
(යොහාන් භාසුර)
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක් වූ බවත් එම බලපෑම් හේතුවෙන් එම ප්‍රමාද වූ වසර පහේදී රුපියල් කෝටි 4,500 ක් පාඩු වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය.
සාම්පූර් විදුලි බලාගාරයට ඉදිරිකිරීමට නොදීමෙන් ශ්‍රී ලංකාව වසරකට රුපියල් කෝටි 3,200 බැගින් පාඩු ලබන බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චව් චව් ජෙප්පෝ...!
ඔයාලා රටට කරලා තියෙන පාඩුව මීට වැඩියි.
සියලුම පක්ශ විරුද්ධ වුණත් ඔබලා ගිය වසරේ 3 පාරක් අසාධාරණ ලෙස විදුලි බිල වැඩි කරා නේද? එසේ නම් එම පක්ෂ විරුද්ධ වූ පලියට ඔබලාට එම ව්‍යාපෘති කිරීමට නොහැකි වුනේ ඇයි?
ඉජ නොදෙනවලු? අපිටද කියන්නේ..?
එතකොට මාතර තිරිසන් මාරයාගේ කොල්ලා මේකෙන් ගත්තු කොමිස් එක කීයද?
ජවිපෙ පෙනී හිටියේ උමග කැනීම නිසා ජල මූලාශ්‍ර සිඳී යාම සහ නිවාස විශාල වශයෙන් ගිලා බැසීම නිසා විපතට පත් ජනතාව වෙනුවෙන්. ජවිපෙ ජනතාව සමග අරගල කරා කියලා ඉදිකිරීම් ප්‍රමාද වුනේ නෑ. අමතර වියදමක් ගියේ උමගේ ජල කාන්දු වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූ නිසා...!
ප්‍රශ්නයක් නැහැ ඇමැතිතුමා.. ලංකාවේ ඉන්නේ ඔලමොට්ටල ඡන්ද දායකයින් (ඔහේලා පත්කළ ලක්ෂ හැටනවයම) බලාගෙන ඉන්නේ ඊළඟ ජනාධිපති එම විනාශකාරීන්ගේ නායකයා ලෙසට පත්කරන්න තමයි...!
උමා ඔය විතරද ඇයි පෝට් සිටිය? තව කීයක් තියෙනවාද? ඒවාට පමාව වෙනුවෙන්ම කීයක් ගෙව්වාද? ජවිපය ප්‍රධාන චම්පික, සජබ, වත්මන් ජනපති ඇතුළු 2015 සිට මේ රට වළ පල්ලට ඇද දාන්නා කටයුතු කළ සියලු බලවේග ඊට වගකිව යුතුයි...
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900ක පාඩුවක් වූ බවත් එම බලපෑම් හේතුවෙන් එම ප්‍රමාද වූ වසර පහේදී රුපියල් කෝටි 4,500ක් පාඩු වී ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවැසීය' (උපුටා ගන්න ලදී ) වගකීම් විරහිත ප්‍රකාශ මේවා විවිධ දේශපාලන පක්ෂ කියලා කියන්නේ මේ දෙගොල්ලෝ නේද වසර 67ක්ම මේ රට පාලය කලේ. මේ මුදල් කාගෙන්ද නැවත රජයට පවරාගන්නේ? ඔවුන්ගේ (වගකිවයුතු සියළුම දෙනා) පෞද්ගලික දේපළ විකුණා ගෙන හරි... ඒ පාඩුව පියවා ගත යුතුයි.
බොරු කියන්න එපා,දේශපාලන පක්ෂ විරුද්ධ වුනේ ප්‍රමිතියෙන් තොරව උමග හාරලා පළාතේ ජලය උමගට ඇදලා, ලිං හිඳිලා, ගෙවල් පිපිරුවාට, ඒක දන්න අය දන්නවා, ඒකත් වුනේ 2016 විතර, ඊට පස්සේ අපි නම් විරෝධතාවයක් දැක්කේ නැහැ. රටේ හමුදාව පොලිසිය, නිලධාරි කටයුතු කරන්නේ ඇතැම් පක්ෂ කියන විදියටද? තමන්ගේ නොහැකියාව වහගන්න බොරු කියන නොම්මර එකේ ඇමැතිලා...
රටේ බොරුකාර ඇමැතිලා...
ලංකාවේ සංවර්ධනය අඩාල කිරීමට බොහෝවිට කටයුතු කලේ සමාජයට වදකයින් වන සමාජවාදීන් කියන්න පුළුවන් මුලින්ම ගල් ඔය සංවර්ධනය වෙලාවේ මැලේරියාව හදා මිනිස්සු මරණවා කිව්වේ සමාජවාදීන් කියාගත් අය තමයි... ඊළඟ 53 වර්ෂයේ හර්තාලය මෙහෙයවූවේත් ඔවුන්ම තමයි ඊළඟට 1971හා 87 සිට 89 අවසානය දක්වා සංවර්ධනය අඩාල කිරීමෙනුත් නොනැවතී වරින්වර කරන කටයුතු අතර උමාඔය සංවර්ධනයට බාධා කිරීම එකක් පමණයි.. එහෙම තියෙද්දී හයක් හතරක් නොතේරෙන ළදරුවන් වගේ මුග්ධයින් රෑනක් ඔවුන්ව මෙතෙක් රටේ පාලනය කලේ නැහැ. ඔවුන්ට දෙනවා උඹලත් දීපල්ලා කියලා දඟලනවා එහෙම කෙනෙකුගේ නුවණ මේකෙන් හිතාගන්න ආදීවාසීන් ගැන කියන ගීතයක මහ බැද්දේ හිටපු කෙනෙක් අකුරු කරන්නට නුවරට ගියේ මම් කියලා අහලා ඇතිනේ... ඉතින් අර පුද්ගලයා කියන්නේ එතැනදී නුවර කියන්නේ මහනුවරට (කැන්ඩි) කියලා තමයි. නුවර කියන්නේ නගරය කියලා තේරුම් ගන්න මොළයක් නැති එවුන් තමයි කොම්පාසුව මුරුංගා අත්තේ තියලා ජයග්‍රාහී දිසාව බලන්න හදන්නේ...!
ඉතින් කාංචන මහත්තයෝ, උසාවියකට ගිහින් නඩුවක් දාන්නකෝ. බිලියන ගාණක පාඩුවක්... රට කරපු...‘‘ ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන්:... මේවාට විරුද්ධව...!
කාංචන ඔයාගේ තාත්තත් 1971 විප්ලව කරලා ඊට පස්සේ පක්‍ෂ මාරුකර දේශපාලනය කරපු ඔය කියපු සංවර්ධන වැඩට බාල්දි පෙරලුව කෙනෙක් තමා. ඔයා එහෙම නොකර ඉන්නකෝ...!
සමහර අයගේ ප්‍රතිචාර දකිනවිට තේරුම් යනවා තවමත් ඔවුන්ට තමන්ගේ රට හෝ මෙරටේ දරුවන්ගේ අනාගතයට වඩා තමන්ගේ වහල් දේශපාලනය වටිනා බව. රටේ සිදුවෙන කිසිම දූෂණයක් වෙනුවෙන් ඔවුන් විරුද්ධ වන්නේ නැත. විරුද්ධ වන්නාට විරුද්ධ වීම ඔවුන්ගේ සිරිතක්. මෙවැනි පුරවැසියන් තමයි අපේ රටේ විනාශයට මූලිකව වගකිව යුත්තන් වන්නේ...
ජෙප්පෝ මීට වගකිවයුතුයි. සාම්පුර් ව්‍යාපෘතිය නැති කලෙත් ජෙප්පෝ. කොටින්ම රට කෑවේ ජෙප්පෝ.