(මහින්ද නිශ්ශංක)
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ යාන්ත්‍රික ඉංජිනේරුවකු වන එස්.මහානාම අබේවික්‍රම මහතා කැබිනට් මණ්ඩලය මගින් පත්කර ඇත.
ලබන 26 වැනිදා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සිය ධූරයේ වැඩබාර ගැනීමට නියමිතය. ඒ මහතා දැනට අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරයි.
මේ අතර දැනට සිටින දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා ලබන 24 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථමයෙන්ම මම ඔබතුමාට සුබ පතනවා. දුම්රිය සේවය දියුණු කරන්න ශක්තිය ලැබෙවා කියා. මගේ දුම්රිය ගමන් අත්දැකීම් වලින් ලබාගත් පහත සදහන් කරුණු ගැන ඔබතුමාගේ අවධානය යොමුවෙනවා නම් ඉතාමත් වටිනවා. 1. අධික ඉල්ලුමක් සමහර ගමනාන්ත සඳහා තියෙනවා උදාහරණ ලෙස : - උඩරට දුම්රිය, දුම්රිය අඩුනම්, කාර්යක්ෂම සහ හොඳ කළමණාකාරිත්වයකින් කටයුතු කර ඉතාමත් ඉල්ලුමක් ඇති අවස්ථාවල අවශ්‍ය පරිදි දුම්රිය යෙදවීම. එමගින් ආදායම වැඩිකර ගත හැක. 2. දුර ගමන් දුම්රිය සඳහා ප්‍රධාන දුම්රිය කිහිපයකදී වැසිකිළි පිරිසිදු කරන කණ්ඩායම් කිහිපයක් යොදවා දුම්රිය වැසිකිළි පවිත්‍ර කිරීම. (දැනට පවතින තත්වය පිළිබඳ ඔබතුමාට පැහැදිලි කිරීමට අවශ්‍ය නැති මව දනිමි) 3. දුම්රිය ගමනාන්තයෙන් පසු සියලු ජනෙල් දොරවල් වසා තැබීමට අදාල ස්ථානාධිපතිවරුන්ට දැන්වීම. (මගීන්ට සිදුවන මදුරු කරදර, ආසන වල ජලය රැඳීම වැනි දේවල් වැලැක්වීම සදහා) 4. වර්තමාන ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගාස්තුවලට වඩා හොඳ සේවාවක් නිසා ඒ සඳහා යම්කිසි මුදලක් වැඩිකලද ලොකු ගැටළුවක් නොවන බව විශ්වාසයි. 5.දුම්රිය ගමනේදී මීලඟට නවත්වන දුම්රිය ස්ථානයන් ගැන දැනුවත් කිරීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් සකස් කරන්න.
සුබපතනවා..
ඔබට සුබ පතනවා, දුම්රියේ අදායම වැඩිකර ගැනීමට යම් අදහසක් දීමට කැමතියි, 1. ලොකු ඉල්ලුමක් තියෙන අවස්ථාවලදී වැඩිපුර දුම්රිය ඒ සදහා යොමු කරන්න 2.මගීන්ගේ පහසුව වැඩි කරන්න. විශේෂයෙන් වැසිකිලි පිරිසිදු කිරීමේ කටයුතු දිගු දුම්රිය ගමනකදී ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයකදී කන්න. 3. යම්කිසි සාධාරණ මුදලක් වැඩිකලත් හොද සේවාවක් සමග ජනතාව කැමති වෙයි. 4.ගමනාන්තයේදී දුම්රිය ජනෙල් දොරවල් වසා තැබීමට බලධාරීන්ට දන්වන්න. ( මදුරු කරදර වලින් මිදීම, ආසන වලට වැස්සෙන් බාධා වීම වැලැක්වීම ) 5. මීලග දුම්රිය ස්ථානය පිළිබද , එය ආසන්න වනවාත් සමග දැන්වීම සදහා ඉතාම අඩු වියදමකින් කල හැකි ස්පීකර්ස් සැම මැදිරියකම සවිකර මගීන්ට දැනුම් දෙන්න. 6. දුම්රිය රියදුරුට ජංගම දුරකතනයක් ලබාදීම මගින් සංඥා ගැටළු සාර්ථකව විසදා ගත හැක. . 7. ගමන් කිරීමේදී දොරගුළු දැමීම අනිවාර්ය කරන්න.
උපාලි ඔයාගේ අදහස් සමග මම සම්පූර්ණයෙන් එකඟයි..