සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්නට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය අත්සන් කළ විශ්වාසභංග යෝජනාවක් අද(24) කථානායක කරු ජයසූරිය මහතාට බාර දුන්නේය.
එම විශ්වාසභංග යෝජනාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු39 දෙනකු අත්සන් කොට ඇති අතර අද පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ මෙම විශ්වාසභංගය ඉතා ඉක්මනින් විවාදයට ගැනීමට බලාපොරොත්තු වන බවයි.
ඇමැතිවරයකු ලෙස රාජිත සේනාරත්න මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ උන්දැට විශ්වාසභංගයක් ගෙන ඒම ප්‍රතිඵල රහිත වෙනවා. මොකද මේ උන්නැහේ තමා අද අප රටේ සිටින අවංකම උන්දැ.
මල බද්ධයින්ට විකාර .. හොරුන්ගේ නඩු ඉක්මනින් අසා දඬුවම් දිය යුතුයි.
ඇත්තෙන්ම රවීන්ද්‍ර ,වෙන කවුරුත් රටේ නැතිනම්...
තවත් එක වංචාකාරයෙක්වත්ද?
අනුන්ගේ වැරදි හොයනවා කෝටියක් වැරදි තියාගෙන.... වරායත් අඩුමුදලට බදුදීලා කෝටිගාණක් ගන්න ඇති හැමේකටම කටදනවා, ඇඟිලි ගහනවා සයිටම් මුදලාලිගෙන් කෝටි ගණන් ගන්න ඇති. චීනෙට දීලා ඇ.ඩො. බිලියන එකයි, සයිටම් මුදලාලිට මාසෙට කෝටි 70 ගාණේ වසර ගාණකට ඇ.ඩො. බිලියන 5.6 යි. වෛද්‍ය සිසුන් 7000ක් 10000 ක් පාරට දල උසස් අධ්‍යාපනය නැති කළා. සෞඛ්‍යය නැතිකළා. රාජිත මහත්තයෝ කරුණාකරලා දෝෂාභියෝග එනකන් ඉන්න එපා... යන්න රටටම සැපයක් දත් දොස්තර උන්නැහේ...
ලංකා වත්මන් දේශපාලනයේ සිටිනා, රාජපක්ෂවරුන්ගේ අඳිනකඩය පවා කතාවෙන් හෝ ගැලවීමට හැකි කෙනෙක් සිටීනම්.. ඒ රාජිත ඇමතිවරයා මිස වෙන අයෙකු නොවේ. එ් නිසාමයි, එකාබද්ධයට ඔච්චර තරහා. ජනාධිපති අරමුදලින් කොල්ල කෑවේ නැහැනේ. ජනපතිවරයාගේ කැමත්තෙන් ප්‍රතිකාර කළා. රටේ ජනපතිවරයාට ඒ අයිතිය ව්‍යවස්ථාවෙන්ම තියෙනවනේ. රාජිත මැතිඳුනි.., අපි ඔබ සමඟයි.
ඒ කාලේ කොල්ලෝ කුරුට්ටෝ කිව්වේ "එළ ෆව්සි සෞඛ්‍ය ඇමති කියලා", ඊයේ ඉඳන් මන් අහගෙන කොල්ලෝ කුරුට්ටෝ කියනවා "ටොමියා බව් බව් කියලා".
වෙන නැත්නම් හොඳයි..
යථාර්තය නම්, මෙතුමාගේ නායකත්වය යටතේ අද බොහෝ බෙහෙත් වර්ග වල මිල සහ හෘද රෝග සඳහා භාවිතා කරන "ස්ටෙන්ට්" වල මිල ගණන් අඩු වී ඇත. එලෙසම බොහෝ පිලිකා රෝගීන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දීමටද පියවර ගෙන ඇත. මීට අමතරව, අද පවතින දොස්තර මාෆියාව මෙල්ල කර ගත හැක්කේ මොහුට පමණයි. එම නිසා, මේ තැනැත්තා මේ රජයේ තව දුරටත් සිටිය යුතු ඇමැතිවරයෙකි.
225 ටම විශ්වාසභංගයක් ගේන කෙනෙක් නැහැ නේ... 225ම වැඩක් නැහැ.
ඔබ උපයාගත් වස්තුව හොඳටම ඇති නේද? වෙන කෙනෙකුට හොරකමට හෝ සේවය කිරීමට අවස්ථාව දෙන්න. අලුත්ම කියමන " ටොමියා සිංගප්පුරු ගියා වගේ". අතීත සහ වර්තමාන දේශපාලකයන්ගේ කප්පරක් හොරකම් අසාගෙන, නිහඬවම දුක් විඳින ජනතාවට මගේ බලවත් සංවේගය පුදකරමි. ලංකාව කවදා ගොඩ යයිද?