(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය.
ඒ සමග ඉන්දීය මහ මැතිවරණයකදී සිය ඡන්දය භාවිත කළ පළමු ශ්‍රී ලාංකික සරණාගතයා වීමට නාලිනී සමත්වූවාය.
නාලිනී 1986 වසරේදී මන්දපම්හි පිහිටි ශ්‍රී ලාංකික සරණාගත කඳවුරකදී උපත ලැබුවාය.
ඇයගේ දෙමාපියන් ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ලෙස සේවය කර ඇති අතර පසුව සරණාගතයින් ලෙස ඔවුන් ඉන්දියාවට පැමිණ තිබිණි.
2022 වසරේදී ඉන්දීය ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මදුරාසි මහාධිකරණයට නාලිනී පෙත්සමක් ගොනු කළාය.එම නඩුවේදී තමන් ඉන්දීය පුරවැසියෙක් බවට අධිකරණය ඉදිරියේ කරුණු තහවුරු කිරීමට නාලිනීට හැකි විය.
නාලිනී 1987 වසරට පෙර උපත ලබා තිබීම හේතුවෙන් ඇයට ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ලැබුණාය.
1950 සිට 1987 වසර දක්වා සරණාගත කඳවුරුවලදී උපත ලැබූ පිරිසට ඉන්දීය පුරවැසිභාවය ලබාදීමට එරට රජය ගත් තීරණය හේතුවෙන් ඇයට මෙලෙස ඉන්දීය පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd