මැතිසබේ ’’අනංගයන්’’ සොයන්න විශේෂ නිලදරුවෙක් පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර ප්‍රධානීන් විසින් ලිංගික හිරිහැර කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා විධිමත් පරීක්ෂණයක් (Formal inquiry) ආරම්භ කළේය. 30 September 2023
මන්ත්‍රී ආරක්ෂකයා ගංජා අදිද්දී මාට්ටු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ තවත් පුද්ගලයන් තිදෙනකු ත්‍රීරෝද රථයකින් ගංජා පාර්සල් තුනක් ප්‍රවාහනය කරමින් සිටියදී ඔක්කම්පිටිය නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව ඔක්කම්පිටිය පොලිසිය පවසයි. 30 September 2023
බලු සිද්දියකට පී.සී මුදලාලිට ගහලා අග්බෝපුර, කිතුල්උතුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට තමන්ගේ සුරතල් සුනඛයා ගිය අවස්ථාවේ සුනඛයාට පහර දුන් බව කියමින් එම වෙළඳසැලේ අයිතිකරුට පහර දුන්නේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරකු හබරණ පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 30 September 2023
ගනේමුල්ල සංජිව ගේ ගිනි අවි සොහොන් බිමෙන් මතුවේ රැඳවුම් නියෝග යටතේ වීරගුල පොලිසියේ රඳවාගෙන සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව නමැත්තාගෙන් ප්‍රශ්නකර හෙළිකරගත් තොරතුරු මාඉඹුල ප්‍රදේශයේ පිහිටි පොදු සුසාන භූමියක සඟවා තිබූ අත්බෝම්බ ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගෙන ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. 30 September 2023
රන් සොරකමකට ගුවන්තොටේ ආරක්ෂකයෙක් මාට්ටු කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ආරක්ෂක අංශයේ ස්කෑන් යන්ත්‍රය පරික්ෂාකරන නිලධාරියකු විදේශ ගතවිමට පැමිණි කාන්තවකගේ රන්මාලයක් හා පෙන්ඩනයක් සොරකම් කළැයි කියන සිද්දියකට එම නිලධාරියා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 30 September 2023
නිරිත දිගට තවදුරටත් තද වැසි දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත්ත පවතිනු ඇතැයි අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාරතමේන්තුව කියයි. 30 September 2023
8 වැනි මහද්වීපය සිතියම්ගත කෙරේ පෘථිවියේ අටවැනි මහද්වීපය ’සීලන්ඩියා’ Zealandia බවත්, නවසීලන්තය මෙම මහද්වීපයට අයත් කොටසක් බවත්, භූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. 30 September 2023
සජීවී ගුටි කෙළියක් පාකිස්තානයේ පෞද්ගලික රූපවාහිනී නාළිකාවක, දේශපාලන සංවාදාත්මක වැඩසටහනක් අතරතුරේ, සජීවී ගුටි කෙළියක් දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව උදා විය. 30 September 2023
මුලතිව් මහේස්ත්‍රාත් ඉල්ලා අස්වීම ගැන ජනපති අණින් පරීක්ෂණ මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත. 30 September 2023
බංග්ලාදේශය පුහුණු තරගයෙන් ජයගනී ඉන්දියාවේදී ලැබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංක පිල ගුවහාටිහිදී අද (29) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී බංගග්ලාදේශය හමුවේ කඩුලු 7 කින් පරාජය විය. 29 September 2023
මහින්ද කැලණිය වැඳපුදා ගනී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය. 29 September 2023
නොවැම්බරයේ ලයිට් බිලට වෙන දේ චම්පික කියයි විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. 29 September 2023
කොස්තාපල්ව හැප්පූ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට මොරටුව එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරයකු පැදවූ මෝටර් රථයේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා අද (29) රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 29 September 2023
14 හැවිරිදි ළමයෙක් කොග්ගල මෝයකටේ ගිලි අතුරුදහන් වරකාපොල සිට විනෝද චාරිකාවක් පැමිණ කොග්ගල මෝය කට අසල මුහුදේ දිය නාමින් සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 29 September 2023
කෙසෙල් සමග කුඩු බෙදයි කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙනආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බීම බට 16 ක තිබී හෙරොයින් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා අද (29) පැවසීය. 29 September 2023
ජනපති සහ කසකස්ථාන ජනපති අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බර්ලින් නුවරදී සිදු විය. 29 September 2023
මල් කැකුළක් වැනසූ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අත්අඩංගුවට අවුරුදු හයක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 29 September 2023
ලබන වසර විසර්ජනයේ වැඩිම මුදල ජාතික ආරක්ෂාවට ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි. 29 September 2023
ජනපති යුරෝපා කවුන්සිලයේ සභාපති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය. 29 September 2023
විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන අදහස් විමසයි ලංකා විදුලිබල මණ්ඩලය ලබන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අති විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳ ලිඛිත අදහස් ඔක්ටෝබර් මස 18 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ඔක්ටෝබර් මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන සමුළුවේදී ගන්නා බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය. 29 September 2023
මහාචාර්ය සේනක බිබිලේ සමරති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 46 වන ගුණ සැමරු උත්සවය කොළඹ ටොරින්ටන්හි පිහිටි ඒ මහතාගේ ස්මාරකය අසළදී අද (29) පෙරවරුවේ පැවැත්විණි. 29 September 2023
කෙලී ආරක්ෂිතව ගෙන්වා ගන්නවා මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අද(29) මුණගැසීමට නියමිතව තිබූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 29 September 2023
හරක්කටා පැන්නන සැලසුම් කළ දුරකථන කඩවත කසළ ගොඩක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා පැන්නිමේ අසාර්ථක මෙහෙයුමේ දී කොස්තාපල්වරයා පරිහරණය කළ ජංගම දුරකථනය සහ මෝටර් රථය පැදවූ සැකකාර රියැදුරු පරිහරණය කළ ජංගම දුරකථනය කඩවත ශ්‍රමදාන මාවතේ හෝටලයක් ඉදිරිපිට කසළ ගොඩක පුළුස්සා තිබියදී අද (29) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 29 September 2023
පාකිස්ථානයේ පිපිරීමකින් 52 ක් මරුට පාකිස්තානයේ සිදු වූ පිපිරීමකින් 52 දෙදෙනකු මිය ගොස් තවත් 130 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 29 September 2023
ආබාධිතයන් සඳහා වෙනම පාර්ලිමේන්තු සංසදයක් මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක් ( parliamentary coucus for tha lnclution of persons with Disabilities- PClOD) පසුගියදා පිහිටවනු ලැබීය. 29 September 2023
ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය. 29 September 2023
පේරාදෙණියට නරක් වෙන්න ළඟ බෙහෙත් 12ක් යවලා කල් ඉකුත්වීමට ආසන්නව තිබූ ඖෂධ වර්ග 12 ක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 29 September 2023
විදුලිබිල නැවත වැඩි කරන්න ඉල්ලයි විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත. 29 September 2023
කලවාන අයගම මාර්ගයේ ගමනාගමනය නවතියි කලවාන - අයගම ප්‍රධාන මාර්ගයට අද (29) ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය මීපාගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් අවහිරවී ඇත. 29 September 2023
රාජකාරී පීඩනයෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. 29 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026