තරිඳු ජයවර්ධන
යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර් විදුලි කණුවක බැඳ ප්‍රදේශවාසීන් පහර දෙද්දී ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ළමා කටයුතු රාජ්‍ය ඇමැති විජයකලා මහේෂ්වරන් මහත්මිය පොලිසියට දන්වා ඇතැයි රහස් පොලිසිය අද (22) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු මුදා හැර ඇතැයි ඇමැතිවරිය දැනගෙන ඇත්තේ ඊට පසු දින වේලනී ප්‍රාදේශීය සභාවේ පැවැති රැස්වීමකදී බව ද ස්විස්කුමාර් මුදා හැරීම පිළිබඳ පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කරුණු වාර්තා කළේය.
සැකකාර ස්විස් කුමාර් මුදා හැර ඇත්තේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාවේ බැවින් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු පවත්වාගෙන යෑමේ හැකියාවක් ඇත්දැයි සොයා බලන ලෙස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා මීට පෙර නියෝග කර තිබිණි.
ස්විස් කුමාර් නම් සැකකරු මුදා හැරීම සම්බන්ධ පැමිණිල්ල කයිට්ස් අධිකරණයේ විභාග කිරීමට හැකියාව ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද (22) කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. උප පොලිස් පරීක්ෂක ශ්‍රීජගන් විසින් ස්විස්කුමාර් අත්අඩංගුවට ගනු ලැබුවේ කයිට්ස් අධිකරණ බල සීමාවේදී බවත්, ඊට පාදක වූ විද්‍යා දැරිය ඝාතනය වී ඇත්තේ ද කයිට්ස් අධිකරණ බල සීමාවේ බවත්, එනිසා මෙම පැමිණිල්ල කයිට්ස් අධිකරණයේ විභාග කිරීමට කිසිදු බාධාවක් නැති බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.
සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් අධිකරණ නියෝගය අනුව ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. විද්‍යා දැරිය ඝාතනයෙන් පසු ප්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු මත සැකකරුවන් කිහිප දෙනකුගේ නම් මහේෂ්වරන් මහත්මිය කයිට්ස් පොලිසියට ලබා දී ඇතැයි ද, ඉන් පසු දිනක ස්විස් කුමාර් අල්ලා විදුලි කණුවක බැඳ පහර දෙද්දී ඔහුට පහර නොදී පොලිසියට බාර දෙන ලෙස දැනුම් දී ඇතැයි ද, ඒ ගැන ඇය පොලිසියට ද දැනුම් දී ඇතැයි ද රහස් පොලිසිය කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්විස්කුමාර් ඒ දිනවල ලංකාවේ හිටියෙත් නෑ. ඉදිරියේදී කියවෙනු ඇත.
ඔය ගැහැව්වේ යට. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...
එකනේ කිවේ, මෙතුමිය ස්විස්කුමර්ව අල්ලන්න කියල නියෝජ්‍ය පොලිස්පතුතුමට බලපෑම් කරල මිසක් නිදහස් කරන්න කියලම නෑ... මටනම් මේකට මතක් වෙන්නේ සියබල මල්ලේ කතාව තම. නිලධාරීන්ටත් මේවා හොද පාඩම්.
ඇමති තුමිය ඇවිත් මේ අපරාද කාරයව බේරාගෙන යන වීඩියෝ මුළු රටම දැක්ක. මෙහෙමත් ලැජ්ජාවක් නැති පොලිසියක්. තමුන් කාන්තාවක් වෙලත් ස්ත්‍රි දුෂකයෙක් වෙනුවෙන් මෙයාපෙනී සිටීම ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ත්රස්තවාදීන් ඉන්න කලේ යාපනේ හොද ආරක්ෂාවක් තිබුන කියපු කෙනානේ.
දන්වා ඇත්තේ ලිඛිතවද? වාචිකවද? අන්තිමට D.I.G. ගියා ඇතුලට. රාජ්‍ය බලය නිසා මෙයා එළියේ.
කොහොමද නිතිය නවපු ලස්සන. එතකොට අන්තර් ජාලේ තියන වීඩියෝ එකේ ඉන්නේ කවුද?
අනේ මෙහෙම රටක්
නීති නවන පොලිස්පති ඉන්න නිසා නීති නවන්න කරකවන්න දැන් හරි ලේසි .
අපේ හිට්ටන් අවුල් වෙඉ මෙයා ඇතුලට ගියොත්