ගාල්ල කොතේගොඩ කන්ද අවට පවුල් 94ක් ඉවත් කෙරේ ගාල්ල, කොතේගොඩ කන්ද නාය යාමේ අවදානමක් පවතින බැවින් පවුල් 94ක් ඉවත් කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 31 May 2017
දකුණේ ජනතාව වෙනුවෙන් උතුරේ සෙනෙහස සොයයි ස්වාභාවික විපත් අවස්ථාවකදී තිරිසන් සතුන් වන නයි මුගටින්ට එකට ඉන්නට හැකි නම් දකුණේ විපතට පත් ජනතාව වෙනුවෙන් ජාති ආගම් කුල භේද නොසලකා උතුරේ ජනතාවගේ සෙනෙහස අවශ්‍ය වී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ මහතා පැවසීය. 31 May 2017
ආපදා මරණ 203 දක්වා ඉහළට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව ගංවතුර හා නායයාම් වලින් මියගිය සංඛ්‍යාව 203 දක්වා වැඩිවී ඇත. 31 May 2017
ඇෆ්ගනිස්ථානයේ පිපිරීමකින් 60ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විශාල පිපිරීමක් සිදුව ඇතැයි ද මේ වන විට 60දෙනකු පමණ මියගොස් ඇතැයි ද වාර්තා වෙයි. 31 May 2017
හිටපු ජනපති ආරක්ෂක ප්‍රධානියාට එරෙහි නඩු විභාගයට හිටපු ජනපතිගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චිට එරෙහිව 2010 සිට 2014 දක්වා වත්කම් හා බැරකම් හෙළි නොකිරිම යටතේ අල්ලස් කොමිසම විසින් පවරා ඇති නඩු පහ විභාගයට ගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය. 31 May 2017
හොර රියදුරු බලපත් හැදූ 6ක් කොටුවෙති මරදාන දේවානම්පියතිස්ස මාවතේ පවත්වාගෙන ගිය ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ ස්ථානයක් වටලා ව්‍යාජ රියදුරු බලපත්‍ර 56 ක් සමග සැකකරුවන් 6 දෙනකු පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මුලස්ථානය කියයි. 31 May 2017
අන්තරේ කැඳවුම්කරු ඇතුළු හයකට ඇප අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන ළහිරු වීරසේකර සහ තැන්නේ ඤාණානන්ද හිමි ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අද (31) එක් අයකුට රුපියල් 2500 බැගින් වූ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 31 May 2017
රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියේ බ්‍රිගේඩියර් යළි රිමාන්ඩ් පිරිසිදු පානීය ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටින බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සිව් දෙනා ජූනි 14 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා අද(31) නියෝග කළේය. 31 May 2017
මිය ගිය ගණන 202 දක්වා ඉහළට:96ක් තවමත් අතුරුදන් ආපදා තත්ත්වය නිසා මිය ගණන 202 දක්වා ඉහළ ගොස් ඇතැයිද 96 දෙනකු අතුරුදන් ව ඇතැයි ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. ගංවතුරෙන් සහ නායයෑම්වලින් 630 000ට අධික පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ද කියැවේ. 31 May 2017
හොර සල්ලි අච්චූ ගැසූවැයි දෙදෙනෙක් සැකපිට ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කෙරෙන රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවට සමාන අන්දමට ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කළ බව කියන 21 හැවිරිදි කාන්තාවක සහ ඇයට අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගණේමුල්ල පොලිසිය කියයි. 31 May 2017
දඹුල්ලේ ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී දෙකක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල පහලවැව ප්‍රදේශයේදී වැඩ නිමවී නිවසට ත්‍රීරෝද රථයකින් පැමිණෙමින් සිටි එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු රැගත් ත්‍රීරෝද රථය සිමෙන්ති පටවාගෙන යමින් තිබු ලොරි රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ සිටි එකම පවුලේ සහෝදරයන් දෙනෙනා මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි. 31 May 2017
වැස්සෙන් වලස්මුල්ලේ පාලම් රැසකට හානි නායයෑම් සහ ගංවතුර නිසා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාතේගම, හඳුගල, හිඟුරවත්ත ආදී ප්‍රදේශ රැසක පාලම් කැඩී ගොස් තිබේ. 30 May 2017
දුෂ්කර ගමක් අධාර ඉල්ලයි ජල ගැලීම්වලින් හා නායයෑම්වලින් පීඩාවට පත්වුවද නගරයේ සිට තරමක් දුර බැහැරව පවතින නිසා ආධාර නොලැබෙන ගම්මාන රැසක් තවමත් තිබේ.රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන පිටකැලේ එවැනි ගම්මානයකි. 30 May 2017
දකුණේ සිසුහූ අටක් මිය යති:අටක් අතුරුදන් ආපදා හේතුවෙන් දකුණු පළාතේ පාසල් සිසුන් අට දෙනකු මියගොස් තවත් අට දෙනකු අතුරුදන්ව ඇතැයි දකුණු පළාත් ආපදා කළමනාකරණ විෂය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ප්රසාංජලී ගමගේ මහත්මිය පවසයි. 30 May 2017
වෙඩි තබා තරුණයෙක් ඝාතනය කෙරේ ගාල්ල අහුන්ගල්ල පොලිස් වසමේ මිද්දරමුල්ල ප්‍රදේශයේ දී 25 හැවිරිදි තරුණයෙකු අද(30) වෙඩිතබා ඝාතනය කර ඇත. 30 May 2017
ගාල්ලේ පිහි ඇනුමකින් කතක් මරුට ගාල්ල මාගාල්ල පාලම අසල දී යුවළක් අතර ඇතිවු ආරවුලකින් වයස අවුරුදු 36 ක් වු කාන්තාවක මියගොස් ඇත. මෙම දෙදෙනා අතර ඇති වු ගැටුමේ දී අදාළ පුද්ගලයාගේ පිහි පහරින් කාන්තාව මියගොස් ඇත. 30 May 2017
වැස්සෙන් සංචාරක කර්මාන්තයට බලපෑමක් නැහැ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් සංචාරක කර්මාන්තයට කිසිදු බලපෑමක් සිදුව නැතැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි. 30 May 2017
පකිස්තානයත් ඊශ්‍රායලයත් සහනාධාර එවයි ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් පකිස්තාන රජයෙන් සහ ඊශ්‍රායල් රජයෙන් විශාල සහනාධාර තොගයක් අද (30) නිල වශයෙන් මෙරටට ලැබුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 30 May 2017
ඉන්දියාවෙන් තවත් ආධාර නැවක් අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෛද්‍යවරුන් සහ ද්‍රව්‍යමය ආධාර රැගත් තෙවැනි ඉන්දිය“ජලශ්වා“ නෞකාව අද (30) කොළඹ වරායට පැමිණියේය. 30 May 2017
විදුලිය-ජලය නැවතත් ආපදා තත්ත්වය හේතුවෙන් විසන්ධි වූ විදුලි සම්බන්ධතාවලින් 70%ක් මේ වන විට යළි ලබා දී ඇති බවත් ජල පවිත්‍රාගාරවල කටයුතු ද ආරම්භ කර ඇති බවත් නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. 30 May 2017
ඇඹිලිපිටිය සිද්ධියේ පරීක්ෂණ අවසන් කරන්නැයි නියෝග කොළඹ විශ්ව විද්‍යාලයට දුන් සිසිටීවී කැමරාවල දර්ශන සම්බන්ධයෙන් සහ රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගත යුතු වාර්තා සියල්ල ලබාගෙන ලබන නොවැම්බර් 22 වැනිදා වන විට ඇඹිලිපිටිය සුමිත් ප්‍රසන්න ඝාතන සිද්ධියේ පරීක්ෂණ අවසන් කරන්නැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා අද (30) රහස් පොලිසියට නියම කළේ ය. 30 May 2017
පිසූ ආහාර නොදෙන්නැයි සාගල ඉල්ලයි ගංවතුර හා නායයාම් හේතුවෙන් ආපදාවට පත්වූ ජනතාවට ලබාදීම සඳහා ඉදිරියේදී පිසූ ආහාර නොදෙන ලෙස නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ඉල්ලයි. 30 May 2017
දෙන්නෙක් අතුරුදන් කළැයි ලුතිනන් යළි රිමාන්ඩ් කොටහේනේ පදිංචිකරුවන් දෙදෙනකු මීට වසර අටකට ඉහතදී පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගර ගත කර සිටින වැලිසර නාවික හමුදා රෝහලේ විධායක නිලධාරී ලූතිනන් කමාන්ඩර්වරයාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ලබන 13 වැනිදා තෙක් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (30) නියෝග කළේය. 30 May 2017
ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන සොයයි මෙවර ගංවතුර සහ නාය යාම් වෙද්දී කලවාන සහ අයගම ප්‍රදේශවල ජංගම දුරකතන සේවා අඩාල වීම ගැන වහාම සොයා බැලිය යුතු බව සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි මහතා පළාත් සභාවට දැනුම් දුන්නේ ය. 30 May 2017
ආපදා නිසා ඉන්ධනහල් 23ක් අක්‍රියයි ආපදා තත්ත්වය හේතුවෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 23ක් අද(30) වනවිට අක්‍රියව ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 30 May 2017
මරදාන දුම්රියපොළේ බත් පාර්සල් එකතු කිරීමට බාධක ආපදාවට පත්වූවන් වෙනුවෙන් ලබාදීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා එකතුවූ තරුණ පිරිසක් අද(30) පෙරවරුවේ මරදාන දුම්රියපොළේ දී දිවා ආහාර පාර්සල් හා ජල බෝතල් එකතු කිරීමේ වැඩසටහනකට දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා බාධා එල්ල කළ බව එම වැඩසටහනේ සංවිධායකවරු කියා සිටිති. 30 May 2017
ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ලක්ෂ 580ක ආධාර ශ්‍රී ලංකාවේ හදිසියේ ඇතිවූ නායයෑම් හා ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූ ජනතාවට සහන සැලසීමට ඕස්ටේ්රලියාව විසින් රුපියල් ලක්ෂ 580කට ආසන්න (ඕස්ටේ්රලියා ඩොලර් ලක්ෂ පහක්) වටිනා ආධාර තොගයක් මෙරටට පරිත්‍යාග කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ටේ්රලියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි. 30 May 2017
රත්නපුරේ ගංවතුර යළි ඉහළට රත්නපුරයේ ගංවතුර මට්ටම ඉහළ යමින් තිබෙන බව ආපදා කළමනාකරණ ආයතනය අනතුරු අඟවයි. 30 May 2017
කොත්මලේ ජලාශයෙන් මළ සිරුරක් මතු වෙයි ඉහළ කොත්මලේ ජලාශයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් අද (30) සොයාගත් බව තලවාකැලේ පොලීසිය කියයි. එම කාන්තාවගේ වයස අවුරුදු 55 ක් පමණ වන බවට සැක කෙරේ. 30 May 2017
නාය යෑම් අනතුරු ඇඟවීම තවත් දිගු කෙරේ රත්නපුර, කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 7ට ලබා දී තිබූ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවත් පැය 24කින් දීර්ඝ කරන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 30 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026