IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


‘ෆොක්ස්හිල්‘ ධාවකයින් දෙදෙනකු අත්අඩංගුවට

(ප්‍රසාද් රුක්මල් ) 

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකුට මරු කැදවමින් , 21  දෙනෙකුට බරපතළ තුවාල  සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ තරගකරුවන් දෙදෙනකු අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි .

ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගයේ තරග අංක 5 යටතේ තරග වැදුණු මාතර  මැදපාර  හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් සහ තරග අංක 196 යටතේ තරග වැදුන පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් , ඔවුන් දෙදෙනාත් මෙම මෝටර් රථ අනතුරින් තුවාල ලබා දැනට පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද පොලිසිය කීය .

පාස්කු දින ප්‍රහාරයෙන් වසර පහකට පසුව ඊයේ (21) දියතලාව නරියාකන්දේදි මෙම ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග පැවත්විණ .

එම මෝටර්රථ ධාවන තරගය අතරතුරේ මෙසේ මෝටර්රථයක් ධාවන පථයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර ට පත් වූ අතර එය  නැරඹීමට ඒ ආසන්නයට යාමේදී පැවති අධික දූවිල්ලත් සමඟ ධාවන පථයෙ තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ඉවතට විසිවී ගොස් ඊට යටවීමෙන් මෙසේ අවුරුදු 8 කුඩා දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු බරපතළ තුවාල ලැබූ බවද පොලිසිය සදහන් කළේය .

 

 



අදහස් (4)

‘ෆොක්ස්හිල්‘ ධාවකයින් දෙදෙනකු අත්අඩංගුවට

සෑම් Monday, 22 April 2024 12:10 PM

ඔය අනතුරේ වගකීම යන්න ඕන සහ අත්අඩංගුවට ගන්න ඕනා ඕක සංවිධානය කරපු ආරක්ෂක අංශවල අය , ආරක්ෂක ලේකම් සහ රජය. තරඟකරුවන්ට වරද පැටවීමට උත්සහ කිරීම විහිළුවක්

:       2       29

රංජිත් Monday, 22 April 2024 12:50 PM

මෙම තරගය පිලිබඳව ඇති වූ ටියුබ් පට බැලීමෙන් සහ තරග විස්තර විචාරය වලට සවන් දීමේදී. තරිදු ජයවර්ධන නම් ක්‍රීඩකයෙක් සහ රොෂාන් පීරිස් තරම් ක්‍රීඩකයා අතර කාලයක පටන් පවතින කොන්තරයක් මෙම ගැටුමට හේතුවන බව පවසයි. මීට පෙරද එවැනි ගැටුම් හටගෙන ඇති බව විවාරක පවසයි. එම වීඩියෝ පරීක්ෂා කිරීමේ දී එක් කෙනෙක් වංගූවකදි ඉදිරීයට ගැනිමට බාධාවන ලෙස අනෙකා අවහිර කිරීම පැහැදිලිව දර්ශනය වෙයි. මෙය ක්‍රීඩාවේ සාරධර්මවලට පටහැනිය. ප්‍රතිපලස අහිංසක ජීවිත හතක් අහිමි විය. මේනිසා අත්අඩංගුවට ගත් යුතුය.

:       3       21

ඉසුරු Tuesday, 23 April 2024 07:23 AM

මේක තරගයක්, එකේදී මුලින්ම යන කෙනා විතරයි දිනනන්නේ. පොඩ්ඩක් යුටියුබ් එකේ තියන විඩායෝ ටික බලන්න. එකේදී කියන්නේ සංවිධායකවරුන්ගේ වැරැද්ද ගැන. නැත්නම් මෙච්චර අනතුරක් වෙලා තියෙද්දී රෑ ඩිජේ එකක් දායි ද?

:       0       0

නරනාටක Tuesday, 23 April 2024 12:18 PM

කැකිල්ලේ රජතුමා තවමත් ඉන්නවද ආයුබෝවන් නැත්නම් වාහනයක් පෙරලිලා යටවෙලා කීප දෙනෙක් මැරුණම රියදුරු මොනවා කරන්නද රියදුරු ඕන කමින් යටකර මැරුවෙ නැහැ බලන්න නොගිය නම් කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් අත් අඩංගුවට ගත්තු ක්‍රමය නිවැරදියි නම් දළදා මාලිගාව අවට ඔය සෙල්ලම කරන්න කටයුතු කරපු කෙනාට තමයි දඩුවමක් දෙන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවට ඉඩම් අයිතිය දීම රජයේ විප්ලවයක්
2024 මැයි මස 04 1 0

ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට රජය ගත් පියවර විප්ලවයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ජපාන විදේශ අමාත්‍යවරිය දිවයිනට
2024 මැයි මස 04 362 0

ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා මහත්මිය එක් දින නිල සංචාරයක් සදහා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .


ග්‍රාම නිලධාරින් ලෙඩවෙන බව කලින්ම කියයි
2024 මැයි මස 04 224 0

ග්‍රාම නිලධාරීන් මුහුණදී සිටින ගැටලු රැසකට වහාම විසඳුම් දෙන ලෙස ඉල්ලා ලබන 6 සහ 7 දෙදින අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක


රටේ ජනගහනය අඩුවෙලා
2024 මැයි මස 04 939 4

ශ්‍රී ලංකාවේ ජනගහනය එක් ලක්ෂ හතළිස් හතර දහසකින් පමණ පහළ ගොස් ඇතැයි මහ බැංකු වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යා


මාවුස්සාකැලේ පතුලටම හිඳේ
2024 මැයි මස 04 635 0

මධ්‍යම කදුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවෝ පවස


අයි.පී ඝාතනයට ඔත්තු බැලූ පොඩි සුදූ මාට්ටු
2024 මැයි මස 04 541 0

හිටපු පොලිස් පරික්ෂක බාලේන්ද්‍ර ඝාතනය සදහා ඔත්තු බැලූ පොඩි සුදූ නැමැති ඔත්තුකරු අයිස් මත්දුව්‍ය සමග අම්බලන්ගොඩ වෙනමුල්ල ප්‍රදේශයේ දී පොලිස් වි‍ශේෂ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 474 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1919 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1692 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site