තමාට ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඉල්ලා තිබේ.
අමාත්‍යවරයකු ලෙස හිදිමින් සිදුකළ ප්‍රකාශයන්ට සමාව ඉල්ලා ඇති විජයදාස රාජපක්ෂ මහතා තමාව අමාත්‍ය ධුරයෙන් අස් නොකරන ලෙසත් ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙසත් ජනාධිපතිවරයගෙන් ඉල්ලා ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඉතා ඉක්මණින් සිය අමාත්‍ය ධුයෙන් ඉල්ලා අස්වන බවත් ඒ සඳහා යම් කාලයක් ලබාදෙන ලෙස එමෙන්ම එතෙක් නව අමාත්‍ය ධූර පත්කිරීම සිදුනොකරන ලෙසද විජයදාස මහතා ජනාධිපතිවරයාට පවසා තිබේ.
පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර එකගතාවයෙන් විජයදාස මහතාගේ ඉල්ලිමට අවසරදී ඇත.
ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා අද(23) දිනයේදී සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතුවේ කියපු විදියට වරාය අරගෙනම නවතියි කියා සද්දේ විතරයිනේ
එහෙනම් තවත් එක ජවනිකාවක් ඉවර වුණා. ඊගාවට කවුද?
මොකක් ද මේකියලා තියෙන්නේ කියලා තේරෙන්නෑ . කල් ඉල්ලා තියෙන්නේ පැය ගානකට ද
ආආආ මේ මොකද මෙය බයවෙලා වගේ . මහා ලොකුකන් කිවුව නේද. මම කාගෙන්වත් සමව ඉල්ලන්නේ නෑ. මම වරදක් කිවුවේ නෑ. මම කාටවත් බයවෙන්නේ නෑ. දැන් මේ මොකද ඉල්ලලා අස්වෙන්න කල් ඉල්ලන්නේ. කොන්ද කොහෙද මහත්තයෝ ඔයාගේ තියෙන්නේ. රටේ මිනිස්සු පිස්සෝ මෝඩයෝ කියලද හිතාගෙන ඉන්නේ. ඔබල වගේ ඔය 225 ඇතුලේ ඉන්න දේශද්‍රෝහී අය නිසා තම අපේ රට කාලකන්නි වෙන්නේ.
ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙස ඉල්ලීම මොනතරම් විහිලුවක්ද?
ඇවන්ගාඩ්ගෙ සල්ලි වලින් ඇමරිකාවෙ ටුවර් ගියපුව ඒවටත් සමාව ඉල්ලනවද?
" අමාත්‍යවරයකු ලෙස හිදිමින් සිදුකළ ප්‍රකාශයන්ට සමාව ඉල්ලා ඇති විජයදාස රාජපක්ෂ මහතා " මේක ඇත්ත නම් මෙයා කතාකලේ හිතට එකඟව කියල මෙතන කියපු අය ගැන දුක හිතෙනව.
කල් දෙන්න එපා. ඊයෙම ගෙදර යවන්න. මිනීමරුවන්ට, රටේ ධනය හොරාකාපු අයට රැකවරණය දුන්නු අධිකරණ ඇමතිව ගෙදර නෙවෙයි හිරේ යවන්න ඕනේ.
හැම සිංහයගෙම සිංහ කම තියෙන්නේ බලය තියනකන් විතරයි.
බැන්ද ...වෙස් මුහුණු .ගැල වේවි ඇත්ත ඉදිරියේ ඔන්න බබෝ බිල්ලෝ අපි අල්ල ගනිමු හොල්ලලා යන්න නොදි දුවලා අපි අල්ල ගනිමු හොල්ලලා...//
කල් දෙන්න නම් එපා. එක විහිළුවක්. අවුරුදු 2ක් තිස්සේ බලාගෙන හිටිය යහපාලනය දුන්නු පොරොන්දු ඉටුකරන්කන්.එත් තාම නෑ. සිදුවන හැම දෙයක් නිසාම ආණ්ඩුවක් තියනවද කියල හිතෙනවා. බස් එක පරක්කු වුනත් මිනුස්සු උත්ගෝෂණ කරන තැනට පත්වෙලා. මිනිස්සු නීතිය අතට ගන්න පෙළඹිලා. එකට හේතුව රාජ්‍ය කළමනාකරණයේ දුර්වලතා. පොල්ගෙඩි කීපයක් හොරකන්කරා කියලා දරුවෙක් නීතිය හමුවට ගෙනාවා මතක ඇති. ඒ ක්‍රියාත්මක වුනු නීතිය මහා හොරුන්ට නැත්ද?. රනිල් මහත්තයා මොනතරන් උගතෙක් වුනත් ඇමති මණ්ඩලය තේරීමේදී දුර්වලයි එකේ දෙකක් නෑ. විදේශ ඇමති අස් වුනා. නැවත ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යංශයට. ඇමති මණ්ඩලය පාලනය කරගන්න ඇති නොහැකියාව නේද ඒ? දැන්වත් රෑ වැටුන වලේ දවල් වැටෙන්න එපා. නැත්නම් ඒවාට චන්දෙදි උත්තර හම්බු වෙයි.
විජේදාස මහත්තයෝ නීතිපති දෙපාර්තමේන්තුවට බලකරන්න කාටවත් බැරි බව ඔබ උජාරුවෙන් කියනකොට තේරුනේ නැතිද ඇමතිවරයා වශයෙන් එහි කාර්යක්ෂමතාවය ඉහලනන්වන එක ඔබගේ වගකීම නේද. එ්ක කලේ නැත්තෙ යාළුවන්ට ගැලවෙන්න රිංගල යන්න වෙලාව අරන් දෙන්න කියන කරණය දැන් අපිට පැහැදිලියි.
පුදුම කලකිරීමක් තමයි මේකේ කමෙන්ට්ස් දාන සමහරු ගැන තියෙන්නේ. රවී කොටුකරගන්නත් හේතු වුනේ විජේදාස කෙලින් හිටපු නිසා කියල කාටවත් හිතෙන්නේ නැද්ද. අනික දැන් රවීගේ හිත හැදුවේ නැත්නම් රවී වැමරුවොත් තව කී දෙනෙක්ගේ නම් එලියට එන්න ඉඩ තියෙනවා. රවිටත් ඉහලින් තව ලොක්කෙක් ඉන්නවනේ. එයාගේ ආශීර්වාදය නැතුව රවිට ඕව ලේසියෙන් කරන්න බැනේ. ඒ හින්ද දැන් රවිව සතුටු කරන්නත් එපැය. ඒ මදිවට තව කළුතර පැත්තේ මේ දවස්වල විජේදාස එලවන්න වැඩියෙන් කෑගහන එක්කෙනෙක් ඉන්නවනේ. එයාගේ කිල්ලොටයේත් හුණු තියෙනවා කියල ආරන්චිනේ. ඔයවගේ පලිය තමා මේ දවස්වල විජේදාසගෙන් ගන්නේ.
කොල්ලො කාලේ අපි අපේ ගමේ ගෙවල්වල ඉන්න ගෙම්බො දැක්කහම අපි උන්ට පයින් ගහනවා මිදුලට විසිවෙන්න. යකෝ, මුන් වැටිච්ච තැන ඉඳන් ආයෙත් ගේ දිහා බලා ගෙන ඉන්නවනේ. ආයේ එනකොට ආයෙත් විසිකරනවා. කෝ, වැඩක් නෑ.
විජේදාස තුමනි මේ බොරු රගපැම් මොකද? රටම් කියන්නේ වහාම ඉල්ලා අස්වෙන්න කියල. මල්කොල්ල කරුවන්,මිනීමරුවන්,රජ්‍ය දේපල හොරාකාපු එවුන්,අවන්ගර්ඩ් එකෙන් ඩොලර් කොටිගනම් හොරාකාපු එවුන් ආරක්ෂා කලේ ඔබ බව මුළු රටම දන්නවා.
අපි මේ දිහා බල බලා කාලය ගෙවන වා. රට එකතැන
කල් ඉල්ලන්නේ ජනතාවට සේවය කරන්න නෙවෙයි. ලිපිගොනු ගැන අවශ්‍ය කටයුතු කරන්න වෙන්න ඇති.
කල් ඉල්ලුවේ තමන්ට සහ දුෂණ චෝදනා ඇති, රාජපක්ෂවරුන්ට අවශ්‍ය විදිහට අමාත්‍යාංශය තුල වාතාවරණය හදන්න වෙන්නැති. වැරැද්දක් කළා කියල ඔප්පු වුණු නිසානේ අයින් කරන්න තීරණය කලේ. ඉතින් මොකටද තව කාලයක්..? මහෙවුන්ගේ ඔළුගෙඩි හෝන්දු මාන්දු වෙලාද..? මෝඩකම් ඔය දෙන්න අතරේම තියාගන්න. රට හිනස්සන්න එපා. ඩීල්දාස ජාතියේ මහලොකු වීරයෙක් වගේ කයිය ගහලා, දැන් සමාව ගත්තලු. අනේ මුන්ගෙත් හිතළු. කෝ අර කැකිරාවේ බණ්ඩාර ගොයියා..?
සිංහයා නරියෙක් වුනා..
ඇමතිවරු නෙරපාහරිනහැටි මහින්ද මහතාගෙන් ඉගෙනගන්න. එකවර තුන්දෙනෙක් එලවාදම්ම .
වැඩිය ගණන් ගන්න එපා . මුට්ටිය දාල බලන්න හිතුන දෙයියනේ .!
"අමාත්‍යවරයකු ලෙස හිදිමින් සිදුකළ ප්‍රකාශයන්ට සමාව ඉල්ලා ඇති විජයදාස රාජපක්ෂ මහතා".... පවු අනේ.... පවු අනේ.... පවු අනේ.... පවු.... දැන් ඉතින් 2020 වෙනකන් ඉන්න ඔව්නේ නේ... ඉස්සරහට බලමු ඇවන්ට් ගාර්ඩ් නඩුවට සේවා දායකයා වෙනුවෙන් කතාකරන්න එනකොට...
අමාත්‍යවරයකු ලෙස හිදිමින් සිදුකළ ප්‍රකාශයන්ට සමාව ඉල්ලනවනං, ධීල් දාස කියල කිව්වෙක වරදක් නොවේ. මෙයා කලින් අවංක ආදර්ශමත් චරිතයක්. හොරුන් වෙනුවෙන් පෙනීසිටිය නිසා, අද මෙයාට වෙච්ච දේ, කාට කාටත් පාධමක්.
මෙම තීරණය ගන්න තරම් කොන්දක් තිබුණු පසු පෙළේ ජනතා සේවකයින්ට අපේ ස්තුතිය පළකර සිටිමු ..
රාජපක්ෂ හොරුන්ගේ ලනු කාල කාපු පරිප්පුවට ගෙහෙනියගෙන් මෙයාට විසුමක් නෙහෙලු . එකලු කකුල් වෙව්ලන්නේ .ඇයි ඉතින් නිකන් ලෙබෙන වරප්‍රසාද නෙතිව යනකොට එන වේදනාව කොහොම උහුලන්නද
කල් ඉල්ලන්නේ පස්සේ නඩු කියන්න පරණ පයිල් වල පොටෝ කොපි ගහගෙන යන්න නේද?