(තරිඳු ජයවර්ධන සහ ඩයනා උදයංගනී)
අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය.
ජනපතිවරයා විසින් විජයදාස මහතා අද උදෑසන මෙලෙස ඉවත් කරනු ලැබ ඇත.
විජයදාස මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් තිබූ අතර ඒ මහතා පිළිබඳ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැසවීමේ දී ඒකමතිකව යෝජනාවක් සම්මත විය.
ඒ අනුව ඔහුට සඳුදා(21) වන තෙක් ඉල්ලා අස්වීමට කාලය ලබාදුන් අතර විජයදාස මහතා ඉල්ලා අස් නොවීය.
ඉන්පසු විජයදාස මහතා එම ධුර දෙකින්ම අස් කරන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දෙනු ලැබීය.
අවසන් වරට ජනාධිපති බලතල භාවිත කර ඇමතිවරුන් අස්කරනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.
ඒ අවස්ථාවේ ඉවත් කරනු ලැබුවේ මංගල සමරවීර,අනුර බණ්ඩාරනායක සහ ශ්‍රීපති සූරිය ආරච්චි යන මහත්වරුය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලෙන්න එපා ,,ඔබ යම් වරදක් කර ඇත්නම් පසු තැවෙන්න ,,නමුත් ජාතික දේපොළ වෙනුවෙන් කල හැමදේම අප අගය කරනවා ,,,යහපාලනයට අපි චන්දෙ දුන්න නමුත් රට විකුනන්න කව්රුත් චන්දෙ දුන්නේ නෑ ,,,,ස්භාවධර්මය මෙයාලට පැය 24 යන්න කලින් දඩුවම් දෙන්න ඕනේ
මේක කරන්න තිබුනේ මීට කලින්. දැන් තමයි හොරු ටික අල්ලන්න පුළුවන් වෙන්නේ. මොලේ තියනවනම් තේරෙනවා මහින්ද විජේදාස ව රකින්න ඕන කියල කියන්නේ ඩීල් එකක් තියන නිසා කියල.
ජනපති හොඳයි . ස්තුතිය.
විජේදාස විශ්වාස නෑ, රවී විශ්වාසයි!
මේ වගේ දෙපත් නයි එලවූ ඔබතුමාට ස්තුතියි....යහපාලනයට ජය වේවා..
මැතිදුනි ඔබ වීරයෙකි. පැරදුනේ ජාතියයි. දිනුවේ හොරු සහ එන්. ජී. ඔ. නඩයයි ආණ්ඩුවේ අවසානයේ අරබුමයි.
කැබිනට් තීරණ වලට එකඟ වෙන්න බැරිනම් ඇමති කම් වලින් ඉල්ලා අස්වෙලා කැබිනට් තීන්දු විවේචනය කල යුතුයි . එසේ නොකර ප්‍රසිද්ධියේ කැබිනට් තීරණ විවේචනය කිරීමත්, ඉන්පසු ඉල්ලා අස් නොවී සිටීමත්, තමන්ව අස් කරන තැනටම කටයුතු සිදු කිරීමත් අහඹුවක් නොවේ . කෙසේ නමුත් රාජ්‍ය සේවකයින් ගස් බැඳපු ඇමැතිවරුත් යහතින් හිටපු යුගයක සිටි අපේ රටට මෙවැනි දේවල් මැජික් වගේ පෙනේවි .
අඟේ ඉඳන් කන කනවා කියන එකට නියම උදාහරණයක්. ඉවත් කරන්න තිබුනේ මෙයට කලිනුයි.
සුරාජ් රවී පව් එයා බබා නේද.
මෙය යහපාලනයේ සත්‍ය තත්වය රටට දැනෙන හොඳම අවස්ථාවක්
අදින් පසු යහපාලන ආණ්ඩුවේ ගරාවැටීම ආරම්භ වූ බවත්. මෙම සිදුවීම එහි අරම්භක සංකේතය බවත් වටහාගන්න. විජේදස අදිකරණ ඇමති ඉවත්කලත් ජනතාව ඔහුව නිසි තැනට නිසි වෙලාවට පත්කරනවමයි , එවිට හොරුන්ට දඩුවම් දෙන විදිහ ලෝකයටම දැක ගත හැක .
දැන් ඉතින් එන ජන්දේ එජාපය දිනන්නේ 80% කට වැඩි බලයක් අරගෙන.
මේ ගැහැවුවේ මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සහ අපේ උරුමය වෙනුවෙන් නොබියව කතාකරපු, නියම සිංහල නායකයෙකුට. මේ රුකඩ ආණ්ඩුව තව ටික දවසයි.
මෙයයි අප යහපාලන රජයකින් බලාපොරොත්තු වෙන්නේ. එදා මහින්ද, මංගල, අනුර සහ ශ්‍රීපතිව අස්කරේ දේශපාලන පලිගැනීමට. මෙය කිසිසේත්ම එවෙනි අරමුණකින් නොකරපු දුර දිග බලල ගත්ත තීරණයක් බව අපට තව මාස කිහිපයකින්ම තේරුම් යාවි. එතකොට ඔය කෑගහන අයට තේරේවි මොකක්ද යතාර්ථය කියල. කියමනක් තියෙනවාන, මොලේ තියෙනකොට බලේ නැහැ, බලේ තියෙනකොට මොලේ නැහැ කියල. ඔන්න ඕකයි මහින්ද මහත්තයට වුණේ..
ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක වගේම මේ සිද්දීයේදීත් පැහැදිලි වන්නේ , එක්සත් ජාතික පක්ෂයේ උගතුන්ට සහ දේශ හිතය්ශින්ට අවස්ථාවක් නැති බවයි ...එමෙන්ම මේ රටේ කෙලින් කතා කරන , රට වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුටත් අවස්ථාවක් නැති බවයි ... රට විනාශ කරන , ජාතික සම්පත්, ගංගා, ඇලදොළ , ආකාස වනභූමි විනාශ කරන අයට කිසි ප්‍රශ්නයක් නැති බවයි ....
හොරු සහ බයේ සැඟවී සිටින මිනීමරුවන් අල්ලා රටට අයවිය යුතු මුදල් ඉක්මනින් ලබාගැනීමේ යාන්ත්‍රනය ක්‍රියාත්මක කල හැකි කෙනෙක්ට අධිකරණ ඇමති ධුරය දෙන්න.
උපාලි ඔබ හරි. පොලිස් කණ්ඩායම් හතරක් යොදා අල්ලන්න බැරි වුනු ඝානසරව හංගල තැබූ අදිකරණ ඇමති තුමාට දෛය්වය විසින් දුන් දඬුවම
මේක කරන්න තිබුනේ මීට කලින්. දැන් තමයි හොරු ටික අල්ලන්න පුළුවන් වෙන්නේ. මොලේ තියනවනම් තේරෙනවා මහින්ද විජේදාස ව රකින්න ඕන කියල කියන්නේ ඩීල් එකක් තියන නිසා කියල. මේ වගේ දෙපත් නයි එලවූ ඔබතුමාට ස්තුතියි....යහපාලනයට ජය වේවා..
මෙතන තියෙන ප්‍රතිචාර දැක්කම තේරෙනවා අපේ මිනිස්සු කොච්ච්චාරට වහල් මනසිකත්වෙකද ඉන්නේ කියල. මේ හැමෝම ඩීල් දාසල තම, අපිට පෙන්න පක්ෂ දෙකකට බෙදිලා රගපෙෑවට. ඔය කාටවත් මේ රට රකින්නවත්, ආරක්ෂා කරන්නවත් ඕනි නෑ.
තමන්ගේ අයතීන් වෙනුවෙන් කතා කල අය නයි වගේ පෙනෙන්නේ මුගටින් ටය
ඇවන්ගාර්ඩ් ගේ බොඩි ගාඩ් ගිලෙන නැවට තල්ලු කල සේක !.
විජයදාස මහතා හරිද, වැරදිද කියල අපි දන්නේ නැහැ, හොරු අල්ලන් නැත්තේ ඇයි කියල ඇහැව්වම ඔහු කෙලින් උත්තරයක් දුන්නේ නැහැ,වරාය ගිවිසුම අත්සන් කලාට පසු විරුද්ද වෙලා වැඩක් නැහැ,(වරාය ගිවිසුම මගින් රටට වුනු පාඩුව වෙනම කතාවක්) අපට පෙනෙන දෙයනම් ඔහුට පක්ෂය තුලින් එන විරෝදය නිසා, මෙවැනි කතාවක් රට තුල පතුරුවා ජනතාව මුලා කරන බවයි.
දේසපාලකයන්ට චෝදනා තියෙනවනම් ඉල්ලා අස්වෙන්න ඕනෙ නැත්තම් අස්කරන එක තමා හොඳ. සියලුම දේසපාලකයන් තමන්ට ඇති සියලුම චෝදනා ඉතාඉක්මනින් විබාගකරගත යූතුය. ඒහෙම නැතිව ඊලඟ චන්දෙට එන්නේ නැතිව ඉන්න ඕනෙ. මොකද මෙයාල අපි යවන්නෙ නීති හදන තැනටනේ.
ඔබ තුමා බුද්දාගමට ලැදිව වැඩ කිරීමේ ප්‍රතිවිපාක. කෙසේවතත් ඔබට ජය. මේ ආණ්ඩුවේ අවසානයේ ඇරබුමය්
දැන් ඉතින් හොරු අල්ල්ලඊ සුටුස් ගාල, හොරු රකින ආණ්ඩුව මහා බැංකු හොරු
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රස්නයක් අසමි, නිවැරදි පිළිතුරට යටින් ඉරක් අදින්න * හර්ධ ශාක්ෂියට අනුව කතාකිරීම යනු 1. ඩීල් දැමීමද 2. හොරාද 3. ගොත්රිකයද 4. යහපත් මිනිසාද
ජනපති, අගමැති අගේ කරමු. කුණු ප්‍රශ්නයට කාබනික පොහාර දෙන කසල කළමනා ක්‍රමය කෙරීම අගේ කරමු. යහපාලනය හොඳ වගේ පෙනේ. නමුත් පක්ෂ බෙහෙදයෙන් තොරව නඩු අසා වංචනිකයින් හිරේ යවන තුරු අපි බලා සිටිමු. මේවගේ සයිටම් ප්‍රශ්නය විසදන්න. ප්‍රමිතිය දල වසයෙන් හෝ හදා එම ආයතනය පුත්ගලිකද? කොටස් වෙළෙඳ පොළ ද? රජයේද? කියා ගැසට් කර ප්‍රශ්නය ඉක්මනින් අවසන් කරන්න. කැලේ අලි ගසා මිනිසුන් මැරීම නවතන්න අලි එක තැනකට දමන්න. රෑට රියදුරු නිදාගෙන ගොස් අනතුරු වැඩිවීම සහ කහ දැන් සුදු ඉර මත අනතුරු වලකාලීමට උපදෙස් දැන්වීම් රජයට සල්ලි නැත්නම් රජයේ බැංකු ලවා TV ඇඩ් දමන්න.
කොහොමද අගමැතිතුමාගේ ලිච්චවි පාලනය? අර රොබට් නොක්ස් කියනවා වගේ සින්හලයව යුද්ධයෙන් පරද්දන්න බැරි උනත් රැවටීමෙන් බොරුවෙන් සහ රැවටිල්ලෙන් පැරද්දුව හැකිලුනේ, 2015 ඉදන් මේ දක්වාම අපි මේ කරන්නේ ලිච්චවි රජතුමාට රැවටෙන එක නේද?
මෙතරම් කාලයක් සර්පයා ඔඩොක්කුවේ ගෙන ගිය රනිල් යම්තම් ගැලවුන
හිටපු ජනපති දිනවන්න දරදිය ඇද්ද ප්‍රධාන බලකණු දෙකක් කිසිම හේතුවක් නැතුව නෙරපන්න පුලුවනිනම්.. ඇයි බැරි විජේදාස වගේ දෙපැත්ත කන කෙනෙක්ව නෙරපන්න.කාලයක් මහින්ද එක්ක ඉඳල unp එකට පැන්න දැන් විජේදසට පුළුවන් මහින්දලා විමල්ල එක්ක එකතු වෙලා වරයා ඇතුළු රට සම්පත් බේරගන්න සටනට උරදෙන්න.
අද මුළු රටටම උදාවෙච්ච වාසනාවන්ත කාලයකි. මේ ජාතිවාදී මිනිසුන් අස්කරපු එක හොඳයි. දැන් ඉතින් රට නියම අතට ගමන් කරාවි.. මෛත්‍රි මහතාට මගේ ස්තුතිය !!!
රවී කරුණානායක අඩු වශයෙන් කියනකොට ඉල්ලලා අස්වුණා. ඔබට ඒකවත් කරන්න තරම් හැකියාවක් තිබුනේ නැහැ. ඉතින් මොන කතාද?
සමහරු දාලා තිබෙන අදහස් අනුව පෙනීයන්නේ රට ජාතිය කවුරු කෙසේ කාල විනාශ කරල ගියත් කමක් නැත,අපට වැඩක් වෙන්නෙ පාට ,පක්ෂ ,පුද්ගල ආරක්ෂා කර ගැනීම සහ ඔවුන් නමස්කාර ,වන්දනාමාන කිරීම බවයි .අනේ මෙහෙමත් ජාතීයක්.
මේ විජේදාසව අස් කරාවගෙම, අර කුඩු ගෙනාපු ඈමතිවරුන් තව හොරකම් කරපු ඇමතිවරුන් ඉන්නවා, ඒ අයටත් පියවරක් ගන්න. රට පවා දෙන කතා කියනා ඇමතිවරු ගැනත් පියවරක් ගන්න, නෑතිනම් මේක ලොකු අසාධාරනයක්
පක්ෂ භේද මොනවා වුනත් රට ගැන ටිකක් හරි හිතන කෙනෙකුට කිසිම පක්ෂයක ඉඩක් නැති බව නම් පේනවා
වරාය ගිවිසුම අත්සන් කලාට පසු විරුද්ද වෙලා වැඩක් නැහැ. (වරාය ගිවිසුම මගින් රටට වුණු පාඩුව වෙනම කතාවක්) රාජපක්ෂ පාලනයේ පොර්ට් සිටි, සංගිලියා හොටෙල්, ඉන්දියානු ක්‍රිස් සමාගම් ඇතුළු රටේ ඉඩම් තුට්ටුවට දී කොමිස් ගහපු හොරුන්ව, ඇවන්ගාර්ඩ්, තමන්ගේ බලය පාවිච්චි කරමින් ආරකෂා කළා. ඥාණසාර හිමියන් හංගලා තැබූ ඔබතුමා ඩීල්වත් දැමීමද? මේ රට රකින්නවත්, ආරක්ෂා කරන්නවත් ඕනෑ නෑ. දිනුවේ ජාතියයි. පැරදුනේ හොරු සහ එන්. ජී. ඕ. නඩයයි . හොරු සහ මිනීමරුවන් අල්ලා රටට අයවිය යුතු මුදල් ඉක්මණින් ලබාගැනීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කල හැකි කෙනෙක්ට අධිකරණ ඇමතිධුරය දෙන්න.
ඉවත් කිරීම අතිවිශිෂ්ටයි..
විදේශගතව ඉන්නා වූ අප වැනි ලක්ෂ සංඛ්‍යාත ලක්වැසියන්ට ඔබ මාධ්‍ය සේවාව මගින් කරනු ලබනුයේ අනූපම සේවයකි. එමගින් අපේ රටේ එදිනෙදා සිදුවන සිදුවම් පිළිබඳව දැනගැනීමට ඔබ වැනි සේවාවන් තුලින් අපහට හැකිවීම අප ලද බාග්‍යයකි. දිගුකාලීනව තවත් වැජඹෙමින් ඉදිරියටම යෑමට ශක්තිය ලැබේවා!!! ඔබට ජය..!!!