ඉන්ධන බෙදාහරින්න ආපදා කළමනාකරණ ඒකකයක් අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් ප්‍රදේශවලට අඛණ්ඩව ඉන්ධන බෙදාහැරීම සඳහා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ආපදා කළමනාකරණ ඒකකයක් අද (28) පිහිටුවන ලදී. 29 May 2017
ආපදා නොවූ පාසල් වසා දැමූවාදැයි සොයයි දකුණු පළාතේ ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවල පාසල් අද(29) නිවාඩු දීම සම්බන්ධයෙන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඊයේ නිකුත් කරන ලද නිවේදනයට පරිභාහිරව නිවාඩු ලබා දුන් පාසල්වල විදුහල්පතිවරුන් නිදහසට කරුණු දැක්විය යුතු බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි. 29 May 2017
‘ස්ථීර ආදායම් මාර්ග ලැබෙනතුරු සහනාධාර සපයන්න‘ රත්නපුර දිස්ත්‍රික්කයේ ගංවතුරින් සහ නායයාම් වලින් ආපදාවට ලක්වූ ජනතාවට අවශ්‍ය සියලූ පහසුකම් නොපමාව ලබාදෙන ලෙසත් ස්ථිර ආදායම් මාර්ග ලැබෙන තෙක් හානියට පත් සහ අවතැන්වූ ජනතාවට සහනාධාර සපයන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 29 May 2017
අවතැන් වූ කතක් ගුවනේදී දරුවෙක් ප්‍රසූත කරයි ජල ගැලීම් හේතුවෙන් ආපදාවට ලක්ව ඇති කලවාන රෝහලේ සිට ගුවනින් රත්නපුර රෝහල දක්වා රැගෙන යමින් සිටි ගැබිණි කාන්තාවක එම හෙලිකොප්ටර් යානයේදී සිය දරුවා ප්‍රසූත කර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පවසයි. 29 May 2017
ගංවතුරින් විපතට පත් පාසල් දරුවන්ට නිල ඇඳුම් තුනක් ගංවතුරින් විපතට පත්වූ පවුල්වල දරුවන්ට පාසල් නිල ඇඳුම් තුනක් සහ සපත්තු කුට්ටමක් බැගින් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි. 29 May 2017
දෙමහල් ගොඩනැගිල්ලේ ගින්නෙන් දෙදෙනෙක් රෝහලේ කැකිරාව ගල්කිරියාගම නගරයේ දෙමහල් ව්‍යාපාරික ස්ථානයක අද (29) හටගත් ගින්නකින් එහි සේවකයින් දෙදෙනෙකු පිළිස්සුම් තුවාල ලබා බරපතල තත්ත්වයෙන් දඹුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.ගල්කිරියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා මහ රෝහලට මාරු කරනු ලැබූහ. 29 May 2017
ඇවන්ට්ගාඩ් නඩුවේ වාචික දේශනය ජූනි 12 දා ඇවන්ට්ගාඩ් සමාගම පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ තබමින් රුපියල් මිලියන 11.4 ක අලාභයක් සිදු කිරිමේ චෝදනාව යටතේ අල්ලස් කොමිසම ගෝටාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු අට දෙනෙකුට පවරා ඇති නඩුවේ විත්තිය මීට පෙර අවස්ථාවල දී ගෙන එන ලද මුලික විරෝධතාවය සම්බන්ධයෙන් චාචික දේශනය ගොනු කිරිමට සඳහා නඩුව ජුලි 12 වැනි දා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 29 May 2017
හංවැල්ල සතිපොලෙන් ගිනි අවියක් මතුවෙයි හංවැල්ල සතිපොල භූමියේ කසල ගොඩක තීබී කුඩා ගිනි අවියක් හා උණ්ඩ පහක් කසල තෝරමින් සිටි ප්‍රාදේශීය සභා සේවකයකුට හමුවූ බව පොලිසිය කියයි. 29 May 2017
දිස්ත්‍රික් 8ක පාසල් සිකුරාදා තෙක් වහයි කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල සියලු පාසල් සිකුරාදා (ජූනි 2) තෙක් වසා තැබෙන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. 29 May 2017
ගල්ලත කන්දේ සැඟවුණු සිරුරු තුනක් මතුවෙයි බුලත්සිංහල, ගල්ලප්පහළ ගල්ලත කන්ද නායයාමෙන් යටවූ නිවසක සිටි තිදෙනකුගේ මළ සිරුරු අද(29) සොයාගත් බව ප්‍රදේශවාසීහු කියති. 29 May 2017
වලෙයිප්පාඩු වැසියෝ සිංහල ගුරුවරුන් ඉල්ලති කිලිනොච්චිය කිරංචි වලෙයිප්පාඩු ප්‍රදේශවාසීන් සිය පාසල්වලට සිංහල ගුරුවරුන් ලබා දෙන ලෙස උතුරු පළාත් මහඇමතිවරයාගෙන් ඉල්ලා තිබේ. 29 May 2017
විජයදාසයි සාගලයි ඇමතිකමින් ඉවත් කරන ලෙස චතුර ජනපතිගෙන් ඉල්ලයි නීතිය,සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම අමාත්‍යධුරවලින් ඉවත් කරන ලෙස ගම්පහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ජනපතිගෙන් ඉල්ලා තිබේ. 29 May 2017
හෙලිකොප්ටරය කඩාවැටුණා නොව හදිසි ගොඩබෑමක් සහන සේවාවන්හි යෙදී සිටියදී අද උදෑසන කඩා වැටුණේ යයි කියූ එම්. අයි.17 වර්ගයේ හෙලිකොප්ටරය කඩාවැටුණා නොව එහි ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් එහි නියමුවා විසින් හදිසියේ ගොඩබාන ලද බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි. 29 May 2017
ලොරි-කාර් අනතුරෙන් දෙදෙනෙක් මිය යති කොළඹ ගාල්ල මහා මාර්ගයේ බෙන්තොට අලවතුගොඩදී අද(29)අලුයම ලොරියක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෝටර් රථයේ ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව බෙන්තොට පොලිසිය පවසයි. 29 May 2017
පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට නැගෙනහිර දෙසින් පැවැති පීඩන අවපාතය සුළි කුණාටුවක් බවට පත්ව ඇති බවත් ඒ හේතුවෙන් දිවයින හරහා අහස වළාකුලින් බරව පවතින අතර වැසි සහ සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (29) උදෑසන නිවේදනය කළේය. 29 May 2017
කඳුකරයේ බටහිර බෑවූමේ තද වැසි බලාපොරොත්තුවන්න මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලට මිලි මීටර් සියයට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 May 2017
හෙලිකොප්ටර් යානයක් කඩා වැටෙයි වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද උදෑසන කඩා වැටී ඇත. 29 May 2017
මාර්ග රැසක ගමනාගමනය තවමත් අඩාලයි වර්ෂාව නිසා ඇති වූ ආපදා තත්ත්වයෙන් අසරණ වූවන් මුදාගනිමින් සිටි එම්අයි17 වර්ගයේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් අද උදෑසන කඩා වැටී ඇත. 29 May 2017
පනාපිටිය වේල්ල 100% ක් ස්ථාවරයි කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ල අවදානමට පත්ව ඇතැයි කියැවුණ කරුණු සම්බන්ධයෙන් අද රාත්‍රී 9.50 ට පමණ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක (කොළඹ කලාපය) ජී. කේ. පද්මකීර්ති මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ පනාපිටිය වේල්ල 100% ක්ම ස්ථාවර තත්ත්වයේ පවතින බවත් දැනට ජලය උපරිම මට්ටමේ තිබුණද වේල්ල ඉතාමත් ශක්තිමත් තත්ත්වයේ පවතින බවත්ය. 28 May 2017
කොටුවී සිටි ගැබිණි මව්වරු ගුවනින් රත්නපුර රෝහලට රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන හා අයගම ප්‍රදේශයේ ජලයෙන් අවහිර වී ගං වතුරට කොටු වී පැවති ප්‍රදේශයන් හි රෝහල් ගත වී සිටි අසාධ්‍ය රෝගීන් හා ගර්භනී මවුවරුන් සියලු දෙනා අමාත්‍ය දයා ගමගේ මහතාගේ මැදිහත් වීමෙන් ඔහුගේ පෞද්ගලික හෙලිකොප්ටරය උපයෝගී කර ගනිමින් රත්නපුර මහ රෝහල වෙත ගෙන යාමට අවශ්‍ය පහසුකම් සැලසීමට අද (28) පියවර ගනු ලැබීය. 28 May 2017
ලිප්ටන් සීට්හිදී වතුකම්කරුවෝ සංචාරකයන්ට පහර දෙති හපුතලේ ලිප්ටන් ෂීට් හී සංචාරකයින් තිදෙනකු පිටරත්මලේදී වතු කම්කරුවන් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි. 28 May 2017
දක්ෂිණ අධිවේගයේ කොටසක් වැසෙයි දක්ෂිණ අධිවේගී මාර්ගයට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ සිට මාතර දෙසට පැමිණෙන සියළුම වාහන පින්නදුවෙන් මාතර දෙසට ගමන් කිරීම තාවකාලිකව නතර කර තිබේ. 28 May 2017
ලක්ෂ තුනකට විදුලිය නෑ ආපදා තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, රත්නපුර හා කෑගල්ල ඇතුළු දිස්ත්‍රික්කවල ලක්ෂ තුනකට ආසන්න පිරිසකට විදුලිය නොමැති වී ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. 28 May 2017
සා.පෙළ අයදුම්පත් බාරගැනීමේ දින දීර්ඝ කරයි අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය -2017 සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූනි 15 දක්වා කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය. 28 May 2017
බදුල්ල රොක්හිල් රක්ෂිතය ගිනි ගනියි වියලි කාලගුණයක් පවතින බදුල්ල රොක්හිල් රක්ෂිතය පැය තුනක පමණ තිස්සේ ගිනි ගනියි. 28 May 2017
ඉදිරි දින දෙකේ සුළං සමග වැසි මධ්‍යම බෙංගාල බොක්කේ ඇතිවී තිබෙන පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වී උතුරු දෙසින් බංග්ලාදේශය කරා ගමන් කළ හැකි බවත් මේ හේතුවෙන් සුළං ප්රවාහයේ වෙනසක් සිදුවී ඉදිරි දින දෙකේ දී නිරිත දිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එස්.ආර්.ජයසේකර මහතා පැවසීය. 28 May 2017
‘ආපදා මරණ සහ හානියට පත් නිවාස වෙනුවෙන් රජයෙන් වන්දි‘ - ඇමැති රාජිත මේ වනවිට ආපදා තත්ත්වය හේතුවෙන් 151 දෙනකු මියගොස් ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි. පවතින තත්ත්වය පිළිබඳ දැනුම්දීමට අද(28) ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය. 28 May 2017
ඉන්දියාවෙන් තවත් ආධාර නැවක් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා වියලි ආහාර වර්ග ඇතුළු ඉන්දියාවෙන් ලබාදෙන සහනාධාර රැගත් දෙවන නෞකාව අද( 28) කොළඹ වරායට ළඟා වුයේය. 28 May 2017
ගංවතුරෙන් විනාශයට පත් විභාග සහතික නොමිලේ ගංවතුරෙන් විනාශයට පත් විභාග සහතික නිකුත් කිරිමට කටයුතු යොදා තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩී.බ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. 28 May 2017
ශ්‍රී ලංකාවට සහය දෙන්න ඕස්ට්‍රේලියාව සූදානම් හදිසි ආපදා තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විපත පත්වූවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක දී සහාය දැක්වීමට හා ආධාර ලබා දීමට තම රජය සූදානමින් සිටින බව ඕස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය අද ( 28) ප්‍රකාශ කළාය. 28 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026