(රොමේෂ් මධුෂංඛ)
යාපනය උරුම්පිරායි හන්දියේදී අඟහරුවාදා (22) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයකුට තියුණු ආයුධ වලින් කපා කොටා පලා ගොස් ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයා යාපනය මහරෝහලට ඇතුළත් කළ බවත් කොපායි පොලීසිය පවසයි.
ඔහුගේ පිට ප්‍රදේශයට මැහුම් 10 ක් පමණ දමා ඇතැයි ද කියැවේ.
පහර දීම සිදු කරනු ලැබුවේ කවුරු විසින් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම පහර දීම පෞද්ගලික හේතුවක් මත සිදු වූවක් බවට පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම් මාලාව තවමත් නවත්වන්න බැරි වුනානේ. කයිවාරුකම් විතරයි ඇහෙන්නේ
මම හිතන්නේ දකුණු ඉන්දියානු චිත්රපටි අනුගමන කරනවා මේ කට්ටිය, මම නම් දකුණු ඉන්දියාවේවත් අහල නැහැ මේ වගේ දේවල්. අපේ ගොන් හරක් ඒවා අනුගමනය කරනවා මම හිතන්නේ.
අර සාත්තර බලන්න ආව කියන කට්ටියගේ වැඩක් වෙන්න ඇති?