(කේ ඩි දේවපි‍්‍රය)
රුහුණ මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයා වන ඩී පී කුමාරගේ මහතා දේවාලයේ යතුර කපු මහතාගෙන් රැගෙන යෑම හේතුවෙන් අද (22) දේවාලයේ පුජාව නොපැවැත්විණි. එහෙත් පසුව උදෑසන 6.30 ට පමණ දේවාලය විවෘත කර පූජාව පැවැත්විණි.
‘මම අද උදැසන දේවාලය විවෘත කිරිමට දේවාලයට ගිය අවස්ථාවේ දි දේවාලයේ යතුර තිබුණේ නැහැ. පසුව මම යතුරක් ගෙන දේවාලය විවෘත කරන්න ගියා. ඒ අවස්ථාවේ දි ලාල් කියන කපු මහතා පැමිණ ඔයාට තියෙන අයිතිය මොකක්ද දේවාලයේ අරින්න කියලා බැන්නා. පසුව මම මගේ නිළ නිවසට ආවා’ යැයි බස්නායක නිළමේ ඞී. පී. කුමාරගේ මහතා පැවසීය.
මේ අතර ලාල් කපුමහතා කීවේ මෙවන් කතාවකි.
"අද උදැසන 4.30 පුජාව සඳහා මම දේවාලය අරින්න සොමිපාල ටී රත්නායක කපු මහතා සමඟ ආවා. ඒ එන කොට බස්නායක නිළමේ ඩී.පි. කුමාරගේ මැර පිරිසක් හා ඔහුගේ පුතා පැමිණ බලහත්කාරයෙන් යතුර පැහැරගෙන ගියා."
"ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කතරගම දේවාලයේ පුජාව පැවැත්නොවුණේ මේක රටට හොඳ නැහැ. බැතිමතුන් පුජාව තැබීමට ගොඩක් ඇවිත් සිටියා. බැතිමතුන් දැඩි අපහසුතාවයට පත්වෙලා හිටියේ" යැයි යනුවෙන් ලාල් කපු මහතා කීවේය.
පැමිණ සිටි බැතිමත්හු බැණ වදිමින් තමන්ගේ පුජාව තැබීමට නොහැකි විම සම්බන්ධයෙන් දෙස් දෙවොල් තැබුහ. පසුව උදැසන 6.30 ට පමණ කපුමහතුන් වෙත බස්නායක නිළමේවරයා විසින් යතුර දීමෙන් අනතුරුව දේවාලය විවෘත කර බැතිමතුන්ගේ පුද පුජා තැබීමට අවස්ථාව උදාවිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කපු මහත්තයා කියනවා එක පූජාවක් තියන්න බැරි වුන එක රටට හොදයි නෑ කියලා. උන්නැහේ දන්නේ නැද්ද මෙච්චර කල් පූජාවල් තිබ්බා කියලා රටට වුන හොදක් නෑ කියලා.
මෙතන දෙවියො වැඩ ඉන්න තැනක් නොවේ.
අනේ කිව්වට තරහ වෙන්න එපා ආයිබොවන්! මම නම් හිතන්නේ නෑ දෙවියෝ ඔතන ඇති කියලා. ඔතනට පුද පුජා පවත්වන්න එන්නේ පින්වන්තයෝ විතරද? වැඩිපුරම එන්නේ පව් කාරයෝ තමන්ගේ පව් වහගන්න! බහුතරයක් තැරව් කාරයෝ! අහිංසක මිනිස්සුන්ව ගසා කන්නන් කතරගම පුරාම. බල පුළුවන් කාරයන්ට සාමාන්‍ය මිනිසුන් තලා පෙලා දේවාලයට ඇතුළුවීමේ වරම්! මේ පව් කාරයෝ දිහා බල බල, වෙන අසාධාරණ දිහා බල බල දෙවි කෙනෙක් සිටීද? නැත්නම් පැත්ත පලාතකටවත් එන එකෙක් නැත්ද? හත් ගව්වක් එහාට දුවයිද?
මොහු දේශපාලනයට සම්බන්ද කෙනෙක්ද. කරුණාකරලා දේශපලුවන්ව ආගමික දේවල් වලින් අයින් කරන්න.
අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ ...පොලව කොටන තැන පාර තනන තැන ගිනියම් අව්වේ මහා වරුසාවේ දෙවියෝ වේද ඉන්නේ.
කතරගම දෙවියන් හරිම බලවත්ලු. දෙවිදුනි වෑරදිකරුවන්ට දඩුවම් දෙන්න. නෑතිනම් නරපනුවන් ඔබ කෙරෙහි ඈති විශ්වාසය නෑතිවේවි. ඔබ වහන්සේත් දේශපාලකයෙකුගේ තෑනට වෑටේවි.
දෙවියන්ට තම දේවාලේ වත් ආරක්ෂා කර ගන්න බැරි එකේ උන්නාන්සේගෙන් අපේ තණ්හාධික මෝහයෙන් මුලාවූ මිනිසුන් ඉල්ලන ආරක්ෂාව, ධන ධාන්‍ය සම්පත් යසිසුරු කොහෙන් දෙන්නද?
කපු මහතා කියන්නේ අමු බොරුවක්. මම කලිනුත් කිව්වා වගේ මහින්ද ඇල්ලේපොල මහා භාරකාර තුමාගේ කාලේ (දේවාලය පාලනය වුනේ එහෙන්) දේවාලේ පිං පෙට්ටිවලට සීල් තියල එතුමාගේ නිලධාරීන් ඉදරිපිට නැතුව ඒවා විවෘත්ත කිරීම තහනම් කළා. කපු මහතුන්ගේ ගෙවල්වලට දේශීය ආදායම් නිලධාරීන් කඩා පැනල ඔවුන්ව (ඒ කාලේ තිබුන) ධන බද්දට යටත් කළා. ඊට පෙර කවදාවත් පිං පෙට්ටිවල නොතිබුණු මුදල්, රත්තරන් ආභරණ ආදිය ඒවා නිලධාරීන් ඉදිරිපිට විවෘත්ත කිරීමේදී හම්බවුණා. කපු මහත්තුරු මේවට විරුද්ධව දේවාලයේ තේවාව නොපවත්වා වර්ජනය කළා. ඔන්න පළමු වතාවට පුජාව නොපැවැත්වූ වකවානුව. බණ්ඩාරනායක අගමැතිනිය මැදිහත් වෙලා තමයි වර්ජනය නතර කලේ.
සල්ලි නිසා තමා මෙයාල පොරකන්නේ ඕකට , මම නම් කියන්නේ දෙවියන් ට මොකටද සල්ලි , දෙවියන් කියන්නේ සිතු පැතු සම්පත් මොහොතකින් ලබා ගන්න පුළුවන් කෙනෙක්නෙ, ඔන්න දෙවිවරු දිවය ලෝකේ මාලිගාවක් හදනවනම් කමක් නැහැ , අර මල්වානේ මාලිගාව වගේ හිමිකරුවෙක් නැති.
කතරගම දේවාලයේ දෙවියෝ සිටි නම් , මෙවැනි සිදුවීම් විය නොහැක. නමුත් මේ පැමිණ සිටින මිනිසුන් දේවාලයට පැමිණෙන්නේ තමන් කල වැරදි වලට සමව ගන්නටය . මෙවැනි පව් කාරයෝ සිටින තැනක දෙවියෝ සිටිය නොහැක. දෙවියන් සිටිනවා යි කියන කතරගම, ජනතාව විඳින දුක දැක්කොත් කිසියම් මනුෂයෙක් කතරගම දෙවියෝ බලන්නවත් යන්නේ නැත.
පැරණි කියමනක් තියෙනවා දෙවියන් වහන්සේ පය තබන්න බය ස්ථානවලට මෝඩයන් කඩාපනිනවා කියා. ඒවගේ මේ මිනිස්සු කේන්ති අරන් කලබල වෙලා කෑ ගැසුවට දේවාලයේ දොර ඇරීම ප්‍රමාද වූවාට දෙවියෝ උදහස් වෙලා නොමැත. දෙවියෝ උදහස් වුණා නම් ප්‍රමාදයට වගකියුත්තන්ට මෙලහකටත් දඬුවම් දීලා රෝහල් ගතකරන්න වෙලා.
දෙවියන්ටත් බැරිවුණා... මේ දේ වළක්වන්න...
මිනිස්සු හිතන්නේ දෙවිවරු කියන්නේ මේ මිනිස්සු සත්තු වගේ ජීවින් ජාතියක් කියල එහෙමනම් දෙවිය ලෝකේ යන්න අර හදට යනවා වගේ රොකට් එකක නැගල යන්න පුළුවන්, මිනිසුනේ නුබලට කතරගම පමණක් නොවේ ඕනෑම දෙවියෙක් දකින්න සම්බන්ධවෙන්න ඕනනම් සිත් දියුණු කරගනිල්ල සමථ කසින භාවනා වඩල, රූපාවචර අරූපාවචර ධ්‍යාන සිත් වඩලා.. එහෙම නැතුව පුජක පක්ෂවලට කඩේ යන්න එපා මේ විදියට මිත්යාදුෂ්ටිකයෝ වගේ
මැරයන් හා ත්රස්ත්රවාදීන් දෙවියන්ට බයනැත. එනිසා ඔවුන් දේවාල තුලදීම මිනිසුන්ට පහර දෙනවා. අපේ මිනිස්සු පොල්ගහල දෙවියන්ට කන්නලව් කරනවා වැරදිකරුවන්ට දඩුවම් දෙන්නකිය. වැරදිකරුවන් පොලිසියට අසුවුනහම පොල්ගහපු අය සන්තොසවෙනවා ,පොල්ගහපු නිසයි පොලිසියට අසුවුනේ කියා. පොල්ගසුවත් නැතත් වැරදිකරුවන් පොලිසියට අසුවෙනවා.
ඇයි දෙයියෝ දොර ඇරලා දුන්නේ නැත්ද තාමත් මේවා විශ්වාස කරන අය ඉන්නවනේ