ගංවතුරට හසුවූ නිවසට කිඹුලොත් බැල්ම හෙළති නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග එහි සිටි කිඹුලන් විවිධ ප්‍රදේශවලට සැරිසැරිම නිසා නැවත තම නිවාස හා වාසස්ථාන පිරිසිදු කර ගැනිමේදි අවධානය යොමු කිරීම වැදගත් බව තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි. 30 May 2017
රත්නපුර ආධාර හිතවතුන්ට පමණයි රත්නපුර විපතට පත්වූවන්ට ආහාරපානාදිය ලබා දීම නිසි ආකාරව නොකරන බව අාපදාවට ලක්වූවෝ චෝදනා කරති. 30 May 2017
ආපදාවකදී අවතැන්වන්නන්ට වැඩි මුදලක් වෙන් කෙරේ ආපදාවකදී අවතැන් වන්නන් වෙනුවෙන් ආහාර ලබාදීමට වෙන් කරන මුදල් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 30 May 2017
රාජ්‍ය ඇමැති ඩිලාන් වැටුප පරිත්‍යාග කරයි ගංවතුරෙන් හා නාය යෑමෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සිය ජුනි සම්පුර්ණ වැටුප පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත. 30 May 2017
විදේශීය මූල්‍යාධාර සියල්ලම නිවාස ඉදිකිරීමට ආපදා සහනාධාර ලෙස විදේශ රටවලින් ලැබෙන මූල්‍යාධාර සියල්ලම නිවාස අහිමි වූවන්ට නිවාස ඉදිකර දීම සඳහා යෙදවීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළ බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 30 May 2017
කැලණි ගඟ නිම්නයේ ඉහළට වැස්ස වැඩිවෙයි අද උදෑසන 6.30න් අවසන් වූ පැය 21 කාලයේදී කැලණි ගඟ නිම්නයේ ඉහළ කොටසේ පිහිටි දැරණියගලට මිලිමීටර 65.5 ක වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 30 May 2017
ඇමැතිවරුන්ට වාහන ගෙන්වීම වහාම නවත්වයි දැනට පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන කැබිනට් ඇමැතිවරුන්ට හා සෙසු ඇමැතිවරුන්ට ආනයනය කිරිමට සුදානම් කර තිබු සියලුම වාහන ගෙන්වීම නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. 30 May 2017
සුනිල් මිහිඳුකුල දිවි සැරිය නිම කරයි පුරා සිව් දශකයකට අධික කාලයක් තිස්සේ සිංහල සිනමා සාහිත්‍යයට හා විචාර කලාවට විශිෂ්ට සේවාවක් ඉටු කළ සිළුමිණ සමකර්තෘ මෙන්ම සරසවිය සහ රසඳුන කර්තෘ ධූර දැරූ සුනිල් මිහිඳුකුල මහතා අද(30) අභාවප්‍රාප්ත විය. 30 May 2017
කළමැටියේ ධීවර යාත්‍රා පහක් මුහුදට බිලි හුංගම කළමැටිය මා දැල් ධීවර වරායේ නතර කර තිබූ බෝට්ටු පහක් දැල් ආම්පන්න සමඟ මුහුදට ගසාගෙන ගොස් ඇති බව කළමැටිය ධීවරයෝ පවසති. 30 May 2017
පොලිස් ජිප් රිය බස් රියක ගැටී ඒඑස්පී රෝහලේ ආණමඩුව නවගත්තේගම මාර්ගයේ පෙරියකුලමේදී පොලිස් ජීප් රථයක් හා බස් රථයක් ගැටී ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයා ඇතුළු නිලධාරින් දෙදෙනකු රෝහල්ගත කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි. 30 May 2017
සහන කටයුතුවල යෙදී සිටි හිමිනමකට මරණ තර්ජන මුණිහින්කන්ද නාය යාමෙන් හා කුකුලේ ගඟ ගැලීමෙන් විපතට පත් ජනතාවට සහන සලසමින් සිටි කොස්ගුලන ගංගාරාමාධිපති වලකඩ මහින්දතිස්ස හිමියන්ට ප්‍රාදේශීය දේශපාලනඥයකු මරණ තර්ජන කළ බව කියමින් ඒ හිමියෝ බදුරලිය පොලිසියේ පැමිණිල්ලක් කර ඇත. 30 May 2017
මීගමුව බන්ධනාගාරයේ රැඳවියෝ සිව්දෙනෙක් පළා යති මීගමුව බන්ධනාගාරයේ ඉදිරිපස තාප්පය සිදුරු කරගෙන සිරකරුවන් සිව් දෙනකු පළාගොස් ඇතැයි මීගමුව පොලිසිය පවසයි. 30 May 2017
දිඹුල පවුල් 19ක් ඉවත් කෙරේ නායයැමේ අවදානමක් හේතුවෙන් දිඹුල යුනිෆිල්ඩ් වතුයායේ වතු පවුල් 19ක් ඉවත් කර ආරක්ෂිත ස්ථානයකට යොමු කිරීමට දිඹුල පොලිසිය කටයුතු කර තිබේ. 30 May 2017
දකුණේ ගංවතුර - උතුරේ නියගය උතුරු පළාතට මාස කිහිපයක සිට වර්ෂාව නොලැබීමත් සමඟ පවතින නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 130,243ක පුද්ගලයින් 440,531 දෙනකු ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව එම පළාතේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 30 May 2017
උතුරේ අපරාධ ගැන සොයන්නැයි මහ ඇමැති කියයි උතුරු පළාතේ සිදුවන අපරාධයන්හි නියම වරදකරුවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් රටේ බහුතර ජනතාව දෙමළ ජනතාව කෙරෙහි සැකයක් උපදින බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා කියයි. 30 May 2017
රොටුඹ කන්දේ පිරිස ඉවත් කරයි ගංවතුර බැස යද්දී වසංගත රෝග පැතිර යාමේ අවදානමක් ඇති බැවින් ප්‍රවේශම් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි. ජලයෙන් යට වූ ළිං වතුර බැස ගිය පසු පිරිසිදු කර ගත යුතු බව ද එම අංශ පවසයි. 30 May 2017
රත්නපුර පොත්ගුල් කන්දෙන් 45ක් ඉවත් කෙරෙති රත්නපුර පොත්ගුල් කන්දේ නායයෑමේ අවධානමක් නිසා නිකගහ කොළඹ යායේ පවුල් 20ක පමණ පොද්ගලයෝ 45 දෙනෙක් ඉවත් කරනු ලැබූහ. 29 May 2017
මාර්ග රැසක ගමනාගමනය තවමත් අඩාලයි ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ප්‍රධාන මාර්ග කිහිපයක් තවමත් වසා දමා ඇත. මේ අතර ජල මට්ටම පහත බැස ඇති පෙදෙස් වල වසා දමා තිබූ ඇතැම් මාර්ග මේ වනවිට ගමනාගමනය සඳහා යළි විවෘත කර ඇත. 29 May 2017
බද්දේගම ජල කාන්දුවට වැලිකොට්ට බැම්මක් බද්දේගම නගරයේ ක්‍රිස්තුදේව විද්‍යාලයය අසල වේල්ලෙන් ජලය කාන්දු වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් පසුගියවර පැලැස්තර විසඳුම් යෙදුව නිසා මෙවරද එලෙසම ජලය කාන්දු වූ බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති. 29 May 2017
ඉන්දියාවෙන් ආ වෛද්‍යවරු ප්‍රතිකාර අරඹති ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ශර්දුල්’ නෞකාවේ පැමිණි වෛද්‍ය කණ්ඩායම මගින් ආපදාවන්ට ලක් වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු වල නිරත වෙමින් සිටී. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් බුලත්සිංහල දියකඩුව පාසලේ දී අද (29) පවත්වන ලදි. 29 May 2017
මෝරා‘ ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක් ගිලගැනීමට සැරසෙයි බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම කොටසේ ඇති වී තිබෙන දැඩි අවපීඩන තත්ත්වය හේතුවෙන් නිර්මාණය වී තිබෙන ‘මෝරා’ සුළි කුණාටුවෙන් ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකට, බංග්ලාදේශයට හා මියන්මාරයට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ විද්‍යා වාර්තා සඳහන් කරයි. 29 May 2017
ශ්‍රී ලංකාවට සහය දෙන්න ප්‍රධාන රටවල් තුනක් එයි මේ දිනවල දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ලොව ප්‍රධාන පෙළේ රටවල් තුනක් වන ඇමරිකාව,ජපානය සහ එංගලන්තය ඉදිරිපත් වී ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. 29 May 2017
උතුරු නැගෙනහිර හැර වෙනත් පළාතක උසාවියක් ඉල්ලයි යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය උතුරු හා නැගෙනහිර පළාත් හැර වෙනත් පළාතක ඕනෑම අධිකරණයකට මාරු කරන්නැයි ඉල්ලා ඊට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් නිලධාරීන් ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීම ලබන ජූලි 30 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (29)තීන්දු කළේය. 29 May 2017
ආනන්ද වෙඩිසිංහ සමුගනී නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගයේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ (ශල්‍ය) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ අද (29 වැනිදා) සිය දිවියෙන් සමුගත්තේය. ඔහු සිවුදරු පියෙකි. 29 May 2017
ආපදා බලන්න ආ හයක් මරු තුරුලට ගංවතුර සහ නායයාම් ඇතුලූ ආපදාවන් සහිත ප්‍රදේශ නැරඹීම සදහා පැමිණි පිටස්තර පුද්ගලයින් හය දෙනකු ගතවු දින කිහිපය තුළ මියගොස් තවත් 16 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත ජයකොඩි මහතා පවසයි. 29 May 2017
පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට නිවාඩු අනුමත කෙරෙයි ගං වතුර හා නායයෑම් සිදුවූ ප්‍රදේශවල පීඩාවට පත්ව සිටින රාජ්‍ය සේවකයින්ට අවශ්‍ය නිවාඩු අනුමත කර දී සහන සැලසීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියයි. 29 May 2017
උමා ඔය ජල ව්‍යෘපෘති ජූලි 30ට පෙර අවසන් කරන්නැයි උපදෙස් උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් අගතියට පත්වූ ජනතාවගේ පානීය ජල අර්බුදයට විසඳුමක් ලෙස කරන ලද පානීය ජල සැපයීමේ ව්‍යාපෘති ලබන ජූලි 30 වැනි දිනට පෙර අවසන් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයට අද(29) උපදෙස් දුන්නේය. 29 May 2017
හල්පාතොට පාලම අවදානම් කලාපයක් වෙයි ගංවතුර නිසා කඩා දැමීමට තිරණය කර පසුව අවලංගු කළ හල්පාතොට පැරණි පාලම බ්‍රිතාන්‍ය යුගයේ ඉදි කළ ඓතිහාසික වටිනාකමක් ඇති පාලමක් බව ප්‍රදේශවාසීහු කියති. බද්දේගම නගරයට මීටර් 600ක් පමණ දුරින් මෙම පාලම පිහිටා තිබේ. 29 May 2017
අවතැන්වූවන්ගේ හිඟ විදුලි බිල්පත් ගෙවන්න මාස හයක් ගංවතුර හා නායයෑම් හේතුවෙන් විපතට පත්වූවන්ට හිඟ විදුලි බිල්පත් ඇත්නම් ඒවා ගෙවීමට මාස 06ක සහන කාලයක් ලබාදෙන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 29 May 2017
වාසුගේ පෙත්සම ජූනි 14 වැනිදාට කල් යයි හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ගොනු කර තිබෙන පෙත්සම සලකා බැලීම ලබන ජුනි 14 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29)තීන්දු කළේය. 29 May 2017
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026