(චාමින්ද දිසානායක )
ශ්‍රි ලංකාවේ පැරණිතම සිතියම වැලිගෙපල පරගහමඩිත්ත බාදාහේන ගල්ගුහාවෙන් සොයාගැනිමට මේ දිනවල ඒ ආශිතව කැණිම් කටයුතු සිදුකරන මහාචාර්ය රාජ් සෝමදේව මහතාට හැකිවි තිබේ.
මෙම සිතියම මිට වසර 6000කට පමණ එපිටදි මෙම ලෙන්තුල ජිවත් වු මානවයන් විසින් කරවන ලද එකක් බව සෝමදේව මහතා පවසයි. දිගින් අඩි හයක් සහ පළලින් අඩි හතරක් පමණ වන මෙම පුවරැව පිහිටි ගලේ තිත් සටහන් 500කින් පමණ නිර්මාණය කර තිබේ. මින් පෙර ලංකාවේ කිසිදු තැනකින් මෙවැනි සිතියමක් හමු වි නොමැති බව ලංකාදිපයට අදහස් දක්වමින් රාජ් සෝමදේව මහතා කීය.
ලෝකයේ වෙනත් රටවලින් මෙවැනි සිතියම් 18 ක් පමණ හමු වී තිබෙන අතර මෙය 19 වැනි එක බව ද ඔහු කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ එදා දියුණු ජාතියක් නේද? අද යූඑන්පී, ශ්‍රී ලංකා කියලා වනචාරියෝ වෙලානේ ඉන්නේ?
මම හිතන්නෙ ඔයා ජීවිතේටම දැකපු පළවෙනි සිතියම වෙන්න ඇති.දියුණු ජාතීන් ඇඳපු සිතියම් දැකල නැතුව ඇති
ඒක නිකන් ඕස්ට්‍රේලියාවෙ සිතියම වගේ. ඒකාලෙ ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්න හදපු එකක් වෙන්න ඇති.
මෙම ප්‍රදේශය අතීතයේ ඉතාම දියුණු ප්රදෙසයක්වෙලා තිබුනබව පෙනෙනවා පසුගිය කාලයේ බ්රිතාන්න්ය ජාතික කාන්තාවක් කල පරීක්ෂණයකින් මෙම කලාපයේ වානේ කර්මාන්තය දියුණු තත්වයේ තිබුන බව සොයාගෙන තිබුන අපේ නායකයන්ගේ පරගැතිබව නිසා ඒවා නැවත දියුනුකරගන්නේ නැතිබව පෙනෙනවා හරිම දුකයි.
තමින්දු මොන දියුණු කමක්ද ඕක කොටලා තියෙන්නේ ගලෙන්
ඒ කාලේ රාවනා රජතුමා පොල් වවපු ඉඩමට තමයි අද නවසි ලන්තය කියන්නේ. පොල් ලන්තය හෙවත් පෝලන්තය ඒ කාලේ අපේ තවත් පොල් වත්තක්. අම්මප, මේ පුරා විද්‍යා මහත්තුරු මේවා ගැන ඇයි හොය න්නේ නැත්තේ?දඬු මොනරයේ සුක්කානම වාරියපොළ පැත්තේ පරණ යකඩ කඩේක තිබීල හොයා ගත්තා කියලා ආරංචියි. අඩු ගන්නේ ඒ ගැනවත් පරිෂණ කෙරුවා නම් හොඳයි නේද?
ඉස්සර මුතුන්මිත්තෝ කර කී දේවල් ගැන පම්පෝරි ගහල වැඩක් නෑ සුද්ද ගියාට පසු බලයට ආපු ඇත්තෝ ලංකාවට කරපු සෙතක් නෑ ඒගොල්ලෝ නොහිටියානම් තාමත් ගමන් පයින් ඒ ගැන කියල වැඩක් නෑ නිදහස නොදී අපිට සුද්ධ හිටියානම් ලංකාවට මෙහෙම වෙන්නේ නෑ
මොනොවහරි තලන්න (form ) හරි කොටන්න භාවිතා කරපු ගලක් වෙන්න බැරිද මහාචාර්ය තුමා ?
ලංකාවේ ඉතිහාසය පිළිබදව ලිපි ශිලා ලේඛන ලිය වෙන්නේ අද ඊයෙක පටන් නොවේ. නමුත් ඔබ ලියන ලද ලිපි බහුතරයක් සමාජයට ඉතා වැදගත් බැවින් එය දෛනිකව කියවිම පුරැද්දක් ලෙස මා සිදු කරනු ලබයි .ඇත්තටම එයින් වත්මන් පරපුරට නුඔ දෙන්න හදන සමාජගත පණිවිඩයක්ද ඒ සෑම වැදගත් ලිපි පෙළකම මා හොදින් දැක තිබෙි .එය මේ පුළුල් මාධ්‍ය තුල දක්නට ලැබෙන සුළභ කරුණක් බව ද මම අමුතුවෙන් සදහන් කලයුතු නොවේ. රටේ ඉතිහාසය පෞඩාණිකත්වය ගැන ලියවෙන ලිපි ඉතා ක්‍රමක් ක්‍රමයෙන් අඩුවී යන යුගයක එයට පණ පොවමින් දිරි ගැන්විම අප සියළු දෙනාම කලයුතු අනිවාර්ය්ය කරැණක් ලෙස මා සදහන් කලත් එය නොවිමම රටේ අභග්‍ය ලෙස මා දකිමි. තවද මා නුඔ විසින් ලියන ලද බොහෝමයක් ලිපි කියවා ඇති නමුත් එය මීට වඩා සවිස්තරාත්මකව ඉදිරිපත් කර තිබෙන බව මා දැක තිබේ .මෙයද එවැනි ලිපියක් ලෙසින් සවිස්තරාත්මකව ඉදිරිපත් කිරිමට ඔබ උත්සාහ කරන්නේ නම් මෙයද ඉතාමත් ආදරයෙන් වැළද ගන්නා ලිපි පෙළක් වෙනවාට කිසිදු සැකයක් නැත. බොහොමත්ම ස්තුතියි ලංකාදීප කාර්ය්ය මණ්ඩලයට මෙවැනි තතු හරහා අපේ වත්මන් පරපුර දැනුවත් කිරිමට ගන්නා උත්සාහයට.ජය වේවා ..
එස්.එල්.ජේ ගේ අදහස හරිය කියලා මටත් හිතෙනවා. මේක රාවණාගේ ඇමති වරු බුලත් විට කොටාපු ගල වෙන්න බැරි නැහැ.