
(අංජුල මහික වීරරත්න)
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 වසරේ දෙසැම්බර් මාසයේදී ද අඹේවෙල කිරි ගොවිපොළේ හදිසි නිරික්ෂණ චාරිකාවකට එක්වූ අතර එහිදී ලබාදුන් උපදෙස් අනුව ගොවිපොළ තුළ පුළුල් සංවර්ධන ක්‍රියාවලියක් පසුගිය වසරේදී ආරම්භ කෙරිණි.
අඹේවෙල කිරි ගොවිපොළ වෙත පැමිණි ජනාධිපතිවරයා කිරි ගොවිපොළ සමූහයේ සාමාන්‍යාධිකාරී සරත් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගනු ලැබීය.
ගොවිපොළේ නව සංවර්ධන කටයුතුවල ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා කිරි ගවයන් රඳවා සිටින පරිශ්‍රය ද නිරික්ෂණ කළේය.
අනතුරුව එහි විධායක කාර්ය මණ්ඩලය සමඟ කෙටි සාකච්ඡාවකට ද එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අඹේවෙල ගොවිපොළ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ලබා ඇති ක්‍රමික වර්ධනය හා එමගින් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය ඇගයීමට ලක් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගියා බැලුවා කියන්නේ විකුණනවා කියන එක....
මේ පාර නම් නියම සයිස් එකට කලිසම් අරගෙන වගේ...!
ඔබේ අය හොඳින් කරනවා නේද?
ජනාධිපති 2025...!
අඹේවෙල කිරි ගොවිපල පෞද්ගලික අංශය නොවේද පාලනය කරන්නේ...?
මෙයා හරක් බලන්න තමයි හරියන්නේ...!
ඔක්කෝටම කළින් මේ අයට කියන්න ඕනෑ හරක් රජාට ආචාර කරන විදිහ...
ඔය මනුස්සයා මොකක්හරි දැක්කොත් විකුණන් කන්න බලන්නේ... පරිස්සමෙන්... වැඩිය හොඳ තැන් පෙන්වන්න එපා.
සර් එතැන 134ක් හිටියා නේද? දැක්කද?
කිරි හරකුන්ටත් ඡන්ද බලේ දෙන්න වගේ යන්නේ...!