙදෙනෙක් මියගොස් ඇතැයි පොලිසිය කියයි. 04 October 2023
මරදානට - කොටුවට ආරක්ෂක අංශ කැඳවයි දුම්රිය නියාමක වෘත්තීය ක්‍රියාමාර්ගයත් සමග දුම්රිය අවලංගු වීම මත මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල මේ වන විට දැඩි මගී තදබදයක් නිර්මාණය වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 04 October 2023
යෝජිත කසල අංගනයකට මීරීගම විරෝධයක් මීරිගම ප්‍රාදේශීය සභාව මගින් මදුරුපිටිය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට යෝජිත කසල අංගනයට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ ජනතාව මහා සංඝරත්නය හා එක්ව අද( 4) විරෝධතා පා ගමනක යෙදීී මීරිගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට දී ද විරෝධතාවයේ යෙදුනහ. 04 October 2023
ඊ.ටී.එෆ් - ඊ.පී.එෆ් ස්වාධීන මණ්ඩලයක් යටතට සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතේ වැඩ කටයුතු ගෙන යන්න බලාපොරොත්තු වන බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (4)පැවසීය. 04 October 2023
වාහන ආනයන සීමා ලබන සතියේ ඉවතට වාහන ආනයන සීමා කිහිපයක් ඉදිරි සතියේදී ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 October 2023
ජනපති පාර්ලිමේන්තුවට එයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය. 04 October 2023
‘මුළු දවසෙම වුණත් උත්තර දෙන්න ලෑස්තියි පාර්ලිමේන්තුවේදී මුළු දවසේම ප්‍රශ්න ඇසුවත් පිළිතුරු දීමට තමන් සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 04 October 2023
හොර හරක් ජාවාරමෝ පොලීසියට කොටුවෙති කොළඹ ප්‍රදේශයෙන් වෑන් රථයක් කුලී පදනම මත ලබා ගෙන අනුරාධපුරයට පැමිණ, හරක් හොරකම් කර මස් සඳහා විකුණු කල්ලියක පුද්ගලයන් 6 ක්, වෑන් රථය සමඟ අත්අඩංගුවට ගත් බවඅනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි. 04 October 2023
ටිපරයට නව හැවිරිදි දරුවා බිලි වවුනියාව, පුදුකුලම ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටී සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු නවයක දරුවෙක් මියගොස් ඇතැයි ඊච්චන්කුලම පොලීසිය කියයි. 04 October 2023
විපක්ෂ නායකගෙන් චෝදනාවක් මෙරට පිළිකා රෝගීන් වෙනුවෙන් පිටරට සතුන් වෙනුවෙන්වත් යොදා නොගන්නා උපකරණ පාවිච්චි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද( 4) පැවසීය. 04 October 2023
දුම්රිය නියාමක සංගමය වර්ජනයක දුම්රිය නියාමක සංගමය අද පෙරවරුවේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය 04 October 2023
ලොරිය ප්‍රපාතයට පෙරළී 22ක් රෝහලට මස්කෙළිය - සාමිමලේ ප්‍රධාන මාර්ගයේ, බ්‍රන්ස්වික් තේ වතුයායේ ක්වින්ස්ලණ්ඩ් ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට අඩි 40 ක් පමණ ප්‍රපාතයකට පෙරළී එහි ගමන් කරමින් සිටි පුද්ගලයන් 22 ක් තුවාල ලබා මස්කෙළිය හා දික්ඔය රෝහල් වෙත් ඇතුළත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. 04 October 2023
ජනපති මාධ්‍යයට තීරණයක් ගන්න ඉඩ දෙයි ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවාද?නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද? කියා සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 04 October 2023
ඛනිජ තෙල් සභාපති ඉල්ලා අස්වෙයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වී තිබේ. 04 October 2023
සූදු පොළක මුදල් වංචාවෙන් ලබාගත් එස් .අයි. ගෙදර මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක මුදල් ඔට්ටුවට සූදු කෙළිමින් සිටි බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූරුපියල් 343,500මුදලක් වංචා වෙන් ලබාගත් බව කියන මීගමුව පොලීසියට පොලිසියට අනුයුක්තව පිහිටා ඇති දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි. 04 October 2023
ශිෂ්‍යත්ව විභාගය 15 වැනිදා මෙවර 5 වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි 04 October 2023
බස් දෙකක් ගැටී හයක් රෝහලේ කතරගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක් සහ කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දී අද රාත්‍රි මුහුණට මුහුණ ගැටී සිදුවූ රිය අනතුරකින් හය දෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව බේරුවල පොලිසිය පවසයි . 04 October 2023
නිරිතදිගට තවදුරටත් තද වැසි දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026