(ආරියරත්න රණබාහු )
ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙනගිය රටට ජාතියට ණය නැති අභාවප්‍රාප්ත සර්වෝදය ව්‍යාපාරයේ නායක ශ්‍රී ලංකා භිමාන්‍ය ආචාර්ය ඒ ටී ආරියරත්න මහතා රාජ්‍ය ගෞරව සහිතව අද (20)අවරට හිරු බැස ගිය සැන්ඳෑ යාමේ දහසක් දෙනාගේ සෝසුම් මැද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සදහටම දැයෙන් සමුගත්තේය.
මොරටුව රාවතාවත්ත සර්වෝදය මූලස්ථානයේ තැන්පත් කර තිබූ ඒ මහතාගේ දේහය එහි සිට මහ රථ පෙරහරකින් කොළඹ නිදහස් චතුරශ්‍රයට ගෙනවිත් ආගමික වතාවත් සහ රාජ්‍ය ගෞරව දැක්වීම සඳහා විශේෂ පිඨිකාවක තැන්පත් කෙරිණි .
අනතුරුව පස්වරු හතරට පමණ අවමංගල්‍ය උත්සව සභාව ආරම්භ කෙරිණි
එහිදී බෞද්ධ හින්දු කතෝලික සහ ඉස්ලාම් යන සර්වාගමික පින් පැම්ණ විමේ වතාවත් ආගමික නායකයින් විසින් සිදු කරනු ලැබිණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු නායක වලේබොඩ ගුණසිරි ,මාඉටිපේ ගුණ සිරි රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අකුරැටියේ නන්ද යන හිමිවරුද අනුශාසනා සහ ආගමික වතාවත් ඉටුකිරීමට එක්වුහ.
ශ්‍රී ලංකා රදගුරැසම්මේලනයේ උපලේකම් ඩිලාන් ප්‍රනාන්දු පියතුමා කතෝලික ආගම වෙනුවෙන්ද ශ්‍රි දර්ශා කුරකල්තුමා හින්දු ආගම වෙනුවෙන් ද සමස්ත ලංකා ජමිය උලමා සභාවේ ජේෂ්ඨ විධායක සභික ෆාරුක් මවුලවිතුමා ඉස්ලාම් ආගම වෙනුවෙන්ද ආගමික වතාවත් ඉටුකළහ.
පැය දෙක කාලයක් අවමංගල්‍ය උත්සව සභාව පැවති අතර සවස හයයි තිහට පමණ ඉතා චාම් ලෙස සකස් කර තිබුණු චිතකයට සර්වෝදය නායකයාගේ නිසල දේහය තැන්පත් කිරීමෙන් පසු බෑණනුවන් දෙපලක් විසින් ඊට ගිනි දල්වන ලදී.
ඡායා ගයාන් අමරසේකර
රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී
ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක
රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඒ.ටි. ආරියරත්න සමුගනී