තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක
උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය විභාගය අවසන් වීමට පෙර පිටවීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය විසින් ඊයේ (23) කොළඹ රාජකීය විද්‍යාලයයේ විභාග අපේක්ෂකයෙක් (19) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම ශිෂ්‍යයා නාරාහේන්පිට පොලිස් රෝහලේ වෛද්‍යවරයකු ලෙස කටයුතු කරන සහකාර පොලිස් අධිකාරී තනතුරක් ලැබූ පුද්ගලයකුගේ පුතකු බව ද පොලිසිය කියයි.
රහස් පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ විභාගය පැවැත්වෙන අතරතුරදී එම සිසුවාට පිළිතුරු සැපයීම වෙනුවෙන් සිසුවාගේ පියා වන වෛද්‍යවරයාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ටියුෂන් ගුරුවරයාට ලබා දී ඇති බවයි. සිසුවා විභාගය ලියන අතරතුර අති නවීන ඉලෙට්‍රෝනික උපකරණයක් ආදාරයෙන් ප්‍රශ්න පත්‍රයේ ඡායාරූපයක් සිසුවාගේ පියාට සහ ගුරුවරයාට යවා ඇතැයි ද ඊට පිළිතුරු ගුරුවරයා ලබා දී ඇතැයි ද, සිසුවා ගුරුවරයාගේ පිළිතුරු කනේ සවි කරන බ්ලූටූත් තාක්ෂණයෙන් වැඩ කරන උපකරණයකින් සිසුවා ශ්‍රවනය කර ඇතැයි ද රහස් පොලිස් ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියෙන් ඉහල වෛද්‍ය වරයෙක්ද ?
දොස්තරගෙ පුතාට අවුරුදු පහකට උසස් පෙල තහනම් කල යුතුයි. මගෙ පන්තියෙ යාලුවෙකුගෙ ලඟ පොඩි කොල කෑල්ලක් තිබිල අහුවෙලා අවුරුදු 5කට උසස් පෙල තහනම් කලා.
මේ ආදර්ශමත් පියා දොස්තර විභාගය සමත් වුනේ කොහොමද කියලා ඔක්කොටම කලින් සොයා බැලිය යුතුයි. ඔහුගේ දොස්තරකම අත් හිටුවා ඉදිරියේදී ඔය තනතුරු ගන්න උත්සහ කරන දරුවන්ට අවංකකම සහ වෘත්තීය ගරුත්වය යනු කුමක්ද කියා දැන ගැනීමට සැලැස්විය යුතුයි.
අපේ රටේ ඉහලින් ලැබෙන ආදර්ශය පහළටත් ගලායනවා. ඔක්කොම හදන්නේ බොරුවෙන් වංචාවෙන් ඉහලට යන්න.
ඔය දොස්තරලා නේද සයිටම් වහන්න කියල පෙළපාලි යන්නේ
එතකොට ඔය උපකරණය විභාග ශාලාවට ගෙනගියේ කොහොමද? පාවිච්චි කරනකොට විභාග ශාලාධිපති දැක්කේ නැද්ද? තාත්තත් දොස්තර කෙනෙක් වුනේ ඔහොමද?
මේ වෛද්‍ය වරයා සයිටම් එකේ කෙනෙක් නෙමේ වෙන්නැති. පුතා විභාගෙන් එස් තුනක් ගත්තොත් යවන්න වෙන්නෙ සයිටම්නෙ. ඒක නිසා ඒ තුනක් අරගෙන රජයේ වෛද්‍ය විද්‍යාලයකට යවන්නයි මෙහෙම කරල තියෙන්නෙ.
ඔන්න ආණ්ඩුවේ විද්‍යාලෙට යන කට්ටිය.
මෙයත් දොස්තර කෙනෙක් වෙන්න වගේ අරඅඳින්නේ .
මේ වෛද්‍යවරයාත් සෛටම් විරෝධි කෙනෙක්ද දන්නේ නැහැ.
මෙන්න බලන්නකෝ රඡයේ වෙන්ඩ දොස්තරල නිදහස් අධ්‍යාපනය විකුනන්න එපා ,පුද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කරන්න කියල අඬන්නේ ඇයි කියල. තාත්තල, පුතාල, ටියුෂන් ගුරුවරු, එකතුව ගහන ඩීල් එක කෙහොමද කියල
සිසුවාගේ පියා සයිටම් වෛද්‍යවරයෙක්ද?
අධ්‍යාපනය මුදලට විකිණුනා නම් මේ වගේ දේවල් සුළු දේවල් වේවි ඉදිරියට...
පව් අනේ! දරුවාව අර පුද්ගලික වෛද්‍ය විද්යාලෙකට දාන්න හිතාගෙන ඉන්න ඇති...
තාත්ත විභාගය ලියන කාලේ පරෙවියෝ ඇතිකරන්න ඇති මගේ හිතේ? ගුරාගේ වයස කීයද? තාත්තා විභාගේ ගන්න කාලෙත් මනුස්සයා ටියුෂන් දුන්නාලුද?
පියාගේද, ගුරුවරයාගේද, සිසුවාගේද, වරද එතකොට..? මේ අය වැරැදි නම් දඬුවම් දිය යුතුයි.
පරණ විභාග ක්‍රම දැන් හරියන්නේ නැහැ, නවීන ක්‍රම හොයාගන්න ඕනෑ.. සාධාරණ විදියට පෙනී හිඳින දක්ෂ ළමයින්ට මේකෙන් කොයිතරම් බලපෑමක් වෙනවද? අර ටියුෂන් ගුරුවරයාට පන්ති පවත්වන එකත් තහනම් කරන්න ඕනෑ...
රාජකීය වැඩක්නේ. කොහොමද රාජකීය ටිකිරි මොලේ?
රාජකීය විද්‍යාලය, පොලිස් රෝහලේ වෛද්‍ය සහකාර පොලිස් අධිකාරි, නවීන ඉලෙට්‍රෝනික උපකරණ, කනේ සවි කරන බ්ලූටූත් තාක්ෂණය, රුපියල් ලක්ෂ 10ක මුදල අපට වැදගත් නැහැ. ඒත් රටේ අනාගතය ගැන නම් බියක් හිතට දැනෙනවා.
පාසල් යන්නේ රාජකීයට! කරන්නේ නරක දේවල්. තාත්තා වැඩ කරන්නේ පොලීසියේ. තාත්තා දොස්තර වුණෙත්, සීයා මේ විදියටම වැඩ කරලාද?
ඒ ශිෂ්‍යාගේ උත්තර පත්‍රයේ උත්තරවලට ලකුණු කීයක් ලැබුණ ද කියලා පත්තරේ දැම්මා නම් හරි. දොස්තර තාත්තත් පාස් වෙන්න ඇත්තේ ඔහොම තමයි. අනේ මේ දොස්තරලා නේද අඩු ලකුණු අය සයිටම් යන එකට විරුද්ධ? එතකොට හොර ලකුණු අය කැම්පස් යන එකට මොකද?
රාජකීය වෛද්‍යවරයකු, පොලිස් අධිකාරි, සිසුවාගේ පියා , මේ ඔක්කොම සමාජයේ ඉතා වැදගත් යැයි සම්මත දේවල්.. ලැජ්ජයි නේද?
නවීන තාක්ෂණය උපකාරයෙන් අපේ රට ලබා තිබෙන දියුණුව මොනවට පැහැදිලි වෙනවා නොවේද?
ඕක ඔච්චර ලොකු දෙයක්ද කෑගහන්න තරම්?
ප්‍රමිතියක් ඇති වෛද්‍යවරුත් මේ වගේ නින්දිත වැඩ කරනවා.. තමන්ගේ කුලය රැක ගන්න.. තව කොච්චර කට්ටියක් මේවා කළාද දන්නෑ.. නවීන උපකරණ.. ගැන පරීක්ෂණ විභාග ශාලවට පිවිසෙන්න පෙරම දැන් පරික්ෂා කළ යුතු වෙනවා..මේවා කරන්නේ..මෙවැනි නින්දිත උගතුන් තමයි.. මේ අය තමන් අන්තිමට නිදහසේ ඉගෙන ගන්න අයටත් අධ්‍යාපනය විනාශ කරන්න අරගල කරන්නේ....
අපි ඒ කාලේ අල්ලේ ලියූවා... රෝල් කරපු පුස්ථක කණේ ගහගෙන විභාග ලියුවා. වැසිකිළිය හරහා බොහෝ ගණදෙනු කර ගත්තා. විභාගවලට ඇන්දේම අත්දිග කමිස හරියට මැජික් කාරයෝ වගේ කොළ කෑලි හංගාගන්න පහසු වෙන්න.
ඔක්කොටම ඉස්සෙල්ල ඔය කියන තාත්ත පොදු මහජන සේවාවලින් ඉවත් කල යුතුයි. දොස්තර බුරුවෙක්. තම දරුවන් යහමගට ගැනීම දෙමව්පියන් හා ගුරුවරුන් කල යුතු වුවත් හොරකමට පුරුදු කරන දෙමවුපියන්ට සමාජය කොහෙත්ම සැලකීමක් නොදක්වියයුතුයි
ටියුෂන් කාරයො මේ රට කනවා. සල්ලි වලට කෑදර හැත්තක්
ටියුෂන් ගුරාගේ වැඩි තණ්හාව නිසා මේ සිද්ධිය අහුවුනා. තව කි දෙනෙක් ඔය විදියට අහු නොවී කරගෙන යන්න ඇද්ද?අපරාදේ අපේ ළමයි තරගෙන් පරදිනවා.
ඔක්කම හොරු දැන් එන්නේ රෝයල් එකෙන්ද? ලොකු රෝයල් හොරු මහා බැංකුව හොරා කනවා. මද්යම හොරු ෆූට්නොටේ ගහල ගෙවල් ගන්නවා පගාව විදිහට. මේවා බලන් ඉන්න දැන් ඉස්කෝලේ ඉන්න පොඩි රෝයල් පැටව් හොර විබාග කරනවා.
ඔය වියදම් කරපු සල්ලි වලින් ලමයට කඩයක් දාල දෙන්ඩ තිබුනනෙ දියුනුවෙයන් කියල. මෙහෙම කරල විශ්වවිද්‍යාලෙ යන අය තමයි නිදහස් අද්යාපනෙ ගැන කදුලු සලන්නෙ.
කමක් නෑ.. එයත් රෝයල්.. රවී මාමත් රෝයල්..
මෙන්න රාජකීය බඩු ...
"කොළඹ රාජකීය විද්‍යාලයයේ" .. හොරු වැඩියෙන් ඉන්නේ කොහෙද? රාජපක්ෂ වරු ප්‍රදාන හොර කොට්ටාසයක්. ජොබ් වලට ගන්න විට බලන්න වාසගම සහ පාසැල. හොර වැඩ කෙරීමට දුප්පත් අය බයයි. රජයේ ආයතනවල ලොක්කන් ටෙන්ඩර වලින් හොර වැඩ එළිපිට කරනවා. යහපාලනය හොදයි. හොර එලිවනවා. හොරු රකින අයව ඇමති කමින් පහ කරනවා. නඩු කල්දමන හේතු බලන්න. ලංකාවේ ටික දෙනෙක් මුළු රටම කනවා. මෝඩ මිනිස්සු වහලුන් ලෙස සිටියි.
අනේ මෙහෙමත් තාත්තා කෙනෙක්... දරුවාගේ මුළු අනාගතේම කාලකණ්ණි කරලා ඉස්කෝලේ නමටත් ලජ්ජා කළා... දරුවා ගැන හරිම කනගාටු හිතෙනවා.