( තිළිණි ද සිල්වා)
තර්ජනය කොට ව්‍යාපාරිකයෙකු ගෙන් රුපියල් මිලියන 64ක් ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ හා ව්‍යපාරිකයකුට එරෙහිව චෝදනා 15 යටතේ ගොනු කර තිබූ අධි චෝදනා නඩුව විභාග කිරීම ලබන ඔක්තෝබර් 26 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණය අද(23) තීන්දු කළේය.
මෙම අධි චෝදනා නඩුව කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා හමුවේ කැඳවිණි.
නඩුව අද සිට දින තුනක් දිගටම විභාගයට ගැනීමට නියම කර තිබු අතර විත්තිකාර පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතාට ඉදිරි දිනයන්හි පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාර සඳහා සහභාගී වීමට අත්‍යවශ්‍ය බවට පාර්ලිමේන්තු මහලේකම් විසින් නිකුත් කළ ලිපියක් සැලකිල්ල ගනිමින් කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා විසින් නඩු විභාගය මෙදින කල් තැබීමට තීන්දු කරන ලදි.
නඩු විභාගය සඳහා සූදානම්ව අධිකරණය මඟින් සාක්කිකරුවන් පනස් දෙනෙකුට සිතාසි නිකුත් කර තිබුණු අතර නඩුවේ පළමු සහ දෙවන සාක්කිකරු හැර සෙසු සියලූ සාක්කිකරුවන් හට නැවත දැන්වූ විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අවවාද කළ විනිසුරුවරයා ,එම සාක්කිකරුවන්ගේ නම් හා ස්ථිර ලිපිනයන් නම් කරන ලද පොලිස් නිලධාරියෙකු වෙත අධිකරණ පරිශ‍්‍රයේ දීම ලබා දෙන ලෙසටද නියම කළේය.
කොළොන්නාව ,මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩමක පදිංචි අනවසර පවුල් 24 ක් ඉවත් කොට එම ඉඩම ලබා දෙන බව පවසා ව්‍යාපාරිකයෙකු ගෙන රුපියල් මිලියන හැට හතරක මුදලක් තර්ජනය කරමින් ලබා ගත් බවට පාර්ලිමේන්තු මනත‍්‍රී ප‍්‍රසන්න රණතුංග ,ඔහුගේ බිරිඳ මෙරින් ස්ටෙලා රණතුංග, ව්‍යාපාරිකයකු වන හරේෂ් කුමාර් යන අයට එරෙහිව නීතිපති විසින් මෙම නඩුව පවරා තිබිණි.
නඩු විභාගය ලබන ඔක්තෝබර් 26 වැනිදා යළි කැඳවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ වංචාවක් සාමාන්‍ය පුරවැසියෙක් කළානම් අද ඒ මනුස්සයා ඉන්න තැන දන්නේ උඩ ඉන්න දෙවියො විතරයි. මං දැක්ක මෙයා ලංකාදීප පත්‍රයට ප්රජාතන්ත්රවාදයේ මුලික ලක්ෂණ කියලා ලිපියක් පල කරලා තියෙනවා. සමහරවිට එයාලගේ ප්රජාතන්ත්රවාදය මේක වෙන්න.
පාර්ලිමේන්තුව සතියකට වහලා හෝ මේ ගොල්ලන් හිරේට දැම්මොත් රටට වාසියක් වේවි.!!!
බය වෙන්න දෙයක් නැහැ. මෛත්‍රී අන්කල් ඉන්නකම් රට වලපල්ලටම දාලා තමයි මෙයාලා නිවන් යන්නේ...
මේ වගේ කම්බ දුෂිත දෙසපලුවෝ අයිමත් ඕනේ කියා ජරමර කරන එවුන්ගෙන් මම අහනවා නුඹලා කන්නේ මෙටිද කියා?