
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ඉතිහාසයේ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර අතරින් ඉදිරියෙන්ම ඇති ප්‍රහාරයක් වන ‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරයට අද (21) වසර 5 ක් සම්පූර්ණ වේ.
අන්තවාදී ආගමික කල්ලියක් කොළඹ, මීගමුව සහ මඩකළපුවේ කතෝලික දේවස්ථාන සහ කොළඹ තරු පන්තියේ හෝටල් කීපයක 2019 වසරේ අප්‍රේල් මස 21 වැනිදා පෙරවරුවේ එකවර බෝම්බ පුපුරුවා හැරීමෙන් පුද්ගලයන් 273 මරණයට පත්ව 500 කට අධික සංඛ්‍යාවක් පූර්ණ හෝ අර්ධ හානීන්ට පත්වූ බව නිල පිළිගැනීමයි.
එදිනට කතෝලික භක්තිකයන්ගේ ප්‍රධාන ආගමික දිනයක් වන ‘පාස්තු දින‘ යෙදී තිබීම නිසා පසු කළ බොහෝ දෙනා එම බෝම්බ ප්‍රහාර මාලාව ‘පාස්තු දින‘ ත්‍රස්ත ප්‍රහාරය ලෙස හැදින්වීය.
එදින පෙරවරු 8.45 ට පළමු බෝම්බ ප්‍රහාරය එල්ල වූ බව ආරක්‍ෂක අංශ පවසන අතර එම ප්‍රහාරයට ලක්ව දේවස්ථානවල දේව මෙහෙයට සහභාගි වී සිටි සහ කොළඹ තරු පන්තියේ හෝටල්වල උදෑසන ආහාර ගනිමින් සිටි පවුල්පිටින් මරු වැළඳගත්තේය.
මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බ පිපිරීමන් එම ප්‍රදේශයේ ඇතැම් පවුල්වල සියලුම සාමාජිකයන් මරණයට පත්වීමෙන් තවමත් වාසා ඇති නිවාස ඇති බව ද එහි ප්‍රදේශවාසීහූ පවසති. ඇතැම්හූ එදින සිට තවමත් ඇඳ මත සිටින අතර ඇතැම් පවුල්වල සාමාජිකයෝ සිහිමද ගතින් පසුවෙති.
මෙම බෝම්බ ප්‍රහාර මාලාව මෙරට දේශපාලන සහ සමාජීය තත්වය උඩුයටිකුරු කළ සිද්ධියක් බවට පත්වුව ඇති අතර එම ප්‍රහාරයට සත්‍ය වශයෙන්ම වගකිවයුත්තන් කවුරුන් ද යන්න තව දුරටත් අභිරසකි.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ අදාල ප්‍රහාරයට වගකිවයුත්තන්ට දඩුවම් දෙන ලෙස පසුගිය වසර පහක කාලය තුළ දැඩි අරගලයක නිරතව සිටිති.
ඡායා ළහිරු හර්ෂන





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ආණ්ඩුවේ උදව්වෙන් පොහොට්ටුව විසින් කළ අපරාධයකි.
මෙම අවාසනාවන්ත ප්‍රහාරය මෙන්ම මේ ලොව තුළ සිදුවූ ස්වභාවික ආපදා ත්‍රස්තවාදි ප්‍රහාර, යුද ගැටුම් හේතුවෙන් මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා... මොක් සුව ලැබේවා...!
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්...!
ඊබ්‍රහිම් නානා.. එයාගේ පුතාලා පිරිස එකතු වෙලා කළ විනාශය...!
තුච්ඡ දේශපාලන අභිමතාර්ථ සඳහා කළ අමානුෂික අපරාධයක් වසන් කරගෙන සිටි අවසාන වසර 2024 ද විය හැකියි. කවුරුන් විසින් හෝ මේ අපරාධය කල අයට දඬුවම් කළ යුතුමයි..
ඊබ්‍රහීම් වෙන පක්ෂයකට සම්බන්ධව සිටිය කෙනෙක් නම් ජවිපයට කොහොම කතා කියාවිද?
මෙයට සම්බන්ධ මෙන්ම උදව්, උපකාර කරපු, අනුබල දීපු, අයට ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා...!
ආගමික වතාවන් කිරීමට දේවස්ථාන වලට ආව අසරණ පවුල් වනසා දැමූ මෙම අපරාධයට අනුබල, ආධාර දුන් ඔවුන්ගේ පවුල්වලටත් මෙය දේව සාපයක් වේවා...!
දෙවියනි, ඔබ කොහිද? තවමත් මහ මොලකරුවන් රජසැප විඳිනවා. මොවුන්ව හිරේට දාන්නේ කවදාද දෙවියනි...?
ලංකාවේ වෙච්චි එකම ම්ලේච්ඡ ඝාතනය නම් මේක...
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ, අනුබල දුන්නු හැම එකාටම ශාප වේවා !!! හෙණ පහල වේවා!!! ඉතා භයානක මරණය ඇති වේවා!!
මෙම අපරාධයට අනුබල, ආධාර දුන් ඔවුන්ගේ පවුල්වලටත් මෙය දේව සාපයක් වේවා..!
පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ වූ සියලුම දෙනාට ඊට අනුබල දුන් සැමට, බලලෝභී, බඩගෝස්තරවාදි කාලකන්නි දූෂිත පවුල් පාලනේ අයට සාපවේවා... ස්වභාව ධර්මයෙන් හෝ කෙදිනක හරි ඔවුන්ට දඬුවම් ලැබේවා...!
ප්‍රහාරය වළකා තම බැතිමතුන් බේරාගැනීමට දෙවියන් වහන්සේට බැරිවුනේ ඇයි?
ඝෝඨාභයට කවදත් අකමැති මුස්ලිම් කාරයෝ ඝෝටාට බලය අරන්දෙන්න බෝම්බ පුපුරවා ගෙන මැරුණ කියලාද කාදිනල් කියන්නේ? යහපාලන ආණ්ඩුවේ ගොයියෝ ඝෝඨාභය බලයට පත් කරන්න උවමනාවට ප්‍රරහාරය මැඩ පැවැත්තුවේ නැහැ කියලාද කාදිනල් කියන්නේ? රාජපක්ෂලාගෙන් ආප්ප කාල රාජපක්ෂලව පාවාදීපු මෛත්‍රීයා රාජපක්ෂලට බලය අරන් දෙන්න ප්‍රහාරය වැළැක්කුවේ නැහැ කියලාද කාදිනල් කියන්නේ? කියන අයගේද අහන අපේද?