විදුලිය අපතේ යාම වළක්වා ගැනීම සඳහා පාරිභෝගිකයන් අතර එල්ඊඩී (LED )බල්බ මිලියන 10ක් නොමිලයේ බෙදා දීමට රජය කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
2020 වර්ෂය වන විට සූර්ය ශක්තිය උපයෝගී කරගනිමින් මෙගාවොට් 440ක විදුලියක් ජාතික පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේය.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ආරම්භ කරන ලද සූර්ය බල සංග්‍රාමය යටතේ මේ දක්වා පාරිභෝගික සබඳතා 3909ක් සපයා ඇති අතර, තවත් පාරිභෝගිකයන් 2000ක් ඉල්ලුම් කර ඇති බවද අමාත්‍යවරයා පැවසුයේ අද(22දා) පාර්ලිමේන්තුවේදීය.
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය කරන්නේ රටට ආදරයටද කොමිස් මුදලටද? බල්බ මිලියනයක කොමිස් ඩොලර් වලින් කීයක් වේද ? හොඳ වැඩක් යහපත් චේතනාවෙන් කරනවානම්
බල්බ් කෝටිය... නම් ගාණක් වශයෙන් පොත්පත් වල තියේවි.. බෙදීම කෙසේ වෙතත්, ගත්තු කෙනෙකුත් නැති වෙයි, දුන්නු කෙනෙකුත් නැති වෙයි.
හොඳ දෙයක්. මේවා බෙදා හැර පරණ බල්බ් එකතු කිරීමත් කරාවි කියලා මම හිතනවා.
කෝටියක්?.. බුදු සංතෝ.. හොඳ සම්තිං එකක් වැඩ කරාවි...
ඡන්දයක් ලඟ ලඟම එන බවට පෙර නිමිති තමයි..
ඇමතිතුමනි...සූර්ය ශක්තිය විදුලිය පිළිබද ජනතාවා දැනුවත් වීම මදි...
පරිසර හිතකාමී ලෙඩ් බල්බ ප්‍රචලිත කිරීම හොඳ පියවරක්. හැබැයි යමක් නිකරුණේ බෙදල ජනතාවගෙ යැපුම් මානසිකත්වය වර්ධනය කිරීම නම් නො කළ යුතු දෙයක්. හොඳම පියවර වෙන්න වාරික වශයෙන් හරි විදුලි බිලෙන් අයකර ගැනීමේ සහන මිලකට නිකුත් කිරීමයි.
සල්ලි තියෙන උන් ටිකම ඕවා අරගනී
කටින් බතල කොළ හිටවනවා මිට කලින් බල්බ් බෙදාදෙනවා කියල කීපපාරක්ම කිව්වනේ
මේවා තම වෙන්න ඕනේ. මෙන්න මේවගේ දේවල් වලින් තම රටක් ඉදිරියට යන්න පුළුවන්. තවතවත් මේවගේ වැඩසටහන් කරලා අපේ රට ඉදිරියටම ගෙනියමු.
කවදද මේවා බෙදා දෙන්නෙ? ගෙදරකට කීයක්දෙනවාද?
සෑම විදුලි බිලකටම නියමිත ප්‍රමාණයක් ලබදෙන්න ඒවා ලබාදුන් අයගේ ගිණුම් අංක පරිගණක ගත කරන්න එහෙම නැතුව ගන්න එකා තොග ගණන් අරන් යයි
නිකන් බෙදනවට වඩා හොදයි සුළු මුදලක් අයකරගන්නා එක , නිකන් දීමෙන් එහි වටිනාකම නැතිවෙනවා සහ යැපුම් මානසිකත්වය වර්දනය වෙනවා, එවිට බලශක්ති අර්බුදයට ජනතාවගේ පැත්තෙනුත් දැනෙන දායකත්වයක් ලැබෙනවා