(ඩයනා උදයංගනී)
දුම්රිය මගින් පාර්සල් ප්‍රවාහනය කිරීමේදී අයකරනු ලබන ගාස්තු සියයට 50කින් ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් පාර්සල් ප්‍රවාහනය කිරීමේදී අයකරනු ලබන ගාස්තු වසර 9ක පමණ කාලයක් තිස්සේ සංශෝධනය කර නොමැතිවීමත්, සෙසු පාර්ශව විසින් පාර්සල් ප්‍රවාහනයේදී අයකරනු ලබන ගාස්තු හා සැසදීමේ දී මෙය ඉතා පහළ අගයක පැවතීමත් සැලකිල්ලට ගෙන දුම්රියෙන් පාර්සල් ප්‍රවාහනය කිරීමේ ගාස්තු නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමැතිතුමා, මේ කතාව ලියන්නේ හරිම කණගාටුවෙන්,.. මම 2016 ලංකාවට අාවට පස්සේ මම පාර්සලයක් කිලෝ 50ක කටුගස්තොට දුම්රියපොලෙන්, පොළොන්නරුවට යැවීම සඳහා බාර දුන්නා. නමුත් කියන්න කණගාටුයි, අපේ දුම්රිය සේවයේ ඉන්න හොර තක්කඩි පිරිස එය විවෘත කරලා 20,000 තරං බඩු පෙට්ටියේ බඩු හොරෙන් අරගෙන... බඩු හිමිකරු බඩුගන්න යනවිට මම නැවත විදේශ ගතවෙලා, නැත්නම් මම අපේ දුම්රියෙන් පාර්සල් නොයවන්න වැඩේ කරනවා... වගේම ගත්ත හොරුන්ටත් පාඩමක් කියා දෙනවා. මම කියන්නේ රටේ ජනතාවට මේ හොරු ඉන්නකල් පාර්සල් යවන්න එපා.. කියලයි.
ඔව්, දැන් අය කරන ගාස්තුව ප්‍රමාණවත් මදි... අනිවාර්යයෙන් සංශෝධනය විය යුතුයි.