
(සුජිත් හේවාජුලිගේ )
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බව වෛද්‍යවරු යෝජනා කරති.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසන්නේ නිර්වින්දන හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවදුරටත් පවතින බවයි.
එම වෛද්‍යවරුන් බොහෝ පිරිසක් රටා අත්හැර ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.
පිරිසක් විදේශ පුහුණුවීම් සඳහා ගොස් ඇති බවත් පුහුණුවීම් සඳහා ගිය ඇතැම් වෛද්‍යවරුන් මේ වන විට පැමිණෙමින් සිටින බවත් ලේකම්වරයා කීවේය.
හෙදියන්ද දෙසීයකට වැඩි පිරිසක්ද රට රැකියාවලට ගොස් ඇතත් නව බඳවා ගැනීම හේතුවෙන් රෝහල්වල කටයුතුවලට බාධාවක් වී නැතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් පියවරක් ගන්න දෙයක් නෑ. රටේ මිනිස්සුන්ට කන්නවත් නැතුව ඉන්න වෙලාවක කිසිම වෘත්තියකට නොදුන් රු 35,000ක් දුන්නානේ. වෙන කිසිම වෘත්තිකයෙක්ට නැති විදියට පුද්ගලික සේවයත් කරන්න රජය ඉඩ දීලා තියෙනවානේ. දැනටත් ආධුනික දොස්තර කෙනෙක්ටත් අවම ලක්ෂ දෙක හමාරක් ලැබෙනවානේ අතිකල නොකරත්. තව මොනවාද ඉල්ලන්නේ? කරන්න තියෙන එකම දේ තමයි නිදහස් අධ්‍යාපනයෙන් වියදම් කළ මුදල නැවත අය කර ගැනීම. පුද්ගලික වෛද්‍ය විද්‍යාල දැමීම. මෙයාලා නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන, ලංකාවේ දොස්තරගේ ලක්ෂ 3-5 වැටුප සංසංදනය කරනවා. දියුණු රටවල ලක්ෂ 20-30 වැටුප එක්ක. ඒ රටවල්වල කම්කරුවාටත් ලක්ෂ ගණන් ගෙවනවා. අනික ඒ රටවල නිකන් උගන්නලා නෙවෙයි. මරු දොස්තරලා. ලංකාවේ උපාධිය සුදුසුකම් තියෙන මුදලට ගන්න කැමැති කෙනෙක්ට ගන්න දෙන්නෙත් නෑ. වෙන කෙනෙක්ට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. තමන් රටට වැඩක් කරන්නෙත් නෑ. දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදලින් නිකන් ඉගෙන ගෙන රට පනිනවා...
රටේ මෙම ආර්තික ප්‍රශ්නයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් GMOA ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනෑ. මෙයාලා තම රටේ වැටුප් ප්‍රතිපත්ති හදන්න මැදට පැනලා තමන්ට ලොකු හැන්දෙන් බෙදාගෙන අනික් වෘත්තිකයෝ අත පල්ලෙන් වැටුණු පිරිසක් විදිහට සලකලා ඉතාම අඩු වැටුප් තලවල තිබ්බේ පාදෙණිය කියන පුද්ගලයා... ඒකෙන් වුනේ රටේ ආර්තිකය ගොඩ නගන්න ඍජුවම දායකවෙන මහාචාර්යවරු, විද්‍යාඥවරු, පරේෂකයෝ, ඉංජිනේරුවරු, කෘෂිකාර්මික කේෂ්ත්‍රයේ පිරිස් බුරුතු පිටින් රට හැර ගිය එක... ඒකෙන් වුනේ රටේ ආර්තිකය යළි ගොඩ ගන්න බැරි විදියට කඩන් වැටුණු එක. දැන් හැබයි තමන්ටත් ඉන්න බැරි වෙනකොට එයාලත් රට පනිනවා... අනුන්ට වළ කපනකොට තමනුත් වළේ වැටෙනවා කියන්නේ ඕක තමයි...
රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල දානකොට දොස්තරලාම තමයි විරුද්ධ වුනේ. වෙන්න ඕනෑ විරුද්ධ වෙන එක නොවේ. ප්‍රමිතියකට කරන්න උදව් කරන එක. දැන් මෙයාලාත් රට පනිනවා. දැන්වත් පුළුවන් තරම් ප්‍රමිතියක් සහිතව වෛද්‍ය විද්‍යාල දාන්න ඕනෑ. අන්තරේ සහ පාරට බහින වෙද සිසුන්ගේ ශිෂ්‍යභාවය වහාම අහෝසි කළ යුතුයි.
විය යුත්තේ යන කෙනාට යන්න දී වැඩි වශයෙන් දොස්තරලා බිහි කිරීමයි. මොකද ලංකාවේ දොස්තරලා යනු කිසිම දේකින් සෑහීමකට පත්වන පිරිසක් නොවන නිසායි. ඉල්ලීම් ලබාදීම, වැටුප් වැඩි කිරීම යනු විසඳුම් නොවේ. දේශපාලන පිළිලය වගේම සහ ඊට වඩා ලොකු පිළිලයක් තමා මේකත්. දැනටමත් නොකරන අතිකාල වලට රුපියල් ලක්ෂයක් ලබා දෙයි. ඇඟිලි සලකුණු, පැමිණීම, පිටවීම නැත. බහුතරයක් දොස්තරලා රෝහල්වල ඉන්නේ මාසෙට දවස් 10 ට වඩා අඩු දින ගණනක්. රාජකාරි වෙලාවේ පුද්ගලික සේවයේ, දොස්තරට දෙන දීමනාවම සාමාන්‍ය උපාධිධාරියෙකුගේ වැටුප මෙන් දෙගුණයක්, වාහන පර්මිට් ලැබේ. මිනිස්සුන්ට කන්නවත් නැතුව ඉන්න රටකට, නිකන් උගන්නලා, ඉගෙන ගන්න ලෙඩ්ඩුත් නිකන්ම ලැබිලා (පිටරටවල රෝගීන් ලංකාවේ රෝගීන් මෙන් සිසුන්ට ඉගෙන ගන්න තමන්ව භාවිතා කිරීමට ලේසියකට ඉඩ නොදේ) තව මොනවද දෙන්න තියෙන්නේ...? රටකට දරන්න පුළුවන් උපරිම සීමාවක් තියෙනවා...!
ETCA ගහන එක තමයි හොඳම විසඳුම... ඉන්දියාවෙන් ගේන්න ඕනෑ. යන එකා යයි. කරන කෙනෙක් කරයි...
වෛද්‍යවරයකුට රුපියල් ලක්ෂ දහයක පඩියක්වත් නොලැබේ නම් ලංකාවේ රැඳීමෙන් ඵලක් නැත...!
බුද්ධිමතුන් රට හැරයන එක ගැන රජයට ගාණක් නැහැ. එහෙම එකේ මේ රජය දිගටම තිබුණොත් ඉන් ඵලක් නොමැති බවයි පේන්නේ...
රාජපක්ෂලාට මේ ප්‍රවෘත්ති කණට මී පැණි වගේ. ඔවුන්ට ඕනේ රටේ ඉන්න මෝඩයින් ගාන වැඩි කරගෙන මෝඩයින්ව නාස් ලණුව දාලා ඔව්න්ට ඔවුන්ගේ ගමන යන්න.
වෛද්‍යවරයෙකුට රුපියල් ලක්ෂ දහයක වැටුපක්වත් නො ලැබේ නම් ලංකාවේ සිටීමෙන් ඵලක් නැත...
කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ වහල්ලු හදන්න නොවේ.මිනිසුන්ගේ ජිවන තත්වය ඉහළ දමන්න.
කස්ටිය කට ඇරියොත් නිදහස් අධ්‍යාපනෙන් ඉගෙන ගත්ත දොස්තරලා. දොස්තරලාට විතරක් නිදහස් අධ්‍යාපනේ දීලා නෑ. මුළු රටේම අයට නොමිලේ තමයි අධ්‍යාපනේ දෙන්නේ. ඒකෙන් ප්‍රයෝජන ගත්තු අය ටිකක් තමයි දොස්තරලා වෙලා තියෙන්නේ. එහෙම නිදහස් අධ්‍යාපනෙන් ප්‍රයෝජනයක් නොගෙන හරියට ඉගෙන ගන්නේ නැතුව ඉගෙන ගත්ත අයට ඉරිසියා කර කර බැන බැන ඉඳපල්ලා. පිට රටවල නිදහස් අධ්‍යාපනේ නෑ කියන ළිං ගෙම්බන් පොඩ්ඩක් හොයලා බලාපල්ලා ජර්මනිය ගැන එහෙම. ජර්මනියෙත් අධ්‍යාපනේ සම්පූර්ණයෙන් නොමිලේ...