(ඩයනා උදයංගනී)
වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය සඳහා දැනට යොදාගන්නා ප‍්‍රතිපත්තිය කාලීන, සමාජ හා ආර්ථික තත්ත්වයන්ට ගැළපෙන අයුරින් වෙනස් කර නව ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
බස් සංගම් හා බස් මගී සංගම් සමඟ ද සාකච්ඡා කර නව ප්රතිපත්තියක් සකස් කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් යුත් විද්වත් මණ්ඩලයක් පත්කිරීම ඉදිරියේදී සිදුකෙරෙන බව සම කැබිනට් ප‍්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
බස් ගාස්තු සංශෝධනයේදී දැනට යොදා ගනු ලබන 2002 වසරේදී සකස් කළ ප‍්‍රතිපත්තිය වර්තමානයට නොගැළපෙන බැවින් නව ප්රතිපත්තියක් සකස් කිරීස සඳහා ප‍්‍රවාහන හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද ගයන්ත කරුණාතිලක මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයනම් ඉතාම කාලොචිතයි මගීන්ගේ කිසිදු පහසුකමක් රජය විසින් පනවන කිසිදු නීතියක් කිසිදු මායිමක් නොකර සෑම සය මසකට වරක් කරන මේ ගාස්තු ගැලපීම අහොසි කල යුතුමයි. මිල සංශෝධනයක් විය යුත්තේ මහජනයාගේ ආදායම් තත්වයට අනුව මිසක් නිර්නායක මත නොව.
මගීයා නොරැවටෙන නියමිත ගාස්තුව සඳහන් ටිකට්පතකුත් ඔහුගේ සාක්කුවේ.. ඔහුට ඉතා අගනා රුපියලේ හා දෙකේ කාසි ඉතුරු සල්ලිත් ලැබෙන ක්‍රමයක් (පිට රටවල මෙන්) ගැන සිතීමටත් කාලය හරි නේද?
අනිවාර්යන්ම සිදුවිය යුතු කාලොචිත යොජනාවක් සයමසකට වරක් බස්මුදලාලිගේ නිර්නායක මත නොව රටේ හා මගීන්ගේ අවශ්‍යතා ආර්තික තත්වයනට අනුව වූ නිර්නායක මත.