(විනීතා එම් ගමගේ)
උමා ඔය ඉහළ උමගෙන් පිටතට එන ජල දහරට වැඩ බිමෙන් එකතු වන කැලි කසල හා රසායනික මුසු වී එම ජලය පහළින් ඇති ස්වභාවික ජල මූලාශ‍්‍ර හා එක්ව ප‍්‍රදේශයේ ජල දුෂණයක් සිදුවෙතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
ගල්කුඩු සිමෙන්ති ඉදිකිරිම් වැඩ බිමෙන් ඉවතලන විවිධ රසායනික අඩංගු ටින් මලූ සිලිකන් විවිධ රසායන ද්‍රව්‍ය ආදිය නිසා ජල දුෂණය වන අන්දම එහි කළ අධ්‍යයන චාරිකාවක දී දුටු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවැසීය.
මේ වන විට කරඳගොල්ල සිට පහළට සියලූ ජල මූලාශ‍්‍ර දුෂණය වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
විෂ සහිත ජලය ගලා එන මාර්ගවල සියලූ මසුන් කුඩා ජීවීන් කූඩාල්ලන් වත් කූරන් පෙද පාසි දිය සෙවෙල සියල්ල මේ වනවිට මැරී ගොස් ඇතැයි කී තෙන්නකෝන් මහතා උමගේ ජලය මිශ‍්‍ර වීමට පෙර ප‍්‍රදේශවල ජලය හොඳන් ඇති බව ද කීය.
ජල දහරේ ඉහළ කොටසින් සතුන් ජලය නොබොන බව තමන් නිරික්ෂණය කළේ යැයි ද හෙතෙම සඳහන් කළේය.
මෙම පරිසර විනාශය වැළැක්වීමට පියවර ගන්නැයි මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතනවලට ලිපි යැවූ බව කී තෙන්නකෝන් මහතා ඉක්මණින් පියවරක් නොගතහොත් බරපතල විනාශයක් වන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආත්මාර්ථය මුලික අරමුණ ලෙස තබාගෙන ලංකාවේ සුන්දරතම ප්‍රදේශයක් සහ ස්වයංපොෂිත සහ උසස් මානව ගුණධර්ම වලින් පිරුණු ජන කොටසක් විනාශ කල මෙම විනාශකාරී ව්‍යාපෘතිය පටන් ගත් දේශපාලකයින් මතු ආත්මවලත් හම්බන්තොටට ආසන්නවම උපදීවා..!
බණ්ඩාරවෙලට මේ විනාශය කල හොර පවුලේ අයියලාට, මල්ලිලාට, වතුර නැති සහරා කාන්තාරේ ඉපදිලා දුක් විඳින්න වෙයි...
මෙම විනාශකාරී ව්‍යාපෘතිය යෝජනා කලේ ජ වී පෙ 2004 දී , ඔවු වග කිය යුතුයි