(ඩයනා උදයංගනී)
පොලිතීන් තහනම සැප්තැම්බර් 1 වැනිදා සිට ක‍්‍රියාත්මක නමුත් ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදුකිරීම ආදිය ආරම්භ වන්නේ 2018 ජනවාරි 1 වැනි දා සිට බව සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (23) පැවසීය.
මෙම තහනම ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් බලපෑමට ලක්වන නිෂ්පාදකයින්, පොලිතීන් ආශ‍්‍රිත ඇසුරුම්කරණ කර්මාන්තවල නිරත වන්නන් හා පොලිතීන් තොග වෙළදුන් පොලිතීන් සඳහා විකල්ප හඳුන්වා දී ඔවුන් එම විකල්ප වෙත යොමු කිරීම සඳහා ජනවාරි 1 වැනිදා දක්වා කාලය වෙන් කරන බව ද ඇමැතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
මෙහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ පොලිතීන් ආශ‍්‍රිත කර්මාන්තයන්හි නිරත වූවන් ක‍්‍රමානුකූලව විකල්පයන්ට යොමුකිරීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවයි.
මුදල් අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය ආදී අදාළ ආයතනවල නියෝජිතයින්ගෙන් එම කමිටුව සමන්විත බව ද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රථවාහන සදහා වෙනම පොලිස් ඒකකයක් තියෙනවා වගේම පරිසරය සදහා වෙනම පොලිස් ඒකකයක් පිහිටවන්න. පරිසරයට තර්ජනය වන ප්‍රශ්න සදහා එම ඒකකයට භාර දෙන්න පුළුවන්. නැත්නම් එම ප්‍රශ්නත් හොරු අල්ලන පොලිස්සියට ගියහම ප්‍රමාදයන් වෙනවා.
ඒක හොදයි!
මුදලාලිලා ළඟ තව බඩු ඇති
දැනට මිනිසුන් ළඟ ඇති පොලිතීන් වලට කුමක් කල යුතුද? මිනිසුන් ඒවා අනුභව කල යුතුද? ඒවා එකතු කරන්නේ කවුද?
ලෝකයේ කිසිම රටක පොලිතීන් නිෂ්පාදන කිසිවක් තහනම් නෑ. හැබැයි නිසි කසල කලමනාකරණයක් තියෙනවා. ආණ්ඩුවේ කසල කලමනාකරණයේ නොහැකියාවට නිෂ්පාදකයෝ පලිද? පොලිතීන් අපද්‍රව්‍යයක් නෙමෙයි සම්පතක්...