(සුජිත් හේවාජුලිගේ )
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඉදිකිරීම් භාණ්ඩ හිතු හිතු මිල ගණන් වලට විකිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සියයට අනුවකින් පමණ කඩා වැටී ඇතැයි වාර්තාවේ.ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 2,0000කට වැඩි පිරිසක් විදේශගතව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර වහාම සියලුම වර්ගයේ පිඟන් ගඩොල් වර්ග පිට රටින් ගෙන්වන්න අවසර දෙන්න. ලංකාවේ පිඟන් ගඩොල් මිල 3 ගුණයකින් පමණ වැඩිවී ඇති අතර මේවා ඇණවුම්කර මුදල් ගෙවා සපයන තුරු මස 3 පමණ බලාගෙන ඉන්න සිදුවෙලා... මේක ඒකාධිකාරයක්, මාෆියාවක්...!
ඉතාම හොඳ දෙයක්..
අමුද්‍රව්‍ය මිල කොරෝනා වලට කලින් තිබුණාට වැඩිය 3 ගුණයකින් පමණ වැඩිවෙලා බැංකු ණයවලට පොලිය 15%-17% පමණ ගෙවන්න වෙලා, ඉදිකිරීමකට අනුමැතිය ගන්න වසරක් පමණ ගතවෙනවා. වැඩ පුළුවන් පුහුණු ශ්‍රමිකයින් සොයාගන්නේ නැහැ. ශ්‍රමිකයින් පුහුණු කරන්න නිසි වැඩපිළිවෙලක් රජයට නැහැ. ඉතින් ගෙවල් හදන්න ව්‍යාපාර වැඩි දියුණු කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. රජයට පුළුවන් රාජ්‍ය බැංකු හරහා පොලී අනුපාතය අඩු කිරීම වැනි දේවල් කරන්න. නමුත් මුකුත්ම නොකර පම්පෝරි ගහනවා. ආර්ථික වර්ධනයක් අවශ්‍ය නම් වහාම පියවර ගන්න...
අද තියෙන මූලිකම ප්‍රශ්නයක් තමයි ශ්‍රමිකයින් හිතූ හිතූ ගණන් අය කරනවා. බැරිද ශ්‍රමයට මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න. ලංකාවෙන් විදේශ රටවල්වල සිටින ශ්‍රමිකයින්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයට එන්න වීසා ක්‍රමයක් හඳුන්වා දුන්නොත් මේ ගසා කෑම නවත්තන්න පුළුවන්...