(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නීති විරෝධී ලෙස බලපත්‍රයක් නොමැතිව මත් කරල් හා ගබ්සා පෙති තොගයක් ළඟ තබා ගෙන සිටි මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ ඖෂධ ශාලා හිමිකරුවකු අද(23) මාතර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක නිලධාරීන්ගේ සහාය ඇතිව අත් අඩංගුවට ගත් බව කොටවිල පොලීසිය පවසයි.
ඔහුගේ ඖෂධ අලෙවිසල් හා පල්ලිමුල්ලේ පිහිටි නිවාස පරික්ෂා කිරීමේදී මත්කුඩු කරල් 1400 ක්ද, ගබ්සා පෙති 196 ක්ද, වේදනා නාශක පෙති 15000 ක් පමණ ද, ලිංගික උත්තේජන පෙති 10000 ක් පමණ ද පොලීසිය විසින් සොයා ගනු ලැබ ඇත.
කොටවිල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදු කර ඇති අතර ඒ සදහා මිරිස්ස වෙරළාරක්ෂක බලකායේ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් හා මාතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පිරිසක් සහයෝගය ලබා දී ඇත.
සැකකාර ඖෂධ ශාලා හිමිකරු මත්කුඩු කරලක් රුපියල් පනහකට ද ලිංගික උත්තේජක පෙත්තක් රුපියල් සියයකට ද ගබ්සා පෙත්තක් රුපියල් පන්දහසකට ද අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd