නේපාලයට පියාසර කරන්න සිටි යානය තවමත් ගුවන්තොටේ නේපාලයේ කත්මණ්ඩු නුවර බලා අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත ගුවන් යානය ප්‍රමාද වීම නිසා ගුවන් මගීන් 200 කට අධික පිරිසක් ගුවන් තොටුපොළ තුළ අසීරුතාවට පත් වී සිටියහ. 01 October 2023
තුර්කියේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ප්‍රහාරය සඳහා මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනකු පැමිණ ඇත. එක් බෝම්බකරුවකු තුර්කි අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය ඉදිරියේ සිය බෝම්බ කබාය පුපුරුවා ගත් බව පැවැසෙයි. 01 October 2023
‘‘මහරගම සීතාගේ පපුවේ උණ්ඩ හතක්‘‘ මහියංගනයේදී වෙඩි ප්‍රහාරයකට ලක් වූ මහරගම සීතා ඇතින්නගේ හෘදය වස්තුව ආසන්නයේ සිරුර තුළ උණ්ඩ හතක් වැදී ඇති බව ඇතාට වෛද්‍ය ප්‍රතිකාර කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය අශෝක දංගොල්ල මහතා ප්‍රකාශ කළේය. 01 October 2023
ඉන්ධන මිල සංශෝධනයක් මිල සූත්‍රයට අනුව ඔක්තෝබර් මස ඉන්ධන මිල සංශෝධනය හෙට (2) මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 01 October 2023
ලෝක ජනාවාස දිනයට ජනාවාස සතියක් ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කරන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 01 October 2023
ළමා, වැඩිහිටි අයිතිය රකින්න රජය කැපවී සිටිනවා ළමා සහ වැඩිහිටි අයිතීන් සුරකිමින් ඔවුන්ගේ සුබසාධනය සහ ආරක්ෂාව වෙනුවෙන් රජය පියවර රැසක් ගෙන ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 01 October 2023
ජාතික සමගියට වෙනම කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය තහවුරු කිරීම සඳහා ජාතික සමගිය සහ ප්රතිසන්ධානය පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම සඳහා පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ළඟදීම ඉදිරිපත් කිරීමට නියමිතය. 01 October 2023
උණුවතුර බොයිලේරුවකට වැටී අයෙක් මරුට උණුවතුර බොයිලේරුවකට ඇදවැටී ඉන්දියන් ජාතිකයෙකු මියගොස් ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි . 01 October 2023
මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම ඉහළට මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මාසයකට ආසන්න කාලයක් තිස්සේ ඇද හැලෙන අඛණ්ඩ වර්ෂාවෙන් මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්රයෙන් ඉහළ නඟිමින් පවති. 01 October 2023
සැකකරු මාංචු සමඟ පැන ගිහින් විදේශිය නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමග සැකපිට අත්අඩංගුවට ගෙනරැදුවුම් නියෝග යටතේ මිද්දෙණිය පොලීසියේ සිර මැදිරියේ රඳවා සිටිඅයකු ඔහුට දමා තිබූ අත් විලංගු ද සමග පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගොස් ඇතැයිමිද්දෙණිය පොලිසිය පවසයි. 01 October 2023
තඹලගමුව රෝහලේ ඖෂධ ගබඩාවේ ගින්නක් තඹලගමුව පොලිස් වසමට අයත් කොවිල් අඩි පිහිටි තඹලගමුව ප්‍රාදේශීය රොහලේ ඹෞෂධ ගබඩාවේ ඇතිවු ගින්නකින් අද (01) උදැසන එම ගබඩාව,කාර්යාලය හා රසායනාගාරය සම්පුර්ණයෙන් විනාශ වි ගිය බව පොලිසිය කියයි. 01 October 2023
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹට අදත් තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 01 October 2023
කිඹුලාගේ බලු සෙනෙහස ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කිඹුලන් බහුලව සිටින ගඟකට පැන්න දඩාවතේ යන බල්ලකුගේ ජීවිතය එම ගඟේ සිටි කිඹුලන් දෙදෙනකු බේරා ඇතැයි සී.බී.එස් පුවත් සේවය වාර්තා කර ඇත. 01 October 2023
නාසා ‘සයිකී’ ගවේෂණ මෙහෙයුම කල් යයි සෞරගඟ මණ්ඩලයේ වටිනාම දේ ලෙස තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇති, ‘සයිකී 16’ Psyche නමැති ග්රහකය ගවේෂණයට ඇමෙරිකාවේ නාසා ආයතනය රොබෝ යානයක් යැවීමට සූදානමින් සිටියත්, එය ලබන ඔක්තෝබර් 12 වැනිදා තෙක් කල් දැමුණු බව පැවැසෙයි. 01 October 2023
ඉන්දියාවේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දැමෙයි ඉන්දියාවේ නවදිල්ලි අගනුවර තම තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කළ බව ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. 01 October 2023
මාලදිවයිනට නව ජනාධිපතිවරයෙක් මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. ඒ අනුව මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ 45 හැවිරිදි මොහොමඩ් මුයිසුය. 01 October 2023
හිමිනමකගේ ගෙළ කපා අපවත් කරලා පොතුහැර ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමි (64) ඊයේ (29)රාත්‍රියේ පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොතුහැර පොලීසිය පවසයි. 30 September 2023
සරසවි සිසුන් වැඩි පිරිසකට හරිහමන් කෑමක් නෑ විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිගකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යාපන බලධාරීහු පෙන්වා දෙති. 30 September 2023
මැලේසියා ඝාතනයේ ලාංකික තිදෙනා රිමාන්ඩ් මැලේසියාවේ සෙන්තුල් හි ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික යුවළ ඔක්තෝබර් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි එරට මාධ්‍ය කියයි. 30 September 2023
හරක්කටාට උදව් කළ පොලිස් කොස්තාපල්වරයකු අල්ලයි නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැත්තාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලායාමේ සැලසුම සඳහා ආධාර අනුබල දුන් බව කියන තවත් පොලිස් කොස්තාපල්වරයකු එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 30 September 2023
යුද හමුදාව අඩකින් අඩුකරන්න සැලසුමක් 2030 වන විට ශ්‍රි ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට රජය සැලසුම් කර ඇතැයි දැන ගන්නට ඇත. 30 September 2023
අත්තනගලු ඔය පිටාර මට්ටමේ වර්ෂාව සහිත හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (30) දහවල් 12 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 දශම 90 ක් වශයෙන් සදහන්ව තිබූ බවත් මෙය අත්තනගලු ඔය පිටාර මට්ටමකට පත්වීමක් වන බවත් ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 30 September 2023
දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිටීම සඳහා ඔවුන් කිසිම ආකාරයකින් හෝ සවිබල ගන්වා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 September 2023
බෙල්ලන්විල පාලමක් අසල කාන්තා මළ සිරුරක් බෙල්ලන්විල මහරගම පාර පාලම අසල ස්වයැන් රැකියා වෙළද කුට් පිටුපස ඇල මාර්ගයේ තිබී අභීරහස්.ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සීරුරක් (30 ) වන දින උදෙසන හමුවී ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය . 30 September 2023
ප්ලාස්ටික් තහනම් හෙට සිට තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට (1) සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 30 September 2023
මෝටර් රථයක් වතුරේ ගසාගෙන යයි පවතින අයහපත් කාලගුණය හේතුවෙන් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග හා නිවාස රැසක් මේ වන විට ජලයෙන් යටව පවතින අතර ඊයේ (29) මෝල්කාව බුලත්සිංහල මාර්ගයේ ශ්‍රී මහ විහාරය අසලදී කාර් රථයක් ගංවතුරට ගසාගෙන ගොස් තිබූ අයුරු 30 September 2023
මත්ද්‍රව්‍ය වටලන්න ගිය සුරාබදු නිලධාරීන්ට පහරදීලා මතුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය සුරාබදු නිළධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදී රුපියල් ලක්ෂ දෙකකට අධික මුදලක් කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි . 30 September 2023
වනජීවිය අල්ලාගත් අක්කර 25000 ක් ගොවීන්ට වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු අත්පත් කරගත් අක්කර 25,000 ක් නැවත ගොවීන්ට දීමට අවශ්‍ය කටයුතු කරන බව වනජීවී ඇමැතිනී නීතිඥ පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය පැවසුවාය. 30 September 2023
වාහන 133ක රේගු ලිපිගොනු අතුරුදන් විවිධ චෝදනා මත රාජසන්තක කෙරුණු වාහන 435 කින් වාහන 133කට අදාළ රේගු විමර්ශන ලිපි ගොනු අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 30 September 2023
මැතිසබේ ’’අනංගයන්’’ සොයන්න විශේෂ නිලදරුවෙක් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විධිමත් පරීක්ෂණයක් (Formal inquiry) ආරම්භ කළේය. 30 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026